ජූනි 30 සිට ජූලි 06 දක්වා සතියේ ලග්න පලාපල

0
482

ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී. ඇම්. ගුණපාල මහතා විසින් ගෙන එන ජූනි මස 30 වැනිදා සිට ජූලි මස 06 වැනිදා තෙක් සතියේ ලග්න පලාපල පහතින්.

මේෂ – උත්සහායෙන් දියුණුව

ලග්නාධිපති කුජ, බුධ හතරේ ද රවි, සිකුරු, රාහු 3 ද, ශනි, කේතු 9 ද, ගුරු අටේ ද ගමන්ගනී. එම ග්‍රහ ගෝචර සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධ අවහිරතා ඇති වුව ද ක්‍රියාශීලි ගුණයෙන් ද යුතුයි. ස්වකීය උත්සාහය තුළ කිසියම් දියුණුවක් ලබයි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග වර්ධනය වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායකයි. විටෙක යම් යම් අවහිරතා ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට නිර්මාණශීලී දක්ෂතා, කුසලතා ඇත. ගුප්ත රහස් කටයුතු පර්යේෂණවලට ශුභදායක වේ. උෂ්ණාධික රෝග, ස්නායු දුර්වලතා ඇති විය හැකිය

ජය වර්ණය – රතු, අංකය – 09, දිනය – සඳුදා

වෘෂභ – වචන පාවිච්චිය පරෙස්සමෙන්

ලග්නාධිපති සිකුරු දෙවැන්නෙ රවි, රාහු සමඟයි. චන්ද්‍රයා ලග්නයේ උච්චයි. කුජ, බුධ තුන්වැන්නේය. ගුරු 7, ශනි, කේතු 8 ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකියා කටයුතුවල කලාත්මක අංශ, සංගීතය හා නර්තනය, ඒ ආශ්‍රිත කාර්මික ක්ෂේත්‍ර, ගායනය වැනි අංශවල යෙදී සිටින අයට ශුභයි. පර්යේෂණ කටයුතුවලට යහපත්ය. මිල මුදල් ලැබීම අතින් යහපත් වේ. නමුත් වියදම් පක්ෂය පාලනය කිරීම අසීරුයි. ගෙදරදොර කටයුතු යහපත් වේ. නමුත් වචන පාවිච්චියේ දී ප්‍රවේසම් විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා මතු කළ හැකිය. දරුවන්ගේ කටයුතු නම් යහපත් වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. සිය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵල ලබයි. උගුර, බෙල්ල ආශ්‍රිත රෝග, ස්නායු දුර්වලතා, මූත්‍රා දෝෂ යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය – නිල්, අංකය – 06, දිනය – සිකුරාදා

මිථුන – රැකියාවට බාධා

ලග්නාධිපති බුධ, කුජ දෙවැන්නේය. රවි, සිකුරු, රාහු ලග්නයේය. ගුරු 6 ද, ශනි, කේතු 7 සිටී. එම පිහිටීම් ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී විටින් විට බාධා අවහිරතා ප්‍රමාදතා ඉස්මතු විය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුයි. මිල මුදල් ලැබීම අතින් එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ද තරමක් කල්පනාකාරී වන්න. ස්ථානගත වෙනස්කම් පෙන්වයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. ඔවුන්ගේ කටයුතු ගැන අවධානයෙන් සිටිය යුතුයි. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා මතු කළ හැකිය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය – කොළ, අංකය – 05, දිනය – බදාදා

කටක – මුදල් ලැබේ

ලග්නාධිපති සඳු අයස්ථානයේ උච්චයි. කුජ, බුධ ලග්නයේ ද වේ. රවි, රාහු, සිකුරු 12 ද, ශනි, කේතු 6 ද වේ. එම ග්‍රහ ගෝචර ගැන සැලකීමේ දී තම කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු කරනු ඇත. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී ප්‍රවේසම් වන්න. මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. නමුත් මුදල් ඉතිරි කරගැනීම අපහසු වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් විය යුතුයි. නොඑසේ නම් සමඟියට සාමයට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. පර්යේෂණ කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, වැටීම් තැළීම් ඇති විය හැකිය.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ – ක්‍රමයෙන් යහපත්ය

ලග්නාධිපති රවි, සිකුරු, රාහු සමග අයස්ථානයේය. චන්ද්‍රයා උච්චව දහයේ ද, කුජ, බුධ 12 ද, ගුරු 4, ශනි, කේතු 5 වැන්නේ ද ගෝචරය වනු ඇත. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී යම් යම් බාධා ප්‍රමාදතා ඇතත් ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරගනු ඇත. ව්‍යාපාරික කටයතුවල දී අලුත් කටයුතු යහපත් වේ. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ආර්ථික සහ මූල්‍යමය කටයුතු යහපත්ය. දියුණුවක් ලබයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතුයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට යම් යම් පසුගාමී තත්ත්වයන් ඉස්මතු කරන නිසා උනන්දුව සහ කැපවීම අවශ්‍යයි. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත රෝග, රුධිර පීඩනය වැනි රෝගවලින් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය – රතු, අංකය – 01, දිනය – ඉරිදා

කන්‍යා – මිල මුදල් ලැබීම අතින් යහපත්

ලග්නාධිපති බුධ, කුජ 11 සිටී. රවි, රාහු, බුධ දහයේය. චන්ද්‍රයා නවයේ ද, ශනි, කේතු 4 ද වේ. එම පිහිටීම් තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. කෙසේ වුවත් ඔබ බලාපොරොත්තු වන තරමට අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීම තරමක් අසීරුයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල දී වැඩි අවධානයකින් සිටින්න. දියුණුව ලබයි. ඉගෙනීමේ කටයුතු, අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහයෙන් ජයග්‍රහණ ලබා ගත හැකිය. රුධිර පීඩනය, උදරාශ්‍රිත රෝග, ස්නායු දුර්වලතාවලින් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය – කොළ, අංකය – 05, දිනය – බදාදා

තුලා – මිශ්‍රපල

ලග්නාධිපති සිකුරු නවවැන්නේ රවි, රාහු සමග සිටී. කුජ, බුධ දහයේය. ශනි, කේතු 3 සිටී. ගුරු දෙවැන්නේය. එම ග්‍රහ පිහිටීම් තුළ මේ කාලසීමාව තුළ තරමක් අහිතකර තත්ත්වයන් උදා කරයි. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී කල්පනාකාරී වන්න. නොයෙකුත් බාධා අවහිරතා මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. උත්සාහය සහ කැපවීමෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. මිල මුදල් තත්ත්වය අතින් ශුභදායක වේ. ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ බලපෑ හැකිය.

ජය වර්ණය – නිල්, අංකය – 06, දිනය – සිකුරාදා

වෘශ්චික – වියදම් පක්ෂය ඉහළයි

ලග්නාධිපති කුජ, බුධ සමඟ භාග්‍යස්ථානයේය. ශනි, කේතු 2 ද, ගුරු ලග්නයේ ද රවි, සිකුරු අටේ ද සිටී. එම කරුණු සැලකීමේ දී ඔබේ කටයුතුවලට බාධා අවහිරතා ඉස්මතු කරනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී තරමක් ප්‍රවේසම් විය යුතුය. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. මිල මුදල් ලැබීම යහපත් වුවත් විටෙක වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී බුද්ධිමත් විය යුතුයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ප්‍රශ්න ඇති විය හැකිය. දරුවන්ගේ කටයුතුවලට කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට යහපත්ය. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝග බලපෑ හැකිය.

ජය වර්ණය – රතු, අංකය – 09, දිනය – බ්‍රහස්පතින්දා

ධනු – ඉවසීම අවශ්‍යයි

ශනි, කේතු ලග්නයේ ද, රවි, සිකුරු, රාහු 7 ද, කුජ, බුධ 8 ද සිටී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී තමාගේ කටයුතු උදෙසා බාධා අවහිරතා ඉස්මතු වේ. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සැලකිලිමත් වන්න. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී ප්‍රවේසම් වන්න. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් එතරම්ම අවහිරතා ඇති නොකළත් විටෙක වියදම් පක්ෂය ඉහළ යා හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. සමඟිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උත්සාහයෙන් සර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. අනතුරු පීඩා, මූත්‍රා දෝෂ ඇති විය හැකිය.

ජය වර්ණය – රන්වන්, අංකය – 03, දිනය – බ්‍රහස්පතින්දා

මකර – රැකියා කටයුතු සාර්ථකයි

ලග්නාධිපති ශනි, කේතු 12 සිටී. ගුරු 11 ද, රාහු, රවි, බුධ 6 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී සුළු බාධා අවහිරතා ඉස්මතු වුවත් ඒවා මැඬපවත්වාගෙන තමාගේ වෘත්තීය සහ රැකියා කටයුතු සාර්ථක කරගත හැකිය. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. විවිධ අංශයන්ට යොමු වීමෙන් වාසිදායක තත්ත්වයන් උදා කරනු ඇත. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලැබිය හැකිය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, පපුව ආශ්‍රිත රෝගවලින් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය – නිල්, අංකය – 08, දිනය – සෙනසුරාදා

කුම්භ – මුදල් නාස්ති වීම්

ලග්නාධිපති ශනි, කේතු 11 ද, ගුරු 10 ද, රවි, රාහු, සිකුරු 5 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකියා අංශවල දී තරමක් ප්‍රවේසම් වන්න. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීම තරමක් අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. වියදම් අධික වීම්, මුදල් නාස්ති වීම්වලට ඉඩ පවතී. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී වැඩකටයුතු අධික වීම තුළ ගතට මෙන්ම සිතට ද තෙහෙට්ටු ගති මතු වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලය වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ යහපත් ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝග ඇති කළ හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

මීන – ක්‍රමයෙන් ශුභයි

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේය. ශනි, කේතු 10 ද, රවි, රාහු, බුධ 4 ද ගමන් කරයි. කුජ, බුධ 5 වැන්නේය. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙන යෑමේ දී සුළු සුළු බාධා අවහිරතාවලට ඉඩ නැත්තේ ද නොවේ. උත්සාහය තුළ ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. මිල මුදල් ලැබීම තුළ යහපත් බවක් පෙන්නුව ද විටෙක වියදම් පාලනය කරගැනීම අසීරු වනු ඇත. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ඉවසීමෙන් ද, බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිපල ලැබිය හැකිය. වැටීම්, තැළීම් වැනි දේට ඉඩ පවතී.

ජය වර්ණය – රන්වන්, අංකය – 03, දිනය – බ්‍රහස්පතින්දා

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here