ලෝකයේ මිල අධිකම සුපිරි මෝටර් රථ 10 මෙන්න

0
742

ලෝකයේ නිපදවන විශාල වාහන ප්‍රමාණය අතරින් අද අපි ඔයාලට කියන්න යන්නේ 2018 වර්ෂයේ ලොකයේ මිල අධිකම මෝටර් රථ ලෙස නම් දැරූ මෝටර් රථ 10 ගැනයි.

10. Bugatti Chiron – $ 2.7 million

Bugatti Chiron

ඉතින් මේ ලිස්ට් එකේ 10 වෙනි තැන හිමිකරගෙන තියෙන්නේ Bugatti Chiron කියන මෝටර් රථය. වේයිරන් සුපිරි රථ සඳහා උරුමක්කාරයෝ වන බුගාටිලාගේ අලුත්ම මිල අධික මෝටර් රථය වෙන මෙය වර්තමාන විනිමය අනුපාතිකය අනුව ඩොලර් මිලියන 2.7 පමණ මිල නියම වෙලා තියෙන මිල අධික මෝටර් රථයක්. නිෂ්පාදකයින් විසින් ලොව ජවසම්පනම, වේගවත්ම, වගේම සුඛෝපභෝගීම සුපිරි ක්‍රීඩා මෝටර් රථයක් (sport car) ලෙස හඳුන්වනු ලබන බුගාටි රථ නිෂ්පාදනය ආරම්භ වෙන්නේ වෝක්ස් වැගන්හි හිටපු සභාපති ෆර්ඩිනන්ඩ් පීචෙක්ගේ දර්ශනයක් අනුව.

ඉතින් දැන් මෙන්න මේ බුගාටි කයිරෝන් (Bugatti Chiron) රථය වේයිරෝන් වලට වඩා වේගවත්, වඩාත් උසස් සහ බලවත් මෝටර් රථයක්. මේක ගුවන් යානා හා මෝටර් රථ ඉංජිනේරු තාක්ෂනයන් එකට එකතු වීමේ ප්‍රතිපලයක කදිම නිදසුනක් විදිහට අපිට කියන්න පුළුවන් අවස්ථාවක්. පැයට සැතපුම් 261 ක වේගයකින් ධාවනය කරන්න පුළුවන් මෙම මෝටර් රථයේ ලීටර 8.0කින් යුත් ටර්බෝ-ආරෝපිත W-16, 1500-අශ්වබල එන්ජිම ඇත්ත වශයෙන්ම Veyron ආකෘතියටත් වඩා වේගවත් වන අතර පැයට සැතපුම් 300 ඉක්මවිය හැකි බලසම්පන්න මෝටර් රථයක්. නමුත් තවමත් මෙහි උපරිම වේගය පැයට සැතපුම් 261කට සීමා කර ඇති අතර එහි සැබෑ වේගය තවමත් පරීක්ෂාවට ලක් කර නැත.

9. Pagani Huayra BC – $2.8 million

Pagani Huayra BC

Pagani Huayraට පසු ව මෙතෙක් නිපදවූ මිල අධිකම මෝටර් රථය වන මෙම මෝටර් රථය Horacio Pagani ගේ සමීප යහළුවෙක් වෙන විශාල ෆෙරාරි මෝටර් රථ එකතුවක් ඇති ප්‍රසිද්ධ ඉතලි ආයෝජකයෙක් වන Benny Caiola ට ගෞරවයක් විදිහට නම් කරපු මෝටර් රථයක්.

2016 දී ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී පලවෙනි වතාවට එළිදක්වපු මෙම මෝටර් රථයේ පුළුල් පසුපස පෙදෙසක් වගේම නව පැති පෙනුමකුත් එක්ක නවාංග බොහොමයක් එක කර තිබීම දකින්නට ලැබුන. Pagani Huayra BC රථය 6.0-liter V-12 bi-turbo අශ්ව බල 790 ක සහ 811 lb-ft ව්‍යවර්තයක් සහිත AMG එන්ජිමකින්ද, ගියර 7 ක Xtrac ගියර පද්ධතියකින්ද සමන්විත මෙම මෝටර් රථය පසුපස රෝදවලින් ධාවනය වන විදිහට සකස් කර තිබීම දකින්න පුළුවන්. ඒ වගේම මෙම Pagani Huayra BC මෝටර් රථයට කාබන් ෆයිබර් සහ අනෙකුත් සැහැල්ලු අමුද්‍රව්‍ය භාවිතා කිරීම නිසා Pagani Huayra රථයකට වඩා කිලෝ ග්රෑම් 1,218 කින් වාහනේ බර අඩු කරගන්න සමත් වෙලා තියෙනවා.

8. Ferrari Pininfarina Sergio – $3 million

Ferrari Pininfarina Sergio

අද ලිස්ට් එකේ 8 වෙනි තැන හිමිකරගෙන තියෙන ඩොලර් මිලියන 3ක් පමණ වෙන Ferrari Pininfarina Sergio මෝටර් රථය ස්පාඤ්ඤයේ පිිනෆිනා (Pininfarina) හි නිර්මාතෘගේ මියගිය පුතා සිහිවීම පිණිස 2013 වසරේදී නිර්මාණය කරනු ලැබුවක්. දැනගන්නට ලැබෙන විදිහටනම් තාමත් ෆෙරාරි සමාගම Ferrari Pininfarina Sergio රථ නිෂ්පාදනය කරලා තියෙන්නේ හයක් විතරයිලු.

ෆෙරාරි සමාගමේ Ferrari 458 Spider රථය මත පදනම්ව කාබන් ෆයිබර් රාමු වලින් නිමවා තියෙන ආසන දෙකක් සහිත මෙම රථයද ෆෙරාරි 458 මෙන් වහලයක්, දෙපස ජනෙල සහ ඉදිරිපස වින්ඩ්ස්ක්රින් එක නොමැති විවෘත මාදිලියේ සුඛෝපභෝගී මෝටර් රථයක් ලෙස හදුන්වන්න්න පුළුවන් වගේම ෆෙරාරි 458 වඩා රාත්තල් 330 ක් බරින් අඩු වීමද විශේෂයක් ලෙස දක්වන්න පුළුවන් වගේම ලීටර 4.5 F136F V-8 එන්ජිම මගින් අශ්ව බල 562 ක විශාල බලයක් සම්ප්‍රේෂණය කරන අතර මෙම රථයත් පිටුපස රෝද මගින් ධාවනය වන විදිහට තමයි නිපදවලා තියෙන්නේ. මෙම මෝටර් රථ සම්බන්දයෙන් වැදගත්ම කාරණය තමයි මෙම මෝටර් රථ නිෂ්පාදක සමගම විසින්ම තෝරාගත් හයදෙනෙකු සදහා පමණක් නිපදවා ලබා දී තිබීම.

7. Aston Martin Valkyrie – $3.2 million

Aston Martin Valkyrie

තවමත් මිලක් නියම වී නැති මෙම මෝටර් රථය විශේෂඥන්ගේ ඇස්තමේන්තු ගත කිරීම් අනුවනම් ඩොලර් මිලියන 3.2 ක් පමණ වෙයි කියලා තම කියවෙන්නේ. පරණ Aston Martin-Red Bull AM-RB 001 හි නවීකරණයක් වන මෙම රථය Aston Martin සමාගමේ නව සභාපති ඇන්ඩි පල්මර් ගේ අදහසකට අනුව නිර්මාණය වීමක්.

විශේෂ වායුගතික ක්‍රමයකට අනුව නිර්මාණය කරලා තියෙන මේ රථයේ හැඩය නිසාම අඩු බලයකින් සුළං පහර කපාගෙන වේගයෙන් ඉදිරියට ඇදෙන්න පුලවන් හැකියාවක් මේ රථයට තියෙනවා. ලීටර 6.5ක naturally- aspirated V-12 එන්ගිමකින් 1: 1 බල / බර අනුපාතයක් සහිතව බලගැන්විය හැකි ලෙස නිර්මාණය කර ඇති මෙම රථය අශ්ව බල 1000ක බලයකින් සමන්විත රථයක් ලෙස හදුන්වන්න පුළුවන්.. දැනට සමගම මේ වර්ගයෙන් වාහන ඒකක 150ක් නිපදවීමට තීරණය කරලා තියෙන අතර 2019 වර්ෂයේ සිට අපිට මෙම රථ වෙලදපොලේ දැකීමේ හැකියාව උදාවෙනවා.

6. Limited Edition Bugatti Veyron by Mansory Vivere – $3.4 million

Limited Edition Bugatti Veyron by Mansory Vivere

2005 වසරේදී නිකුත් කිරීමෙන් පස්සේ හතර පාරක්ම නවීකරණයට භාජමය වුන මම රථය Bugatti Veyron හා Mansory Vivere හි සංස්කරණයක් කියලා කියන්න පුළුවන්.

කාබන් ෆයිබර් සැකිල්ලකින් නිර්මාණය වුන මෙම ජර්මන් මෝටර් රථය අලංකාර spoiler කට්ටලයක්, මනාව නිර්මාණය වූ අභ්‍යන්තරය, සහ ඉදිරිපස ග්‍රිල්, විශාල side scoops, නවීකරණය කරන ලද LED ප්‍රධාන පහන් ආදිය නිසා සුපිරිම පෙනුමක් සහිත වහනයක් විදිහට අපිට හදුන්වලා දෙන්න පුළුවන්.

ලීටර 8.0ක අශ්වබල 1,200 ක් නිපදවන්න පුළුවන් W16 එන්ජිමකින් වගේම 1,106 lbf⋅ft ප්‍රමාණයක ව්‍යවර්තයක්ද හිමි පැයට හැතැප්ම 253ක් දක්වා ළඟා විය හැකි මෙම මෝටර් රථය 2000-2009 දශකයේ මෝටර් රථය ලෙසද නම් කර ඇත.

5. Lykan Hypersport – $3.4 million

Lykan Hypersport

කැරට්-15 240 දියමන්ති වලින් සාදන ලද ප්‍රධාන ලාම්පු, කැරට්-15 420 දියමන්ති වලින් සාදන ලද LED ලාම්පු සහිත සන්නද්ධ රථයක පෙනුම තිබෙන මෙම මෝටර් රථයෙහි අතුලත දකිමෙදිනම් sci-fi චිත්‍රපටියක වහනයක් ඇතුලත දර්ශනයක් ඔබට මැවෙන බවනම් අපට නොඅනුමානයි. අබු-ඩාබි පොලියිය තම මුර සංචාර වලට භාවිතා කරන ලෙබනනයේ පිහිටි W Motors විසින් ගොඩනඟන ලද මේ පළමු අරාබි සුපිරි මෝටර් රථය යුරෝපා සුපිරි මෝටර් වලට හොද තරගයක් කියලා අපිට කියන්න පුලුවන්. ඇමෙරිකානු ඩොලර් මිලියන 3.4කට පමණ මිල නියම වෙන මෙම මෝටර් රථය එහි විශ්මිත පෙනුම හැරුණු විට පසුපස සවිකළ twin-turbo ලීටර 3.8ක එන්ජිම සහ ගියර 6කින් සමන්විත පද්ධතියට පසුපස රෝද හරහා අශ්වබල 780 ක් නිෂ්පාදනය කිරීමේ බලය තිබෙන අතර තත්පර 2.8 කින් එය පැයට හැතැප්ම 62ක වේගයක්ද සමගින් පැයට හැතැප්ම 240ක් දක්වා උපරිමයකට ගමන් කිරීමේ හැකියාවක් තිබෙන මෝටර් රථයක්.

4. McLaren P1 LM – $3.6 million

McLaren P1 LM

ධාවන පථ සදහා පමණක් සිමා වූ McLaren P1 GTR මෝටර් රථය ආශ්‍රයෙන් බ්‍රිතාන්‍ය මුලික සමාගමක් වන Lanzante සමගම විසින් මාර්ගයේ ධාවනයට හැකි ලෙස නිපදවූ මෝටර් රථයක් ලෙස McLaren P1 LM මෝටර් රථය අපට හදුන්වා දෙන්න පුළුවන්. එම නිසාම බොහෝ සමානකම් දකින්න ලැබෙන මෙම මෝටර් රථ දෙකෙහිම රන් ආලේපිත engine bay සහිත ලීටර 3.8ක twin-turbo V-8 එන්ජිමක් අපිට දකින්න පුළුවන්. නමුත් P1 GTR රථයකට වඩා නවීන වෙනස්කම් ගොඩක් දකින්න පුළුවන් P1 LM රථය P1 GTR රථයට වඩා 600kg බර අඩු වන අතර එහි විශේෂ පසුපස පියාපත් සැකැස්ම නිසා P1 GTRට වඩා 40%ක අඩු බලයකින් මාර්ගයේ ධාවනය වීමේ හැකියාව ලැබී තිබෙනවා.
අශ්වබල 1000 ක් නිෂ්පාදනය කළ හැකි මෙම මෝටර් රථයෙන් තවමත් ඒකක පහක් පමණක් නිෂ්පාදනය කර ඇති ඇති අතර ඒවා සියල්ලම මේ වෙනකොට විකිණී අවසන්වයි තිබෙන්නේ.

3. Lamborghini Veneno Roadster – $4.5 million

Lamborghini Veneno Roadster

ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ අපේ ලයිස්තුවේ තුන්වෙනි තැන හිමි කරගෙන තියෙන Lamborghini Veneno Roadster මෝටර් රථය පිළිබදවයි
ස්පාඤ්ඤ භාෂාවෙන් “වස” යන අර්ථය ලබාදෙන Veneno කියන නමෙන් නම් කරලා තියෙන මේ මෝටර් රථය Lamborghini සමාගම එයාලගේ 50 වෙනි උපන්දිනය වෙනුවෙන් නිෂ්පාදනය කරපු මෝටර් රථයක්. ඇත්තටම මාරක පෙනුමක් වගේම පිටසක්වල කැප්සියුලයක පෙනුමද තියෙන මේ මෝටර් රථය ලීටර 6.5ක V12 එන්ජිමකින් සමන්විත අතර seven-speed single clutch ISR automated manual transmission ගියර පද්ධතියකින්ද, අශ්ව බල 740ක් හා 507 lbf⋅ft ව්‍යවර්තයකින්ද සමන්විත බලසම්පන්න මෝටර් රථයක් ලෙස අපට හදුනවා දීමේ හැකියවක් සහිත මෝටර් රථයක්. ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක් වැනි ඉහල මිලක් වන මෙයට තත්පර 2.9 කින්පැයට සැතපුම් 60 ක වේගයක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

කාබන් ෆයිබර් වලින් සාදා ඇති මෙහි වියළි බර පවුම් 3,285 ක් වන අතර මේ වෙනකොට Lamborghini Veneno Roadster මෝටර් රථ නිපදවීම සිදුකර තිබෙන්නේ රථ 9 ක් පමණයි.

2. Koenigsegg CCXR Trevita – $4.8 million

අපේ ලයිස්තුවේ දෙවෙනි ඉස්තානය ලබාගෙන තියෙන; සැබෑ දියමන්ති වලින් ආලේප කර ඇති මේ Koenigsegg CCXR Trevita මෝටර් රථය ඇමෙරිකානු ඩොලර් මිලියන 4.8ක් වැනි ඉතාම ඉහල මිලකට මිල නියම වූ මෝටර් රථයක් ලෙස හදුන්වලා දෙන්න පුළුවන්. ඩයමන්ඩ් වියන ලෙස හඳුන්වන දියමන්ති දූවිලි-අපැහැදිලි ආලේපනයකින් ආලේප කර ඇති මෙහි ආලේපන තාක්ෂනය නිසා ඉතා උසස් නිමාවක් මේ මෝටර් රථයෙන් අපිට දැකගන්න පුළුවන්. සියල්ලටම වඩා වැදගත් දෙයනම් මේ අලෙපනයට යටින් තියෙන ලීටර 4.8ක dual-supercharged V8 අධි බලැති එන්ජිම අශ්ව බල 1004ක ප්‍රතිදානයක් 797 lbf⋅ftක ඉහල ව්‍යවර්තයක් මේ වාහනෙට දෙන්න සමත් වෙලා තියෙනවා.
dual carbon rear wing, inconel exhaust system, airbags, ABS powered carbon ceramic brakes, paddle-shift, infotainment system, chronometer instrument cluster, tires monitoring systems වැනි පහසුකම් විශාල ප්‍රමාණයක් එක්ක එන මේ ආකෘතියේ මෝටර් රථ තුනක් නිපදවීමට මුලින් තීරණය කර තිබ්බත්, කාබන් ෆයිබර් නිශ්පාදනය කිරීමේ අපහසුව හා නිෂ්පාදනයට යන කාලය සැලකිල්ලට අරගෙන වාහන ඒකක දෙකක් විතරක් හදන්න සමගම තීරණය කරලා තියෙනවා.

1. Sweptail by Rolls Royce – $13 million

අපේ ලයිස්තුවේ පළමු ඉස්තනයට පැමිණ තියෙන මෙම Sweptail මෝටර් රථයේ විශේෂත්වය වෙන්නේ මෙය සමගමේ නම හෙළි කිරීම ප්‍රතික්ෂේප කල ගනුදෙනු කරුවෙක් වෙනුවෙන් පෞද්ගලිකව නිර්මාණය කරපු මෝටර් රථයක් වීමයි.

සුප්‍රකට සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පදන සමාගමක් වන Rolls Royce සමාගමේ නිෂ්පාදනයක් වෙන මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 13ක් මෝටර් රථය රාජකීය පෙනුමක් සහිතව නිපද වූ අසන දෙකක මෝටර් රථයක් වන අතර panoramic sunroof, ලැප්ටොප් තබාගැනීමට සැගවුණු ඩෙස්ක් වැනි ඉහල සුඛෝපභෝගී අංග, සම්පුර්ණයෙන්ම අතින් නිම වූ ඇතුලත ලී සහ ලෙදර් නිමාව මෙම මෝටර් රථයේ වටිනාකම තව තවත් ඉහල දැමීමට හේතු වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මෙම මෝටර් රථයේ පිටුපස කොටස කුඩා නැවක හැඩයක් ගන්න විදිහට නිර්මාණය කරලා තියෙන නිසා ඒක මෙහි අයිතිකරු සුපිරි යාත්‍රා සහ පෞද්ගලික ගුවන් යානා එකතු කරන්නෙක්ද යන්න අපට ඉගියක් ලබාගන්න අවස්ථාවක් වෙලා තියෙනවා.

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here