ශ‍්‍රී ලංකා පකිස්තාන තරගයට මොකද වුනේ? දෝනිගේ ග්ලවුස් ගැටලුවට කුමක් වෙයිද?

0
128

2019 ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 03 වැනි තරගය අද (07) එංගලන්තයේ බ්‍රිස්ටල් පිටියේදී පාකිස්තානය සමග ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු තුනට ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් ඇතිවූ වර්ෂා තත්වය සහ ක්‍රීඩා පිටියේ තෙත බරිත තත්වය හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබු තරගය නවත්වා දැමීමට කටයුතු කරන බව සන්විදායකයින් මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියා.

පිතිකරුවන්ට වඩාත් වාසි දායක ක්‍රීඩා පිටියක් ලෙස සැලකෙන බ්‍රිස්ටල් පිටියේ තණතිල්ල, ඇතිවී තියෙන තත්වය යටතේ පිතිකරුවන්ට ඉතාමත් අවාසිදායක වනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් අවදාරණය කර සිටියේ.

sri lanka pakistan match abandoned

මේ අතර ඉන්දියාවේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි මෙවර ලෝක කුසලාන තරගාවලයේදී කඩුලු රැකීම සඳහා භාවිත කරන අත් ආවරණ ඉවත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඔහුගේ අත්ආවරණයන්හි ඉන්දීය යුද හමුදාවට සම්බන්ධ ලාංඡනයක් ඇතුළත්වීම හේතුවෙනුයි.

එම ඉල්ලීමට අදාළව පිළිතුරු දී ඇති ඉන්දියාව ICC යේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ දෝනිගේ අත්ආවරණයන් හි ආගමික හෝ වාණිජ සළකුණක් නොමැති බවයි. එම ප්‍රතිචාරයට ICC ය තවම පිළිතුරක් දක්වා නොමැති උවත් ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසි අනුව වාණිජ, ආගමික හෝ ආරක්ෂක ලාංඡන එසේ පැළඳිය නොහැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here