ලෝක කුසලාන සිහිනය මල්පල ගන්වමින් ශ්‍රී ලංකාව ජය මාවතට..

0
113

2019 ලෝක කුසලානයේ සිය පළමු ජය සනිටුවහන් කරමින් ඇෆ්ඝනිස්තානයට එරෙහිව කාඩිෆ්හිදී පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

කුසල් ජනිත් පෙරේරා ඇතුලු මුල් පෙල පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා ගත්තද කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට ඕවර 36.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 201 ක් පමණි.

එක් අවස්ථාවකදී ලකුණු 144 කට කඩුල්ලක් පමණක් දැවී ඉතා ප්‍රබල ස්ථානයක සිටි ශ්‍රී ලංකාව තවත් සුළු මොහොතකදී ලකුණු 5 ක් තුළ කඩුලු 4 ක් අහිමිකර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 149 කට කඩුලු 5 ක් ලෙස දිස්විය.

කුසල් මෙන්ඩිස් ඊයේ දිනද අසාර්ථක වූ අතර ඇන්ජලෝ මැතිවුස් පිට පිට ලබා ගත් දෙවන බිංදුවද ඊයේ ලබා ගත්තේය.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඇෆ්ඝනිස්තානයට ඕවර 41 කදී ලකුණු 187 ක ඉලක්කයක් හිමිවිය. ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්තානයට ඕවර 32.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 152 ක් පමණි.

පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් ප්‍රදීප් හා ලසිත් මාලිංග ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ප්‍රවිශ්ඨ කළේය.

මෙම තරගයේ විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝව පහතින්.

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here