ළුණු බෑයක් මේස් එකක් තුලට දමාගෙන නිදාගත්තොත් වෙන දේ මෙන්න

    0
    504

    මිනිසා වසර පන්දහසකට පමණ පෙර සිටම ළුණු පරිභෝජනය කර තිබෙනවා. ඒත් අද අපි දන්නවා ළුණු වල සවුක්යමය ප්‍රතිලාබ බොහොමයක් තිබෙන බව. එහි තිබෙන ප්‍රතිබැක්ටීරියා සහ ප්‍රතිවයිරස් ගුණය සෙම්ප්‍රතිශ්‍යාවට වඩාත් ගුණදායකයි. ඒ වගේම ළුණු කියන්නේ පිළිකා රෝගීන්ටත් ගුණදායක ආහාරයක්. ඒත් සමහරු ළුණු කන්න වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. ඒත් මේ වීඩියෝව බැලුවට පස්සේ, ඒ අයත් එයාලගේ අදහස වෙනස් වෙන්න පුළුවන්, ඒ වගේම ඔයා අනිවාර්යෙන්ම නිදාගන්න යනකොට මේස් එකකුයි ළුණු බෑයකුත් අරගෙනම ඇදට යන්න පටන් ගනියි. ඒකට හේතුව තමයි අපි මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ.

    හොදයි. නිදාගන්නකොට කකුලට මේස් එකක් දාල ඒක ඇතුලට ළුණු බෑයක් දාගෙන නිදාගන්නේ මොන මගුලටද කියල ඔයාට හිතෙන්න ඇති. ඇත්තටම මේක මරිඩියන් කියන සාම්ප්‍රදායික චීන වෛද්ය ප්‍රතිකාර ක්‍රමයක්. Qi චී යනුවෙන් හඳුන්වනු ශක්‌ති ධාරාව, ඔබේ ශරීරය තුල ගමන්කරන්න, ඇග ඇතුලේ තියෙන මරිඩියන්ස් හෝ බලශක්ති නාලිකා භාවිතා කරනවා. හැම මරිඩියන් එකක්ම ශරීරයේ මොනයම් හෝ ඉන්ද්‍රියයක් සමග සම්බන්දතාවයක් තියෙනවා. චිනකටු චිකිත්සාව හෝ වෙනත් ක්‍රම මගින් ඔබට පුළුවන් ශරීරයේ තියෙන ඕනෑම මරිඩියන් එකක් උත්තේජනය කරන්න. සියවස් ගණනාවක සිට ශරීරයේ තියෙන ඕනෑම ලෙඩක් සුවකරන්න මෙම ක්‍රමවේදය බාවිතයට ගැනුනා.

    චීන ප්‍රතිකාර ක්‍රම වලදීම මිනිස් යටිපතුලට විශේෂ තැනක් හිමිවෙනවා. මොකද අපේ කකුල් වල ස්නායු අග්‍ර 7000 කට වඩා වැඩි සංක්‍යාවක් තිබෙන නිසා චීන ප්‍රතිකාර ක්‍රම වලදීම මිනිස් යටිපතුලට විශේෂ තැනක් හිමිවෙනවා. මේ සැම ස්නායු අග්‍රයක්ම බලශක්ති නාලිකාවකින් ශරීරයේ මොනයම් හෝ ඉන්ද්‍රියයක් සමග සම්බන්දව පවතින බව චීන විද්‍යා විද්‍යාවේ පිළිගැනීමයි.

    ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් කාලෙක ඉදල සපත්තු සෙරෙප්පු දාන්න පුරුදු වෙලා ඉන්න නිසා මේ නාල හරහා ගමන්කරන ශක්තිය හීන වෙලයි තියෙන්නේ. ඉතින්, ඔයාට ඔයාගේ මරිඩියන් උත්තේජනය කරගන්න අවශ්‍ය නම් ඔයාට විසදුම් දෙකක් තියෙනවා. මුලින්ම ඔයාට පුළුවන් ඔයාගේ සෙරෙප්පු සපත්තු ගාලොල දාල නිතරම පොලව පෑගෙන විදියට ඉන්න. එහෙම නැත්තන් ඔයාට පුළුවන් ළුණු වලින් වැඩක් ගන්න.

    ඔන්න එහෙනම්, ළුණු කියන එළවලුව පිටිපස්සේ හැංගිච්ච මහා රහසක් එලියට දාන්න දැන් වෙලාව හරි. එහෙනම් දිගටම කියවන්නකෝ.

    පාරම්පරික චීන විද්‍යවරුන්ට අනුව ඔබ මුලින්ම රවුමට ළුණු පෙත්තක් කපාගෙන එය ඔබේ යටිපතුල ස්පර්ශ වන පරිදි තබාගෙන මේස් එකක් කකුලට දාගන්න. දැන් ඔබට සුපුරුදු පරිදි නින්දට යන්න පුළුවන්. මෙම සරල ක්‍රියාව මගින් ඔබේ මැරිඩියන්ස් උත්තේජනය වන අතර චී ශක්තිය ඔබේ විඩාපත් අක්මාව වෙත කෙලින්ම ගමන් කරන්න හේතු වෙනවා. ඒ වගේම මෙම ක්‍රියාවලිය මගින් ඔබේ සම මතුපිට තියෙන ක්ෂුද්ර ජීවීන් හා බැක්ටීරියා විනාශ කර දමනවා. ළුණු වල තියෙන පොස්පරික් අම්ලය ලේ තුලට ගිහිල්ල ලේ පිරිසිදු කරන්නත් හේතු වෙනවා.

    මේ විදියට රැයක් ළුණු පෙත්ත භාවිතා කලාට පස්සේ, පහුවදා එය උයන්න ගන්නේ නැතිව විසි කරලා දාන්න වගබලා ගන්න. කොහොම උනත් ඔයා ඒ වගේ දෙයක් ප්ලෑන් කරන්න නැතුව ඇති.

    මේ විදියට ළුණු පෙත්තක් මේස් එකක් ඇතුලට දාල භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමය චීන වයිදය විද්‍යාවේ විතරක් නෙවෙයි වෙනත් රටවල් වලත් විකල්ප ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදාගැනෙනවා. නමුත් ඔවුන් එය භාවිතා කරන්නේ මැරිඩියන් උත්තේජනය කරගැනීමේ අරමුණින් නම් නෙවෙයි, ඔවුන් මෙය යොදාගන්නේ උණට ප්‍රතිකාරයක් ලෙසයි.

    ඇත්තටම මෙය හොද ප්‍රතිකාර ක්‍රමයක් කියන එක ඔබට තවත් අවබෝද කරදෙන්න මෙම ප්‍රතිකාර ක්‍රමයේ ඇති වටිනාකම අපිට මේ විදියට ගෙන දක්වන්න පුළුවන්.
    පළමුව, ළුණු වල තියෙන පොස්පරික් අම්ලය රුධිරය පිරිසිදු කරනවා.

    දෙවැන්න, ඔබේ යටිපතුලේ තිබෙන සියළුම බැක්ටීරියා සහ ක්ෂුද්‍රජිවින් විනාශ කර දමනවා. ඒ වගේම යටි පතුලේ ඇති ගොරෝසු බව නැති කරනවා.

    ඒ වගේම අවසාන වශයෙන්, ඔබ නිදාගෙන ඉද්දි චී ශක්තිය ඔබේ අක්මාව සුවපත් කරනු ලබනවා.

    ඉතින් එහෙනම් ඔබ මේ ලිපියෙන් අලුත් දෙයක් ඔබේ දැනුමට එකතු කරගත්ත නම්, මේ ලිපිය ෂෙයාර් කරලා ඔයාගේ හිත මිත්‍රාදීන්ටත් මේ ගැන කියන්න.

    Facebook Comments

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here