එන්ගලන්ත වීරයා ස්ටෝක්ස් ගැන විස්තරයක් මෙන්න

0
336

1991 ජූනි 4 උපත ලැබූ බෙන්ජමින් ඇන්ඩෘ ස්ටෝක්ස්ග් උපන් ගම වන්නේ නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් නගරයයි. ඔහුගේ පියා රග්බි ක්‍රීඩකයෙකු විය. ස්ටෝක්ස් ගේ වයස 12 දී නවසීලන්තයේ සිට එන්ගලන්තය පදින්චිය සදහා ගියහ. එන්ගලන්තයේදී ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවන බෙන් ඩොමැස්ටික් පිටියේ නමක් දිනාගත් ක්‍රීඩකයෙකු බවට පත්වේ. හැඩි දැඩි ශරීරයකින් යුතු ස්ටෝක්ස් වේගයෙන් පන්දුවට පහරදෙන්නෙකු ලෙසත් දක්ශ තරග අවසන් කරන්නෙකු ලෙසත් ලෝක ක්‍රිකට් පිටියේ නමක් දිනාගෙන සිටී.

2013 වර්ශයේදී ටෙස්ට් වරම් දිනාගන්නා ස්ටෝක්ස් එන්ගලන්තය වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් දිවිත්ව ශතකය් වාර්තා කල පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක්ව ඇත.

සීමිත ඕවර තරග වල ලොව සිටින බයානකම පිතිකරුවෙකු වන ස්ටෝක්ස් ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉහලම මිලක් නියමවූ විදෙස් ක්‍රීඩකයාද වෙයි.

ලෝක කුසලාන අවසන් මහා තරගයේදී කඩුලු බිදවැටී එන්ගලන්තය අසීරුව සිටි අවස්තාවේ ජොස් බට්ලර් සමගින් තරගය කණපිට පෙරලමින් එන්ගලන්තයට මන්ගල ලෝක කුසලානය ගෙන එන්නට සුපිරි ඉනිමක් දියත් කරන්නට ස්ටෝක්ස් සමත්විය. නොදැවී ලකුනු 84 ක් ලබාගනිමින් අවසන් පන්දුවාරය දක්වා සටන් කල ස්ටෝක්ස්ගෙ පිතිකරණය කාගේත් ප්‍රශන්සාවට ලක්විය. එය ලෝක කුසලාන අවසන් මහා තරගයක වාර්තා වූ සුපිරිම ඉනිමක් වන අතර පිටියේ පන්දුයවන්නන් හට යෝග්‍ය එකක් වීම නිසා ස්ටෝක්ගේ පිතිකරණය තවත් ඇගයිය යුතු එකක් විය.

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here