මුහුණු පොතේ පියා Mark Zuckerberg සිය 35 වැනි උපන්දිනය සමරයි

0
37

Mark Zuckerberg බොහෝ දෙනෙක් දැන අඳුනගන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන සමාජ ජාල අඩවිය වන “Facebook” හි නිර්මාතෘවරයා විදිහටයි. ඒ වගේම ඔහු එහි වර්තමාන සභාපතිවරයා ද වනවා.

වර්ෂ 2010 දී සුප්‍රකට “Times” සගරාව විසින් Zuckerbergව “Person of the Year 2010” ලෙස නම් කරනවා. 2011 වර්ෂය වෙද්දි Zuckerberg ගේ මුළු වත්කම බිලියන 13.5ක් ලෙස තක්සේරු කරනු ලබනවා.

ඔබට අද නැතුවම බැරි Facebook, එහෙම නැත්තම් “මුහුණු පොත” නිල්පාටින්ම තියෙන්නේ ඇයි කියලා දන්නවද? ඒකට හේතුව Mark Zuckerberg වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙක්. ඔහුට රතු සහ කොළ කියන වර්ණ හොඳින් පෙනෙන්නෙ නැහැ.

Zuckerberg ගෙ පියා දන්ත වෛද්‍යවරයෙක් වන අතර මව මනෝචිකිත්සකවරියක්. ඔහුට සොහොයුරියන් තිදෙනෙකු සිටිනවා. ඒ වගේම තමයි ෆේස්බුක් නිර්මාතෘවරයා යුදෙව් ජාතිකයෙක්. වසර 2011 දී ඔහු යුදෙව් ජාතිකයින් අතරින් ප්‍රබලතම පුද්ගලයා බවට නම් කරනු ලබනවා.

Mark Zuckerberg 2012 දී විවාහ වෙන්නේ ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූ Priscilla Chan සමඟයි. මේ වන විට ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙක්.

මාර්ක් සිය උපන්දිනය ඊයේ (14) දිනයේ සැමරූ අතර ඒ ඔහුගේ 35 වන උපන්දිනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here