අධෝ වාතය පිට කිරිමෙන් ලැබෙන සෞඛය වාසි

0
499
health benefits of farting

බොහොමයක් සත්වයන්ගේ ජෛවීය ක්‍රියාවලියේ කොටසක් වෙන පඩ යන එක, එහෙමත් නැත්නම් අධෝ වාතය පිට වීම මිනිසා වන අපට වගේම සතුන්ටත් පොදු කාරණයක්. ඒ කෙසේ වෙතත් අධෝ වාතය පිටවීම සමග ඇති වන දුර්ගන්දය හේතුවෙන් මිනිස් සමාජය තුල එය නොහිබිනා ක්‍රියාවක් ලෙස සැලකීම නිසා මේ ලිපිය කියවන ඔයාල පවා පොදු ස්ථාන ආදියේදී මහත් පීඩාවකට පත් වූ අවස්ථා ඕනා තරම් ඇති. වෛද්‍ය මතයට අනුවනම් අධෝ වාතය පිටවීම බලෙන් නැවත්වීමට උත්සහ දැරීම ශරීරයට මහත් අහිතකර වෙනවා වගේම මෙම වාතනය සිදුවීමට ඉඩහැරීම ශරීරයට මහත් ප්‍රතිපලදායක ක්‍රියාවක්. ඒ නිසාම අද අපි මේ ලිපියෙන් අධෝ වාතය පිට කිරිමෙන් ලැබෙන සෞඛයමය වාසි පිළිබද ඔයාලව දැනුවත් කරන්න තීරණය කරා.

1. අධෝවාතනය මහා බඩවැලට වගේම ජීර්ණ පද්ධතියට හිතකර වේ.

අධෝ වාතනය ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට ඉතාම හිතකර වන අතර එමගින් ආමාශික ක්‍රියාවලියේදී නිපදවෙන අතුරුඵල පිට වීම සිදු කරනු ලබනවා. ඒ වගේම මෙම අධෝ වාතය පිට වීම කියනේ අපේ අහාර ජීර්ණ පද්ධතිය අවහිර වීමකින් තොරව ක්‍රියා කරන බවට හොද සාක්ෂියක් ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ මෙම නිපදවන අතුරුඵල පිට වීමට නොදී බලෙන් හිර කර ගැනිමනම් ශාරිරයට ඉතාම අහිතකර කටයුත්තක්.

2. බඩ පිපීම නැවත්වීමට ප්‍රතිකාරයක්

විශාල ප්‍රමාණයකින් ආහාර ලබාගැනීමෙන් පසුව බඩ පිපීමකට ලක්විමනම් අපි කාටත් තරමක අපහසුවක් ගෙන දෙන කාරණයක් කියන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ක්ෂණිකවම අප ශරීරයෙන් අධෝ වාතය පිට කිරීම සිද්ද කරන අතර එමගින් බඩේ ඇති අමතර වායුන් පිට කර අපේ ආහාර වේලට අවශ්‍ය අමතර ඉඩ අමාශය තුල සකස් කර දීම සිද්ද කරනු ලබනවා.

3. අධෝ වාතයේ ගන්ධය ශරීරයට හිතකර බව දැන සිටියාද?

මේ කතාවනම් මේ ලිපිය කියවන ඔයාලව පුදුමයට වගේම අප්‍රසන්නයට පත් කරන්න හේතුවක් වෙයි. නමුත් ඇත්තටම අපි අධෝ වාතය පිට කිරීමේදී කුඩා ප්‍රමාණයකින් hydrogen sulfide පිට කරන අතර එය ආඝ්‍රහණය වීම අනාගතයේදී ලෙඩ රෝග බොහොමයකින් වැළකීමට උපකාරයක් වෙනවා කිව්වොත් නිවැරදි. අධ්‍යනයන්ට අනුව අධෝ වාතය ආඝ්‍රහණයෙන් සෛල වලට හානි සිදුවීම හා හර්දයාබද ඇතිවීම යම් දුරකට වලක්වන අතර අඝාත තත්වයන් වැලක්විමටද උපකාරයක් වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ නොකියම බැරි දෙයක් තමා; තම අධෝ වාතයේ සුවදට රහසින් පෙම් බදින පුද්ගලයන්ද අප අතර නැතුවම නොවේ.

4. බඩවැලේ වෙසෙන ක්ෂුද්‍ර ජිවින්ගේ ක්‍රියාකාරිත්වයට මහත් පිටුවහලක්.

අධෝ වාතය නිපදවෙන අකාරයේ ආහාර ගැනීම මගින් ඇති වන වාතනය ක්ෂුද්ර ජීවීන්ට අවශ්‍ය පෝෂ්‍ය පධාර්ථ ලබා ගැනීමට ඇති එකම මාර්ගය වන අතර අප විසින් කාබෝහයිඩ්රේට් පෝෂණය නොකළේ නම් ඔවුන්ටද අපේ බඩවැල් තුල ජීවත් වීමට අපහසු වනු ඇත. මේ නිසාම තන්තුමය ආහාර වර්ග අපේ එදිනෙදා අහාර වේලට එක් කරගැනීමට අප පුරුදු වීම වැදගත්.

5. අධෝ වාතනය සමහර අවස්ථා වලට ක්ෂණික සහනයක් සපයයි.

පෙරදී කතා කල බඩ පිපීමට අමතරව අධෝ වාතනය මගින් බඩේ අතිරික්ත වායුන් ඉවත් කිරීම නිසා බඩවැලේ ක්‍රියාකාරිත්වය වර්ධනය වන අතරම වෙනත් බඩ රිදීම් අවස්ථා වලටද ක්ෂණික සහනයක් ලබා දී එය සුව කිරීමට සමත්කම් දක්වනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අධෝ වාතය පිට කිරීම සමාජීය වශයෙන් පහත් ලෙස සැලකුවත් එය ජිවින්ගේ සෞඛ්‍යයට හිතකර මෙන්ම පැවැත්මට අත්‍යවශ්‍යම ක්‍රියාවලියක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here