මේ රටේ මුස්ලිම් වැසියාගේ හා අනෙකුත් වැසියන්ගේ ඉදිරි කාර්‍යභාරය කුමක් විය යුතුද?

0
72

ආදරණීය මුස්ලිම් ජාතිකයිනි,

විවිධ අන්තවාදී සංවිධාන අතින් ඔබට සිදු වූ හිරිහැර දනිමි. ඒ හැම වෙලේම බහුතරයක් වැසියන් ඊට එරෙහිව කට අරින්නටත්, ඔබට උදව් කරන්නටත් ඉදිරිපත් වූ බව ඔබට මතක ඇති. නමුත් මේ සා විශාල ගැටළුවක් ඇතිවන තුරු ඔබ දැක් වූ නිහඬ ප්‍රතිපත්තිය අපට ඇත්තටම ප්‍රෙහෙලිකාවකි. පුදුම සහගතය. සමස්ත මුස්ලිම් ප්‍රජාවටම මේ ප්‍රහාරයේ වගකීමෙන් මිදෙන්නට බැරිය. ඒ නිසා අද සිටවත් පහත ක්‍රියාවන් අනුගමනය කරන්නට කටයුතු කරයි නම්, ඔබ මේ රටට, රට වැසියාට ආදරේ කරන මුස්ලිම්වරයෙකු ලෙස, එසේත් නැතිනම් සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබේ අසල්වැසියා ඔබව පිළිගනු ඇත.

– මුස්ලිම් පල්ලිය, මුස්ලිම් ආගම අන්‍යාගමිකයින්ට විවෘත කරන්න, හංගලා ගහන කොලේ එළිපිට ගහන්න කටයුතු කරන්න.. පංසල්, කෝවිල්, කිතුනු පල්ලි වලට ගොස් ආශිර්වාදය ඉල්ලන සියළු ජාතීන්ට අල්ලා දෙවියන්ගෙන් ආශිර්වාදය ඉල්ලා ගැනීමට හැකිවන පරිද්දෙන් ඔබේ ආගම විවෘත කරන්න.

– දරුණු අන්තවාදී ආගමික ඉගැන්වීම් කරන තැන් වලට, පුද්ගලයින්ට විරුද්ධව ඔබේ කටහඬ අවදි කරන්න. සමාජ මාධ්‍ය ජාලා ඒ සඳහා යොදා ගැනීමට හැකි වනු ඇති.

– මේ රටේ නීතියට පිටින් කටයුතු කරන කාති උසාවි, ශරියා නීති වලට එරෙහි වන්න. එය මේ රටේ භේදයක් ඇති කරන්නටත්, ඔබට වෙනම ආධිපත්‍යයක් හඟවන්නටත් කටයුතු කරන බව ඔබට හැඟෙනවා ඇත.

– බුර්කාවෙන් හා නිකාබයෙන් මිදෙන්න. එය ජාතික ආරක්ෂාවට කුමන ආකාරයේ තර්ජනයක් වී ඇතිද යන්න ඔබට අමුතුවෙන් තේරුම් කල යුතු යැයි අප සිතන්නේ නැත.

– හලාල් වැනි අන්තගාමී සංකල්ප බැහැර කරන්න. ඔබට ආගමිකව එය කල යුතුම නම්, හලාල් වැනි අන්තගාමී ලේබල් වලින් බැහැරව පුද්ගලිකව එය කරගන්න.

– අන්තවාදී දේශපාලන නායකයන් දැඩිව ප්‍රතික්ෂේප කල යුතුය.

– ඉහත ක්‍රියා සියල්ල මෙපමණ කාලයක් අනෙක් රට වැසියන් ඔබ වෙනුවෙන් ඉවසූ බව හිතට ගන්න. මේ වෙලාවේ ඔබේ ආරක්ෂාව තහවුරු කල මුස්ලිම් නොවන ජාතීන් කල කැපවීම වෙනුවෙන් ඔබේ කැපවීම එකතු කරන්න. එසේ නොවුනහොත් ඊලඟ රුදුරු ක්‍රියාවේදී ඔවුන් ඔබට කිසිදු සමාවක් නොදෙන බව තරයේ සිතට ගන්න.

මුස්ලිම් ජනතාව මෙවන් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන තාක් කල්, මුස්ලිම් නොවන ශ්‍රී ලාංකික ජනතාවද පහත ක්‍රියා අනුගමනය කල යුතු බව හැඟේ. එසේ කල යුත්තේ ආගමික සහජීවනය අගයන අප මේ වන විට බටර් නැතුවම ඇරගෙන සිටින බැවිනි. එබැවින් අකමැත්තෙන් වුවද පහත ක්‍රියාවන් පිළිපැදිය යුතුය.

– මුස්ලිම් යහලුවන්ට, හිතවතුන්ට ඔවුන්ගේ ආගමික අන්තවාදයෙන් මිදෙන්න සෑම විටම වාග් ප්‍රහාර එල්ල කල යුතුය.

– හලාල් ලේබල් සහිත සියළු වෙළඳසැල්, සහ නිශ්පාදන වර්ජනය කල යුතුය.

– බුර්කාව හා නිකාබය දුටු තැන 119 අමතා හදිසි පොලිස් කණ්ඩායම් කැඳවිය යුතුය.

– කිසිදු මුස්ලිම් අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකල යුතුය.

– තම ආගමික ක්‍රියාවන්ට මුස්ලිම් ජනතාව සහභාගී කර ගත යුතුය. ප්‍රතික්ෂේප කල හොත්, ඔවුන්ව නොසලකා හැරීමට කටයුතු කල යුතුය.

– ඊලඟ ත්‍රස්ත ක්‍රියාවකදී රටේ අනෙක් පුරවැසියන්ගෙන් මුස්ලිම් ප්‍රජාවට කිසිදු සමාවක් නොලැබෙන බවට හැකි සෑම විටම ඔවුන්ට දනවන්න.

මේ කටයුතු කල යුත්තේ අප ඔවුන්ට වෛර කරමින් සිටින්නට නොවේ. මුස්ලිම් ජාතිකයින් බලෙන් හිරවී සිටින ඔවුන්ගේ ආගමික ත්‍රස්තවාදයෙන් ඔවුන්ව මුදා ගැනීම උදෙසාය.

මේ සටහන කිය වූ පසු, ඔබ මාව ජාතිවාදියෙකු සේ සලකන්නට, අන්තවාදියෙකු සේ සලකන්නට උත්සහා කරනු ඇත. මෙතෙක් කලක් මාව දන්න, මිනිසුන් මෙවන් සටහනක් මා ලියූවේ කෙසේදැයි පුදුමයටද පත් වෙනු ඇත. රටක සැබෑ සංහිඳියාව, සැබෑ සමඟිය උදෙසා, දැයේ දරුවන්ට යහපත් රටක් උරුම කර දීම වෙනුවෙන් ජාතිවාදී, අන්තවාදී චරිතයක් විය යුතුනම්, මම එසේ වන්නට දශමයක් පැකිලෙන්නේ නැති බවද කිව යුතුය.

– අභීත එදිරිසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here