පන්තියේදී විහිළුවට ලක්වුණ බේල්ස්ට ලෝක ප්‍රකට රග්බි කණ්ඩායමෙන් ලැබුණ දේ

398

ඕස්ට්‍රේලියානු මවක වන යාරාකා බේල්ස් ඇගේ 09 හැවිරිදි පුත් ක්වාඩන් බෙිල්ස්ගේ වීඩියෝවක් අන්තර්ජාලයට එක් කලේ ඇයට දරාගත නොහැකි වෙිදනාව නිසා ය.ඇගේ පුතා ඇකොන්ඩ්‍රොප්ලාස්සියාව නැමති රෝගයෙන් පෙළෙන දරුවෙක් වන අතර එම රෝගය නිසා ඔහුගේ මුහුණ සහ සිරුර යම්වි කෘති ස්වභාවයක් සහවාමන රූපි බවක් පෙන්නුම් කෙරේ. පසුගිය අඟහරුවාදා පළ කරන ලද වීඩියෝ පටයේ ක්වාඩන්ගේ මව සෑම දිනකම තම පුතා පාසැලේදී අත්විඳින නිර්දය හිරිහැර විස්තර කරයි. ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන මෙම පවුල ජීවත් වන්නේ ක්වීන්ස්ලන්තයේ ය.

ඒ වීඩියෝව ඇය ගෙන ඇත්තේ තම දරුවා පාසල ඇරී ගෙදර එනවිට හඩමින් කරයේ සිය ඔලුව හප්පා ගන්නා විටය. එම අවස්ථාවේ ඔහු මෙසේ කියා සිටි. මට ඕනමැරෙ න්න.. කවුරුහරි මගේ හදවත ටපිහි යෙන් අනි න්න.. මෙය දිනපතා සිදුවන ක්‍රියාදාමයකි. සමහරවිට පාසැල් ළමුන් ඔහුට අනින ටොකු ප්‍රමාණය ක්වාඩන් සිය මවට නොකියයි.ඒ ඇය පාසැල් දරුවන්ට එරෙහිව කතා කල පසු පෙරලා ඊට වඩා ටොකු ප්‍රමාණයක් තමාට ලැබීමට නියමිත බව ඔහු දන්නා නිසවෙනි.

මේ නිසා සෑමවිටම ඔහු බියපත් දෑසින් අසරණව සිය මව දෙස බලා සිටින විට යාරකාට මෙය ඉවසා ගත නොහැකිව ක්වාඩන්ට හොරෙන් ඇය හඩා වැළපෙයි. පාසැල් බලධාරීන්ට පවා මෙහිදී කල හැකි දේ සීමිතයි. ඒ නිසා මේ දුක ඇය ඕස්ට්‍රේලියානු ඡනතාවට කීමට මෙම වීඩියෝව සමාජ ජාලයට මුදා හැරියා ය. එම වීඩියෝවෙි ඇය මෙසේ කියයි.

“සෑම දිනකම මගේ දරුවාට යමක් සිදුවෙයි. පහර කෑමක්, තවත් කතාවක් , තවත්හිරිහැර කිරීමක්, තවත් නින්දා කිරීමක්, තවත් නමක් පට බැදීමක් ! ‘ඉතින් කරුණාකර ඔබට ඔබේ දරුවන්, පවුල්, මිතුරන් දැනුවත් කළ හැකිද? එයට ඇත්තේ තවත් එක් අවස්ථාවක් පමණි. ළමයින් සියදිවි නසා ගන්නේ ඇයිදැයි ඔබ කල්පනා කල යුතුයි”

වීඩියෝව මුදාහැර පැය 48 ක් ගතවිනවිට,මිලියන 14 කට වඩා වැඩි වාර ගණනක් එය නරඹා තිබූ අතර ‘‘ අපි ක්වාඩන් සමගයි‘‘ යන හෑෂ් ටෑගය #WeStandWithQuaden මිලියන ගණනින් සමාජජාලා ඔස්සේ සැරිසරමින් තිබුණා. පැය 24 ක් ඇතුලත ඇමෙරිකාවෙි එම රෝගයෙන්ම පෙළෙන විකට නලුවෙක් වූ බ්‍රැඩ් විලියම්ස් දරුවා සහ පවුලේ සියලුම දෙනා ඩිස්නිලන්තයට යැවීම සඳහා ඩොලර් 130,000 ක් එවා තිබුණු බව වාර්තා වෙනවා.

ඊයේ ඕස්ට්‍රේලියාවේ Cbus Super Stadium හි දහස් ගණනක් නැරඹීමට පැමිණි රග්බි ක්‍රීඩා තරගයක ඕල් ස්ටාර්ස් රග්බි කණ්ඩායමෙි නායකයා සහ පිරිස ඔවුනගේ ජර්සියෙන් පෙනී සිටි තවත් ක්‍රීඩකයෙක් පිටිය මැදට කැදවාගෙන පැමිණි යා. මේ නව ක්‍රීඩකයාව හදුනාගත් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිස සිය අසුන්වලින් නැගිට අත් පොලසන් දෙමින් ‘‘ ක්වාඩාන් බේල්ස් අපි ඔබ සමගයි ‘‘යනුවෙන් ක්‍රීඩාංගනය දෙවනත් වන සේ කෑ ගසා තිබෙනවා.

ඒ පැමිණ සිටියේ පුංචි බේල්ස්ය .ඒ මොහොතේ පුංචි ක්වාඩන් බෙිලස් ලෝකයම තමා සමඟ බව දැනගන්නට ඇත. බෙිලස්ගේ පන්තියේ මිතුරෝ දැන් බෙිලස්ගේ පිටුපසින් ඉන්නේ කවුදැයි හොදටම දැන ගන්නවාද ඇති. ඉතින් මේ නාටකය මෙතනින් අවස න්ය. මෙතරමි සතුටක් ලැබුවෙි ක්වාඩන් සහ යාරකා සමහරවිට ඡීවිතයේ ප්‍රථම වතාවට වෙන්නත් පුළුවනි.

කොලම්බෝටයිම්ස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *