පේෂල පූර්ණිකා තවමත් එක වහලක් යටට නොයයි

468

පේෂල මනෝජ් සහ පූර්ණිකා පීරිස් විවාහ ගිවිස ගැනීම පසුගිය කාලයේ ලොකු අවධානයක් දිනා ගත්තු සිද්ධියක් නෙ. ඒක එහෙම වුණත් මේ සම්බන්ධය මීට වසර 03කට කලින් පටන් ගත්තු එකක්.

විවාහ ගිවිස ගත්තත් මේ දෙන්නා තාම ඉන්නෙ එක වහලක්යට නෙමෙයි. ඉදිරි දිනකදී පුංචි පාටියකුත් අරගෙනම එක වහලක් යටට යන්න තමයි දෙන්නා හිතාගෙන ඉන්නෙ.

තවමත් ඒ ගැන තැන තැන විවිධ කතා පැතිරෙමින් යනවා.

පේෂල කියන්නේ සැප්තැම්බර් වෙනක් නැතක් තැති ප්‍රශ්නයක් නිසා තමයි විවාහය මේ තරම් ප්‍රමාද වුණේ කියලා. ඉක්මනින්ම විවාහ ගිවිස ගන්න ඕනේ කියලා තමයි ලු දෙන්නම හිතාගෙන හිටියේ.

පූර්ණිකා කියන්නේ කලින් විවාහ වුණු කෙනෙක් වුණත් පේෂල සහ පූර්ණිකා අතරේ හොඳ අවබෝධයක් තියෙනවා කියලයි පේෂල කියන්නෙ. දෙන්නට දෙන්නාගේ බැඳීම් අතරේ දෙන්නම මාර මානසික සුවයක් අත්වින්දලු. ඒක ඇතුළේ පෙර තිබුණු දේවල් වැඩක් නෑලු.

පේෂල කියන්නේ පූර්ණිකාගේ කලින් විවාහය බිඳී ගියාම ඒකට සහනයක් වෙන්න ගිහින් එයාලා යාළු වුණේ නෑ කියලයි.

කොහොම වුණත් මේ වෙද්දි පූර්ණිකාගෙ පුතාත් පේෂල එක්ක ගොඩක් එකතුයි. පේෂල කියන්නේ අරයගෙ දරුවා ද මෙයාගෙ දරුවා ද මගෙ දරුවා ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ කවුරු වුණත් දරුවෙක් නේ කියලයි එයා හිතන්නේ කියලයි.

මේ සිද්ධිය අතරේ මඩ ගැහිල්ලත් උපරිමයෙන් වුණානේ. ඒ ගැන පේෂල කියන්නේ මේ වගේ කතාවක්.

“සමහර පෝස්ට් දකින කොට මං මේ වගේ දේවල් කරපු අපරාධකාරයෙක් ද කියලා හිතනවා. ෆේස්බුක් එකේ ඉන්න සමහර පිරිමි තමයි ගෑනු වගේ ඔය එක එක ගොං පෝස්ට් හදලා තියෙන්නේ. රෙදි නැන්දලට හපන් රෙදි මාමලා වගේ තමයි මට එයාලව පේන්නේ. තනිකරම පිරිමි ඇඳුම් දාගත්තු කාන්තාවෝ.”

මේ ගැන පූර්ණිකා කියන්නේ “පසුගිය අවුරුදු කිහිපය ඇතුළත මම බොහෝම ඉවසීමෙන් හිටියා. මම ඒ කාලය ඇතුළත පරීක්ෂා කලා පේෂලටත් ඒ ඉවසීම තියෙනවා ද කියලා. පුතා අවුරුදු දෙකක් පෙර පාසල් ගියා. අවුරුදු දෙකක් පාසල් ගියාටත් පස්සෙ තමයි මම විවාහයක් ගැන තීරණයක් ගත්තේ. මම කාලයක් ගත්තේ ඉන්න මනුස්සයා ඕන කාලයක් ඉන්නවා, යන මනුස්සයා යනවා කියලා දන්න නිසා. මම විවාහ අච්චර කළා මෙච්චර කලා සමහර අය දේවල් කිව්වා. සහන්ට කලින් මම වෙන විවාහ ගිවිස ගැනීමක් කරලා තිබ්බෙ. ඒක විවාහ ජීවිතයකට ගෙනියන්න මට කාලයක් හම්බ වුණේ නෑ සහන්ගෙ සම්බන්ධය නිසා. මම ඒ කාලේ මාස දෙකෙන් තුනෙක් කෙටිකාලීන තීරණයක් ගත්තා. පස්සේ තේරුණා ඒවා සුදුසු තීරණ නෙමෙයි කියලා. මම ස්ථීරවම පවුල් කාපු විවාහයක් තියෙනවා. ඒකනේ ආදිත්‍ය පුතා මට ඉන්නෙ.”

වර්තමාන පරපුරේ කලාකරුවන්ගේ පවුල් ජීවිත හරි ඉක්මණට බිඳිලා යනවා. පේෂල ඒ ගැන කිව්වේ මෙහෙම කතාවක්.

“ඒකට ප්‍රධානම හේතුව තමන්ගේ පෞද්ගලික ජීවිතය කලාකරුවා ලෙස නොව සාමාන්‍ය පුද්ගලයා ලෙස ගෙවන්නේ නැතිකම. ඩිවෝස් කතන්දරේ ඔය දැන්නෙ තියෙන්නේ. පවුල් ජීවිතයට මුල තැන් දුන්නොත් පවුල රැකෙනවම තමයි.”

හායිගල්ස්.එල්කේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *