තොණ්ඩා කැළඹෙයි..මුරලි වෙනුවට සොහොයුරා පොහොට්ටුවෙන් සටනට ?

102

ලෝක ප්‍රකට සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වෙනුවට ඔහුගේ සොහොයුරා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව මවුරටට වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි මුරලි වතුකරය නියෝජනය කරමින් මෙවර තරඟ වැදීමට සූදානම්ව සිටියත්,ඔහුගේ පවුලෙන් එයට විරෝධයක් එල්ල වී තිබෙනවා.

එම නිසා ඔහු වෙනුවට ඔහුගේ සහෝදරයාව මෙලෙස ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීම මුරලි විසින් බාරගෙන තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

කෙසේ වෙතත් මෙම ආගමනය නිසා තොණ්ඩාමන් ඇතුලු වතුකරයේ නියෝජිතයින් පිරිසක් කැලඹීමට ලක්ව සිටින බවද සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *