සුරතාන්තයේදී සෑම කාන්තාවකට ම ස්‍රාවයක් පිටවේ ද?

0
239

සුරතාන්තයේදී සෑම කාන්තාවකටම ස්‍රාවයක් පිටවේද?

2016 වසරේදී මතු වූ ඉහත කී ප්‍රශ්නය, එක්සත් ජනපදයේ මාධ්‍යවේදිනියක වන සෝයි මෙන්ඩල්සන් (Zoe Mendelson) සහ එවක ඇයගේ පෙම්වතා අතර උණුසුම් වචන හුවමාරුවක් දක්වා දුර දිග යාමට හේතු විය.

තෘප්තිමත් විය හැකි පිළිතුරක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට ඔවුන් දෙදෙනාට නොහැකි වූ බැවින් එය නිරාකරණය කර ගැනීම සඳහා තිබුණු එකම විකල්පයේ වූයේ ‘Google’ හි පිහිට පැතීමය.

“තේරුමක් නැති, වැඩකට නැති දේවල් තමයි පිළිතුරු ලෙස ලැබුණේ,” යැයි සෝයි බීබීසී ය සමඟ කියා සිටියාය.

“ඒ වෙනුවට මම වෛද්‍ය සඟරාවල එය සොයන්න තීරණය කළා”.

එමගින් ද සෑහීමකට පත් විය හැකි පිළිතුරක් නොලැබිණි: “මට කිසි දෙයක් තේරුනේ නැහැ. ශරීරයේ කුමන කොටසක් ගැන ද ඔවුන් මේ කියන්නේ, ඒක කොතැන ද තිබෙන්නේ හෝ ක්‍රියාකාරීත්වය කුමක්ද කියලා මට වැටහුනේ නැහැ.”

සෝයි නිගමන දෙකකට එළඹිණි. “මට ලැබී ඇති සියලුම තොරතුරු වැඩකට නැති හෝ පිළිගත නොහැකි දේවල් වීම විශාල ගැටලුවක් කියා මා සිතුවා. දෙවනුව මගේම ශරීරය ගැන මම කිසිවක් දන්නේ නැහැ කියා මට වැටහුනා.”

වසර දෙකකට පසු සෝයි, මෙක්සිකානු ජාතික සිතුවම් ශිල්පිනියක සහ සිය මිතුරියක වන මරියා කොනෙහෝ (María Conejo) සමග Pussypedia ආරම්භ කළාය: එය මුදල් අයකිරීමකින් තොරව අන්තර්ජාලය ඔස්සේ කාන්තා ශරීරය පිළිබඳ පුළුල් පරාසයක විහිදුනු විශ්වසනීය තොරතුරු ලබා දෙන එන්සයික්ලෝපීඩියාවකි (encyclopaedia).

Close up of US journalist Zoe Mendelson
Image captionසෝයි මෙන්ඩල්සන්

ඉහත කී ව්‍යාපෘතියේ පදනම වී ඇත්තේ කාන්තාවන්ගේ රහසඟ (රහස් ප්‍රදේශය) හැඳින්වීමට යොදා ගන්නා “pussy” (පුසි) යන වචනයයි. “පුසි” යන්න අව්‍යක්ත ඉංග්‍රීසි බසට අයත් වචනයකි. “යෝනි මාර්ගය (vagina), යෝනි මුඛය (vulva), භගමනිය (clitoris), ගර්භාෂය (uterus), මුත්‍රාශය (bladder), ගුද මාර්ගය (rectum), අධෝ මුඛය (anus) පිළිබඳ පුළුල්ව සාකච්ඡා කිරීම සඳහා සිය ව්‍යාපෘතිය යොදා ගැනීම සෝයි සහ මරියාට අවශ්‍ය වී ඇත.

“කවුද දන්නේ දවසක අපි වෘෂණ කෝෂ ගැනත් කතා කරාවි.”

නමුත් මෙවැනි ව්‍යාපෘතියක අවශ්‍යතාවක් තිබේද? #MeToo ව්‍යාපාරය, ලොව පුරා පාසල් තුළ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින ආකල්පය මෑත කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක් විය. ලෝකය පැමිණ තිබෙන්නේ අන්තර්ජාලය වෙත පිවිසීමේ පහසුකම ඇඟිලි තුඩු මත පවතින යුගයකටය.

මරියා ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි: “තොරතුරු කියන්නේ බලය” සහ “ලැජ්ජ්ජාව භයානකයි”

“ලිංගික සමානාත්මතාව කියන කාරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය අප විසින් අවතක්සේරු කරනු ලැබ ඇතැයි කියා මා සිතනවා” යනුවෙන් සෝයි පැවසීය.

“අප තවමත් ජීවත් වෙන්නේ විශාල වශයෙන් අසමානතාවක් පවතින, අපේ ශරීරය සහ ලිංගිකත්වය ගැන ලජ්ජාවෙන ලෝකයක. වඩාත් විවෘත මනසක් සහිත පුද්ගලයන් බවට සමාජය පත්වෙමින් තිබුණත් අපි තවමත් මේ ගැටලු අභ්‍යන්තරය තුළම තබා ගෙන සිටිනවා” යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මරියා, සෝයිගේ අදහසට එකඟ වෙයි.

“අපි, අපි ගැන සහ අපේ ශරීරය ගැන දන්නවා කියලා අපි හිතනවා. ඇතැම් දේ ගැන අපි ප්‍රශ්න කිරීමෙන් වැළකී සිටින්නේඒ නිසයි. අපි හිතනවා මේ ගැන අපි මේ වන විට දැනගෙන සිටිය යුතුයි කියලා. මේ ආකල්පය ඉතාමත් සීමා සහිතයි” මෙක්සිකෝවේ සිට බීබීසී ය සමඟ අදහස් දැක්වූ මරියා කියා සිටියාය.

 

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here