සමහරු හිතනවා මම නිතර පාර්ටිවලට සහභාගි වන ඩ්‍රින්ක්ස් එහෙම ගන්න නිළියක් වෙන්න ඇති කියලා

0
92

“එයාලා නැත්නම් එහෙම කියන එකක් නැහැනෙ. මාව දන්න අය මං ගැන දන්නවා…”
“තවම තනිකඩයි. ආදරයක් ගැන හිතලවත් නැහැ…”

ටීනා ශනෙල් සිනමාව ඔස්සේ ඔබට සමීප වෙමින් පුංචි තිරයට ද එක් වූ ඇය මියුසික් වීඩියෝ ඔස්සේ ද සිය රංගන හැකියාව ඉදිරිපත් කළා. සමහරු ටීනාව හඳුන්වන්නේ හොට් මොඩ්ලර් කෙනෙකු හැටියට. අවැසි තැන්වලදී කෙටි ඇඳුමෙන් සැරසෙන්නත් ටීනා පැකිළෙන්නේ නැහැ. මේ ඇය ගැනයි.

ලැබෙන සෑම ආරාධනාවක්ම බාරගන්න පුළුවන් ඒවා නෙවෙයිනෙ. අනික මං ආස නැහැ නිතර දෙවේලේ රූපවාහිනියේ පෙනෙන චරිතයක් වෙන්න. අපෝ මෙයා හැම චැනල් එකකම ඉන්නවනෙ කියලා එතකොට මිනිස්සු කියාවි. එයාලටත් අපිව එපා වෙනවනෙ එතකොට. මට සාමාන්‍යයෙන් රංගනයට ආරාධනාවක් ලැබුණම කාරණා තුනක් ගැන සැලකිලිමත් වෙනවා. එකක් තමයි මගෙත් එක්ක රඟපාන්න ඉන්න නළුවා කවුද කියන එක. ඊට පස්සේ මගේ බජට් එකට හරියනවද කියලා බලනවා. පිටපතත් බලනවා. මේවා ගැන හොයලා බලලා තමයි රඟපාන්න යන්නේ.

හරි අපි මෙහෙම හිතමු. ඔබට හොඳ චරිතයක් ලැබෙනවා. ඒත් ඔබේ බජට් එකට ගැළපෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ?
ටිකක් කතාබහ කරලා බලනවා. හැබැයි මගේ ගාණට වඩා අතිශය අඩු මුදලකට මම රඟපාන්න යන්නෙ නැහැ කියන ප්‍රතිපත්තියක තමයි මං ඉන්නේ. එහෙම කරන්නේ රංගනයේ තිබෙන වටිනාකම පවත්වාගෙන යන්න.

ටීනාට සම්මාන ගැන බලාපොරොත්තුවක් නැතිද?
අපි ඉතින් මොඩ්ලින්වලින් ක්ෂේත්‍රයට ආව කට්ටියනේ. එහෙම අයට සම්මාන දෙනවා අඩුයිනේ. දේදුනු ආකාසේ චිත්‍රපටයේ අපි රඟපෑවා. කෝ කිසිම ඇගයීමක් කළේ නැහැනේ.

ඒ චිත්‍රපටය වෙනුවෙන් සම්මානයක් බලාපොරොත්තු වුණාද?
මට නෙවෙයි, ඒකේ රඟපාපු චුලක්ෂිටවත් සම්මානයක් ලැබුණේ නැහැනේ. අඩුම තරමේ කුසලතා සහතිකයක්වත් දෙන්න තිබුණා. චිත්‍රපටය සෑහෙන කාලයක් හෝල්වල තිබුණා. මේ දවසින් දෙකෙන් ගලවපු චිත්‍රපටවල නිළියන්ට නම් සම්මාන ලැබෙනවා. ඒ අය නිළියොද කියලා අපි දන්නෙත් නැහැ, දැකලත් නැහැ.

මෑතකදී ඔබ ගැන එහෙම කතාබහට ලක් වූ අවස්ථාවක් මතක් කරමු?
චන්දිමාල්ගේ පාර්ටියට මං ගිය විදිහ ගැන නිතර කතාවට ලක් වුණා.

ටීනා ශනෙල් හරිම ආඩම්බරකාර චරිතයක් කියලා ඇතැම් අය කියනවා?
මම . . . නැහැ, එහෙම කියන අය මං ගැන හරියට දන්නේ නැතුව ඇති. එයාලා නැත්නම් එහෙම කියන එකක් නැහැනෙ. මාව දන්න අය මං ගැන දන්නවා. මගේ හිතවත් අය ගාවට මං ළඟට ගිහින් තමයි කතා කරන්නේ. එයාලා මං ගාවට එනකම් ඉන්නේ නැහැ. ඉතින් කොහොමද මං ආඩම්බර වෙන්නේ.

ඔබ හරිම වෙස්ටර්න් ටයිප් කෙනෙක් වග බැලූ බැල්මට පේනවා?
ඒක මගේ පෙනුමනේ. සමහරු හිතනවා මං නිතර පාර්ටිවලට සහභාගි වන ඩ්‍රින්ක්ස් එහෙම ගන්න නිළියක් වෙන්න ඇති කියලා. අනේ මන්දා එයාලා කොහොම මං ගැන විනිශ්චයක් දෙනවද කියලා. ඒවා සේරම අසත්‍ය දේවල්. මං හිතන්නේ මං ඇඳුමෙන් පෙනුමෙන් විතරයි වෙස්ටර්න්.

ටීනා ශනෙල් කියන්නෙ මොන වගේ චරිතයක්ද?
නිළිකම හිතට නොගත්තු කෙනෙක්. තවත් විදිහකින් කියනවා නම් කාලෙන් කාලෙට ස්වරූපය වෙනස් කර ගන්න කෙනෙක්. බොහොම සාමාන්‍ය ගැහැණු ළමයෙක්.

තවම තනිකඩ කෙනෙක් කියලත් කියන්න?
ඔව්. තනිකඩයි. ආදරයක් ගැන හිතලවත් නැහැ.

සරසවිය

01

02

03

04

05

06

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here