ලිංගික ශ්‍රමය සපයන ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුවිය

0
617
SEXImage copyrightGETTY IMAGES

“දවසකට customers ලා දෙන්නෙක් ආවොත් රුපියල් 50,000 ක් ගන්න පුළුවන්. මගේ target එක සතියකට රු ලක්ෂ 3ක්. හැම දවසෙම එහෙම නෑ. මාසෙකට කොහොමත් ලක්ෂ 15කට වඩා හොයනවා. මම මේ ඉන්න Apartment එකට ලක්ෂයක් විතර ගෙවනවා. මේ Job එක කරනකොට පිළිවෙලට ලස්සනට ඉන්න ඕනි. අනික මම සමාජයේ ගණුදෙනු කරන පිරිස අනුවයි වැඩ ලැබෙන්නේ. මම ප්‍රතිපත්තියක් විදිහට සාමාන්‍ය තැන්වල යන්නේ නෑ. ඒ වගේම එකම කෙනෙක් දෙවරක් ආශ්‍රය කරන්නෙත් නෑ.”

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක වන ඇය ලිංගික ශ්‍රමය සපයන්නියකි.

අගනුවරින් දුර බැහැර පලාතක මූලික අධ්‍යාපනය ලැබූ ඇය 2015 වසරේ කොළඹ පැමිණියේ ජනමාධ්‍යවේදිනියක වීමේ සිහිනය ඉටුකරගැනීමේ අටියෙනි.

එම උත්සහය අසාර්ථකව ගිය තැන ඇය උසස් අධ්‍යාපනය ලබන අතරවාරයේ මෙම රැකියාව තෝරාගෙන තිබේ.

ඇය සිය ජීවිත කතාව සැකෙවින් බීබීසී සිංහල සේවයට හෙළි කළාය.

“මට ඉෂාරා කියල කතාකරන්න. (එය ඇයගේ සැබෑ නම නොවේ) මම ඉපදුනේ 1994 අවුරුද්දේ. මගේ දෙමව්පියෝ රජයේ සේවකයෝ. මට තව එක වැඩිමහල් සහෝදරියක් ඉන්නවා. මම අධ්‍යාපනය ලැබුවේ ප්‍රසිද්ධ කාන්තා පාසලක.”

පාසල් අධ්‍යාපනය පිළිබඳව ආවර්ජනය කළ ඇය සිය වෘත්තිය පිළිබඳව හැඳින්වීමට ප්‍රථම පාසල් කාලය සිහිපත් කළාය.

“මම ඉස්කෝලේ කාලේ ලියන්න හරිම දක්ෂයි. මට උවමනාවක් තිබුණ ජනමාධ්‍යවේදිනියක් වෙන්න. මම ඒ දවස්වල පත්තර සඟරා වලට කවි ලියුවා. මම ඉස්කෝලේ මාධ්‍ය කවයේත් හිටියා. මට දැන් ඉතින් එහෙම ලියන්න වෙලාවක් නෑ. හිතට ලොකු දුකක් අවොත් විතරක් මම ලියනවා.”

කොළඹ නගරයේ අවිවේකී ජීවන රටාවකට හුරුවීම තමා බලාපොරොත්තු වූ රැකියාව නිසා සිදුවූවක් නොවන බව අමුතුවෙන් පැවසීමට ඇයට අවැසි නොවිණ.

“මුලින් ගමයි කොළඹයි අතර වැඩි වෙනසක් දැනුණේ නෑ. හැබැයි දැන් ගමේ ගිහින් ඉන්න බෑ. මේ කරන රස්සාවත් එක්ක අමාරුයි. ගමේ යාලුවෝ හිතන්නේ මම ඉගෙන ගන්න අතරේ බැංකුවක වැඩ කරනවා කියලා. අනිත් කාරණේ මගේ Customers ලා ඔක්කොම ඉන්නේ කොළඹ මට මේ හොයන ගාන කොහෙත්ම හොයාගන්න බෑ.”

මම තෘප්තිමත්

SEX

ඇය තමා කරන රැකියාව පිළිබඳ අතෘප්තිමත් ස්වභාවයක් නොදක්වන්නීය.

එමෙන්ම කිසියම් අහඹු සිදුවීමකින් හෝ අතවරයකින් මේ රැකියාවට ඇදවැටුණු බව නොපවසන්නීය.

ඇය පවසන්නේ, තම ස්වාධීන කැමැත්ත සහ යහපත් ආර්ථික ශක්තියක් ගොඩනගා ගැනීම උදෙසා මේ රැකියාවට යොමුවූ බවය.

රැකියාව මත සමාජයේ අඩු සැළකිල්ලක් යොමු නොවිය යුතු බව ඇය විශ්වාස කරන්නීය.

“මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ වෙනත් රැකියාවක් කරන්නම හිතාගෙන නොවෙයි. හැබැයි මට දැනුම අවශ්‍යයි. මම දන්නවා මම දක්ෂයි. අනිත් තරුණ ළමයි වගේම ජීවිතේට මුහුණ දෙනවා. මේ අධ්‍යාපන කටයුතු එක්ක මම මේ දේට යොමුවුණා. කිසිම බලපෑමකින් නොවෙයි. පන්සල් යනවා පිං දහම් කරනවා. යහළුවෝ ආශ්‍රය කරනවා. සතුටින් ඉන්නවා. මම හිතනවා මම සමාජයට අවශ්‍ය කෙනෙක් කියලා. මම කාගෙවත් සතුටක් නැතිකරන කෙනෙක් නෙවි. මේ රස්සාවේදී මට යම් ප්‍රතිපත්ති තිබෙනවා. මට ඒ හැම එකක්ම හෙළි කරන්න බෑ.”

පිරිමි සමාජය දෙස වෛරී මනසකින් ද කටයුතු නොකරන ඇය ලිංගික ශ්‍රමය සැපයීම උදෙසා ශ්‍රී ලංකාවේ පවතින නීති ලිහිල් විය යුතු බව ද පවසයි.

ගැහැණියකු සහ පිරිමියකු අතර ඇතිවන අනුරාගික බැඳීම යටපත් කරමින් පිරිමි මනස විකෘති වී ඇති බව ඇය සිය අත්දැකීම් ඇසුරින් පහදන්නීය.

කෙසේ නමුත් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ කාන්තාවකට සිදුවන ලිංගික හිරිහැර පාලනය කිරීමට නම් පිරිමියා සතු ලිංගික ආතතිය තුරන් කළ යුතු බව ඇගේ අදහස වී තිබේ.

“පිරිමියා ලිංගික අසහනයෙන්”

“දැන් ලංකාවේ බහුතරය porn movies බලනවා. ගොඩක් ඒවගේ තියෙන්නේ මවාපෑම් කියල දැන් මට තේරෙනවා. දෙදෙනෙක් අතර සාමාන්‍ය ලිංගික එක්වීමකින් එහාට ගිය විකාර ඕනෑතරම්. මේ දෙයට නිතර නිතර ඇබ්බැහි වන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දේවල්. ඉතින් ගොඩක් පිරිමි කියාගන්න බැරි අසහනයකින් ඉන්නේ.”

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here