ලස්සන වෙන්න ක්‍රම 10ක්…

0
134

ලස්සන ගැන කතා කරනකොට ගොඩක් අයට මතක් වෙන්නෙ මේකප් නෙ.ඒ තරමට අද වෙනකොට ලස්සන මේකප් මත පදනම් වෙන දෙයක් වෙලා.හැබැයි ලස්සන වෙන්න මේකප් ඕනිම නෑ..අද අපි කියන්න යන්නෙ මේකප් නැතුව ලස්සන වෙන්න පුළුවන් සරල ක්‍රම 10 ක් පිළිබඳව .ඔයත් උත්සහ කරලා බලන්න මේකප් නැතුව ලස්සන වෙන්න

01.හොදින් වැඩුණ ඇහිබැම

ඇස් දෙකත් එක්කම ඕන කෙනෙක්ගේ බැල්ම යොමු වෙන එක් අංගයක් තමයි ඇහි බැම කියන්නේ.ඉතින් කාන්තාවකගේ සුන්දරත්වය රදා පවතින ඒ අංගය ඕනෑම කාන්තාවකගේ මුහුණේ හැඩය හා පෙනුම තවත් ලස්සන කරන්න බොහෝ සෙයින් වැදගත් වෙනවා.ඉතින් ඔබ ඔබේ ඇහි බැම සකස් කිරීමේදී ඔබේ මුහුණට තවත් ආලෝකයක් එක් වෙන විදියට ඇහි බැම සකසා ගන්නත් අමතක කරන්න එපා. ඝනව වැඩුන ඇහි බැම ඔබේ මුහුණට වෙනම සුන්දරත්වයක් එක් කරාවි.ඉතින් ඝන ඇහි බැමි වලට හිමිකම් නොකියන ඔයාටත් පුළුවන් කැස්ටර් තෙල් හා විටමින් ඇ භාවිතා කර ඝන ඇහි බැම යුගලකට හිමිකම් කියන්න.

02.සුදුපාට දත් ටික

කාන්තාවකට හිනාව කියන්නේ මුණේ ලස්සන වගේම හොඳ ආභරණයක්. ඉතින් කට ඇරලා කෙනෙක් එක්ක හිනා වෙන්න නම් අපේ දත් ටික ලස්සනට සුදුවට තියා ගන්න ඕන. මුණ විතරක් සුදු වෙලා ලස්සන වුනාට වැඩක් නෑ කට ඇතුලේ තියෙන දත් ටික ලස්සනට නැත්නම්. ඉතින් දවසට දෙපාරක් දත් මදින එක පුරුද්දක් කර ගන්නවා වගේම පැණි රස ජාති කෑවට පස්සේ කෝපි, වයින් වගේ දේවල් පානය කරාට පස්සෙත් දත් මදින්න අමතක කරන්න එපා.

03.දෑස්

ඕනෑම කාන්තාවකගේ මුහුණේ ලස්සන වැඩි කරන බැලූ බැල්මටම ඕන කෙනෙක්ගේ හිත ඇදී යන්නේ ඇස් දෙකට. ඉතින් අපේ පමණක් කාන්තාවන් නම් මුණ ගැන හිතුවත් ඇස් දෙක ගැන නම් හිතන්නේ ටිකක් අඩුවෙන්. ඇත්තටම ඔබේ ඇස් වටා පවතින අඳුරු ස්වභාවය ඔබේ සුන්දරත්වයට හානි කරන්න පුළුවන්.ඉතින් මෙන්න මේ ඇස් වටා වූ අඳුරු පෙනුම දුරු කර ගන්න ඔයාට රෙනිනොල් සහිත ඇක්ෂන් ක්‍රීම් එකක් භාවිතා කරන්න පුළුවන්.

04.දෙතොල්

කාන්තාවකට දෙතොල් කියන්නේ සරාගය පිරුන අංගයක්. අපේ සමහර කාන්තාවන් නම් තමන්ගේ දෙතොල් අඳුරුයි කියල එක එක ආලේපන වර්ග භාවිතා කරනවා.ඔයාලා දන්නවද ඔය එක එක ආලේපන වර්ග කවලමේ භාවිතා කිරීමෙන් යම් යම් ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන් කියල.ඒ නිසා දෙතොල් හැඩ කර ගන්න දෙතොල් ආලේපන භාවිතා කරනවා නම් ඔයාගේ සමට හරියටම හරියන ආලේපන වර්ගයක් තොරා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබේ දෙතොල් මෘදුව ඇඟිලි තුඩු හෝ මෘදු බුරුසුවක් යොදා පිරිමැදීම තුලින්ද පැහැපත් දෙතොලක් උරුම කර ගන්න ඔබටත් පුළුවන්.

05.හිසකෙස්

කාන්තාවකට තම කෙස් කළඹ කියන්නේ ඇත්තටම සුන්දරත්වයේ වටිනාම තිළිණය.පලිඳු නොවුන දීප්තිමත් දිගුවන් කෙස් වැටියක් ඕනෑම කාන්තාවකගේ සිහිනයක්.ඉතින් සුන්දරත්වය ගැන හිතන කාන්තා ඔබ වැඩිපුරම සැලකිලිමත් විය යුතු තවත් එක් දෙයක් තමයි ඔබේ කෙස් කළඹ.ඔබ නාන විටදී වුනත් ඔබේ හිසට ගැලපෙන එක ෂැම්පු වර්ගයක්ම දිගටම භාවිතා කරන්න අමතක කරන්නත් එපා.ඒ වගේම තමයි ඕනෑම කෙනෙක්ගේ කොන්ඩේ වර්ධනයට හා අග පැලීමට , වියලි බවට මෙන්න වෙනත් හැම ගැටළුවකටම හොඳම බෙහෙත පොල් තෙල්.ඉතින් මුහුණේ සුන්දරත්වය වගේම දිදුලන කෙස් කළඹක් උරුම කර ගන්නත් ඔබත් ඔබේ කෙස් කලඹට වැඩි අවදානයක් ලබා දෙන්න අමතක කරන්න එපා.

06.සන් ක්‍රීම්

පාර ජම්බුල කිරණ ඔබගේ තරුණ සම රැලි වැටුන වයසක සමක් බවට පත් කරයි. එහිදි එයින් මිදීමට සන් ක්‍රීම් එකක් භාවිතා කරන්න. නමුත් සන් ක්‍රීම් භාවිතා කල යුතු වන්නේ තද හිරු රශ්මිය සහිත වටපිටාවක ගැවසෙනවා නම් පමණක් බව මතක තබා ගන්න.

07.සම

කාන්තාවකගේ වගේම පුරුෂ පාර්ශවයෙත් සුන්දරත්වය රැක දෙන ප්‍රධානතම අංග ලක්ෂණයක් තමයි සම කියන්නේ. ඔබ දැකල තියෙනවද සමහර උදවියගේ සම රැලි වැටිලා, විජලනය වෙලා බලන්නත් කැතයි නේද? ඉතින් අන්න එහෙම වෙන්නේ ඔයාගේ ශරීරෙට අවශ්‍ය මේදය වගේම නිසි ජල පරිමාව නොලබුනාම.ඒ වගේම තමයි අපේ සමහර උදවිය සම රැලි වැටීම වලක්වා ගන්න කියල එක එක මාදිලියේ ක්‍රීම් වර්ගත් භාවිතා කරනවා. ඒ අතර සන් ක්‍රීම් ප්‍රධාන තැනක් ගන්නවා. හැබැයි මතක තියා ගන්න මේ සන් ක්‍රීම් වලටත් ඔයාගේ සම රැලි වැටෙනවා. ඔයා සන් ක්‍රීම් භාවිතා කරන්න ඕන තද හිරු රශ්මියක් පවතින වටපිටාවක සැරි සරනවානම් විතරයි. ඔයාගේ සම බැක්ටීරියා වලින් වගේම එක එක සමේ රෝග වලින් ආරක්ෂා කර ගන්නත් වෙන්නේ ඔයාටම තමයි.ඉතින් සම ආරක්ෂා කර ගන්න දිනපතාම නාන්න,ඇග සෝදන්න ඔයාට පුළුවන්. ඔයාගේ සුන්දරත්වය රදා පවතින මුලිකම සාධකය වන සම පිළිබඳ වැඩි අවධානයක් ඔන්න එපාර ඉඳලා නම් දෙන්න සිදු වෙයි.

08.ආහාර

න්ද වගේම අපේ සුන්දරත්වයට බලපාන තවත් හේතු සාධකයක් තමයි අහාර කියන්නේ.අපේ පමණක් කාන්තා උදවිය නම් උයන්න පිහින්න ගියත් කිසිම දෙයක් ගැන හිතන්නේ නැ කාලා ඕන නේද අහවි සේරම කරන්න. එක දවසක කෑම වේලට ඔයා කොයි තරම් නම් දේවල් හදනවා ඇතිද නේද. එත් ඔබ දන්නවද ඔබේ සුන්දරත්වයට ආහාර වල බලපෑම කොයිතරම් නම් බලපානවද කියලා. කාලා කාලා මහත් වුනාම නම් තේරේවි. ඒ වගේම තෙල් ජාති කාල කුරුලෑ දාන කොටත් මතක් වෙයි. ඉතින් එහෙනම් ආහාර ලබා ගනිද්දීත් ටිකක් ප්‍රවේශමෙන් ආහාර ලබා ගන්න. පලතුරු,පලා වර්ග,එළවලු වර්ග වැඩි වැඩියෙන් ලබා ගෙන තෙල් බැදුම් වලින් ටිකක් ඈත් වුනොත් හොඳයි නේද.

09.ඇඳුම්

කාන්තාවකගේ සුන්දරත්වය දිහා බලද්දී ඒ කෙනා අදින පළදින විදිය ගොඩක් වැදගත් වෙනවා.ඉතින් තමන්ගේ උසට මහතට ගැලපෙන විදියට වගේම තමන්ගේ සමේ පාටට ගැලපෙන විදියට ඇඳුම් පැළදුම් තෝරා ගැනීම තුලින් ඔයාගේ සුන්දරත්වය වැඩි කර ගන්න ඔයාට පුළුවන්. ඔයා අඳින ඇඳුමට අනුව එයට ගැලපෙන ආභරණ පැලදීම තුලින් ඔයාගේ සුන්දරත්වය ඉස්මතු වෙලා පෙනේවි. ඒ වගේම තමයි ඇඳුමේ පාටට ගැලපෙන විදියට ඔයාගේ සමට මැච් වෙන්න නිය ආලේපන,තොල් ආලේපන භාවිතා කරන්නත් අමතක කරන්න එපා.

10.නින්ද

ඇත්තටම ඔයාලා බලනවා ඇති නේද අපේ සුන්දරත්වයට නින්ද සාධකයක් වෙන්නේ කොහොමද කියලා. මෙච්චර වෙලා කථා කරපු දේවල් වලට වඩා වෙනස්ම දෙයක් අපේ ලස්සන රැක ගන්න අපට වැදගත් වෙන්නේ කොහොමද ? දන්නවද අපි ලස්සනට ඉන්න නම් අපේ මනස පිරිසිදු වෙන්න ඕන වගේම අපේ මතකයත් හොදින්ම පවතින්න ඕන. අපි නීරෝගීව හිටියොත් විතරයි අපිට අපේ ලස්සන ගැන හිතන්න පුළුවන් වෙන්නේ. පමණක් අය කියනව නේද “ අනේ මගේ ඇස් යට කළු වෙලා, කොන්ඩේ යනවා, දැන් දැන් හමත් රැලි වැටිලා “ කියලා. ඇත්තටම මෙන්න මේ දේවල් සේරටම ප්‍රධාන වුන හේතුව නින්ද කියල මම කිවුවොත් ඔයා විශ්වාස කරනවද. අපි ඕනෑම කෙනෙක්ට පැය හතක හෝ නවයක පුර්ණ නින්දක් අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි. රාත්‍රී 11 න් පසුව නින්දට යාමේදී අපේ ලස්සනට මුලික වෙන යම් හෝමෝනයක් අපේ ශරීරයේ නිපදවෙනවා.ඉතින් ඔන්න එලිවෙනකන්ම ඔන්ලයින්ඉඳන් නිදි වරණ ඔයාට මේක හොඳ පොයින්ට් එකක් වේවි.

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here