ඔස්ට්‍රේලියාවේ වැසිකිලි පවිත්‍ර කරන තරුණයාගේ වෙනස් වූ ඉරණම

0
92

2011 මෙල්බර්න් වල හදමින් තිබ්බ චැනල් 9 බිල්ඩිමට ක්ලීන් කරන්න උදේම කොලු ගැටයෙක් එනවා. කොල්ලගේ නම චමිඳු. ලංකාවෙ ඉඳල ඉගෙන ගන්න ආපු කොල්ලෙක්. පොර සුපුරුදු පරිදි වැසිකිලි ටික හෝදල බින් ටික අස් කරන්න ගන්නවා. ආබාධිතයන්ට වෙන්කරපු වැසිකිලියෙ කසල බඳුන අස්කරන්න ගන්න චමිඳුට ඇස් අදහා ගන්න බැරි දෙයක් පේනවා. බඳුන ඇතුලෙ කසල වෙනුවට 50/100 ඩොලර් කොල පුරවලා. ගල් ගැහුන චමිඳු මුලින් හිතන්නෙ මේක කාගෙ හරි විහිලුවක් කියලා. ඒත් සල්ලි ඇල්ලුවම ඔක්කොම ඇත්ත සල්ලි.

දැන් මොකද කරන්නේ? බෑග් එක පිටින්ම ගෙදර අරන් යනවද? මේක වාසනාවද? නැතිනම්, ගෙදර අරං ගිහින් අහුවෙලා හිරේ යන්න වෙයිද? මේ වගේ දාහක් දේවල් චමිඳුගෙ ඔලුවෙ වැඩ කලා. ඒත් චමිඳු තීරණයක් ගත්තා. මේ සල්ලි මගෙ නෙවේ. මම මගෙ සුපර්වයිසර්ට කතා කරනවා. එහෙම කරපු චමිඳු කෝල් එකක් දීල ලොක්කට එන්න කියනවා. මේක දැකල බය වුන ලොක්කා ටක් ගාල පොලිසියට කතා කරනවා.

පොලීසිය සල්ලි තමන් භාරයට ගන්නවා. සල්ලි ගණන් කරපු පොලීසියත් අන්දුන් කුන්දුන් වෙනවා. ලංකාවේ සල්ලි වලින් එක් කෝටි විසි ලක්ෂයකට වැඩිය සල්ලි. (ඕස්ට්‍රේලියානු ඩොලර් 100,000). කවුද? මේක වැසිකිලියට ගෙනත් දැම්මේ? දවස්. සති. මාස. අවුරුදු වලට පෙරලෙනවා. චමිඳු ඔස්ට්‍රේලියාවෙන් නවසිලන්තෙට යනවා, ඉගෙන.ගන්න. අවු 3 කට පස්සෙ 2014 චමිඳුට කෝල් එකක් එනව ඕස්ට්‍රේලියාවෙ පොලීසියෙන්. “චමිඳු ඔයාට කියන්න ආරංචියක් තියෙනවා. ඔයා හොයල දුන්න සල්ලිවලට තාම අයිති කාරයෙක් හොයාගන්න බැරිවුනා. අද උසාවිය එක හඬින් තීරණය කළා, ඒ සල්ලිවල අයිති කාරය ඔයා කියල.

ඕස්ට්‍රේලියාවේ නීතියේ හැටියට ඒ සල්ලිවලින් ලක්ශ 23ක් ආදායම් බදු හැටියට අරගෙන, ඩොලර් අසූ දාහක් නැතිනම් රුපියල් කෝටියක් චමිඳුගෙ අවංක බාවය අගය කරලා, වික්ටෝරියා ප්‍රාන්ත උසාවිය චමිඳුට ප්‍රධානය කරනවා. ඒ විතරක් නෙවෙයි. ඕස්ට්‍රේලියාවෙ ස්ථිර පදිංචියත් චමිඳුට ප්‍රධානය කරනවා.

අද චමිඳු පරිගනක ඉංජිනේරුවෙක් විදිහට මෙල්බර්න් නගරයේ වාසය කරනවා. තමන්ගෙ අවංකභාවය නිසා චමිඳු අද සතුටින් ජීවත්වෙනවා. ඒවගේම ඕස්ට්‍රේලියාවෙ නොවිසඳුනු අපරාද එහෙම නැතිනම් X- FILES අතරට මේ කතාවත් ඇතුලත්. පොලීසිය සැක කරන්නෙ කලු සල්ලි තමා මෙහෙම හම්බවුනේ කියල…

සටහන | දිනේශ් ජයවර්ධන – උපුටා ගැනීම ඉදුවා

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here