ඉන්දීයාවේ නිළියන් ලස්සන වෙන ක්‍රම

0
129

ඉන්දීය තරුණියන් රූපලාවණ්‍ය පිළියම් භාවිත කරන්නේ

මෙරට මෙන් උත්සව අවස්ථාවලදී පමණක් නොවේ.

එය ඔවුන්ගේ දින චර්යාවේම කොටසක්.

අනාදිමත් කාලයක සිට ඉන්දීය කාන්තාවන් රුව රකින

විවිධ ක්‍රම භාවිත කරනු ලබන්නේ ආයාසයකින් තොරවයි.

පොල්තෙල් කේරළයේ කාන්තාවන්ට දිගු දැකුම්කලු කෙස් කලඹක් තිබෙනවා.

ඔවුන් පොල්තෙල්වලට පොකුරු වදමල් සහ

කරපිංචා කොළ දමා සිඳුවා ගන්නා තෙල් දිනපතා හිස ගල්වනවා.

මේ නිසා දිලිසෙන, තද කළු පැහැති දිගු කෙස් කලඹක් ඇතිවෙනවා.

ඒ වගේම ඔවුන් සවසට මඳක් උණුසුම් කළ පොල්තෙල් ඇඟිලි තුඩුවලින් හිසේ,

සමේ ගා පිරිමදිනවා. පසුදා උදේ හොඳින් හිස සෝදා නානවා.

මෙය දිනපතාම වාගේ කිරීමෙන් ඉහත ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙනවා.

වියළි කහ කුඩු
පුරාණ කාලයේ සිටම ඉන්දීය කතුන් කහ රූපය සුන්දර

කරන ද්‍රව්‍යයක් ලෙසට භාවිත කර තිබෙනවා.

තරුණියක් මනාලියක් වන විට දින කිහිපයක සිටම

කහකුඩු ජලයේ මිශ්‍ර කර ශරීරයේ ආලේප කරනවා.

එවිට සම රන්වන් පාට කර සමේ කුරුලෑ බිබිළි ආදිය සුව වෙනවා.

විෂබීජ නැසෙනවා. වියළි කහ කුඩු එළකිරි සමඟ මිශ්‍ර කර ඇස් වටේ

ගෑමෙන් සම රැලිවැටීම වැළකී සම පැහැපත් වෙනවා.

ඒ වගේම කහකුඩු,පොල්තෙල් සමඟ මිශ්‍රකර මඳක්

රත්කර ගෑමෙන් යටිපතුල් පැළීමද සුව වෙනවා.

සුදු හඳුන්
සුදු හඳුන් ශරීරය සිහිල් කරන, ඉතාමත්ම ආකර්ෂණීය සුවඳකින්

යුතු ඔෟෂධයක්. ඉන්දියාවේ උත්සව අවස්ථාවන්හිදී

සුදුහඳුන් කුඩු කුඩා මංජුසාවකට දමා අමුත්තන්ට

තිළිණ කරන අවස්ථා දක්නට ලැබෙනවා.

ඒ වගේම සුදු හඳුන්, රෙදි අල්මාරි තුළ තැබීමෙන් ඒවා සුවඳවත් වෙනවා.
සුදුහඳුන් තෙල් මෙන් දෙගුණයක ප්‍රමාණයක්

අබතෙල් සමඟ මිශ්‍ර කර ගෑමෙන් කුරුලෑ සුව වෙනවා.

උෂ්ණ කාලවලදී සුදු හඳුන් කුඩු වතුරට මිශ්‍රකර

ඇඟේ ආලේප කිරීමෙන් දාහය අඩුවෙනවා.

සම පැහැපත් වෙනවා. ඒ වගේම සුදු හඳුන් කුඩු තැඹිලි ගෙඩියකට

දමා රැයක් තිබෙන්නට හැර උදේ හිස්බඩ පානය

කිරීමෙන් කාන්තාවන්ගේ ඔසප් දෝෂ සුවකොට

ශරීරය සිසිල් වෙනවා. පැහැපත් වෙනවා.

මීපැණි
මීපැණි ආලේප කිරීමෙන් සම වියළීම වළකිනවා.

ර්ධඪඵබභපඪලඥප එකක් ලෙස ක්‍රියා කරනවා.

මීපැණිවලට එළකිරි මිශ්‍රකර එයටම කුංකුමප්පු ස්වල්පයක්

එකතු කර මුහුණේ ආලේප කිරීමෙන් (ජ්චජඥ නචජඬ) සම

පැහැපත් වෙනවා. ඒ වගේම ඔලිව් ඔයිල්වලට මීපැණි මිශ්‍ර

කර හිසේ ගා පිරිමැදීමෙන් එය ඩ්චඪප ඛ්ධදඤඪබඪධදඥප

එකක් ලෙස ක්‍රියා කරනවා. හිසේ සම පිරිසුදු වෙනවා.

මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක මඟින් සම වයසට යෑම ප්‍රමාද කරනවා.

මුදවපු කිරි
ආහාරයක් වශයෙන් මෙන්ම සම පිරිසුදු කරන ඛ්තඥචදඵඥප එකක් ලෙස භාවිත කරනවා. මුදවපු කිරිවලට දෙහි ඇඹුල් බින්දු කීපයක් මිශ්‍රකර මුහුණේ (ශරීරයේ) ආලේප කිරීමෙන් සමේ තෙතමනයද ආරක්ෂා වී සම පිරිසුදු වෙනවා. මෙය මුළු ශරීරයේම වුවද ආලේප කර විනාඩි 15කට පමණ පසු සෝදා හැරිය හැකිය. මුදවපු කිරිවලට බාර්ලි පිටි මිශ්‍ර කර සමේ ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර පසුව සිසිල් ජලයෙන් සෝදා හැරීමෙන් සම පැහැපත් වෙනවා.

එඬරු තෙල්
ඉන්දීය යුවතියන් සම පැහැපත් කරගැනීමට එඬරු තෙල්ද භාවිත කරයි. මෙම තෙල් උකුයි, ඒ වගේම ඇලෙනසුලුයි. ඇස්වටා සහ අතුල් පතුල්වල ආලේප කිරීමෙන් ශරීරය සිසිල් වේ. පිරිසුදු එඬරු තෙල් තේ හැඳි 01ක් උණුසුම් ජලය සමඟ මසකට වරක් පානය කිරීමෙන් මලබද්ධය වළකිනවා. ආහාර මාර්ගය හොඳින් පිරිසුදු වෙනවා. මෙය සුන්දරත්වය වැඩිවීමටත් හේතු වෙනවා. දිනපතා නෑමට පෙර ඇඟේ එඬරු තෙල් ස්වල්පයක් ආලේප කර පිරිමැදීමෙන් සම නිරෝගී වෙනවා, සම පැහැපත් වෙනවා.

මුං ඇට පිටි
මුං ඇට පිටි සම පිරිසුදු කරනවා. මුං ඇට පිටි ජලය සමඟ මිශ්‍රකර මුහුණේ ආලේප කිරීමෙන් සමේ ඇති දුර්වර්ණ බව නැතිවෙනවා. තරුණියන් විසින් මුං ඇට පිටි කිරි, මුදවපු කිරි, කහ කුඩු සහ මී පැණි සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ සම පැහැපත් කරනවා. එමඟින් සම මටසිලුටු වේ.

මේ ආකාරයෙන්ම කොහොඹ තෙල්, තුලසි පත්‍ර යන ආදියද ගැමි යුවතියන් සමේ පැහැය ඇති කරගැනීම සඳහා භාවිත කරන අවස්ථා දැක ඇත. කොහොඹ තෙල් ආලේප කිරීමෙන්ද සම වියළීම වළකියි. මදුරුතලා (තුලසි) කොළ එළකිරෙන් අඹරා ගෑමෙන් කුරුලෑ සුව වේ.
සෑම තරාතිරමකම ඉන්දීය යුවතියන් තම සුන්දරත්වය වැඩි කරගැනීම සඳහා දිනපතා හෝ සමහර විට ඉඩ ලද සෑම අවස්ථාවකම මෙවැනි සරල ඔෟෂධ භාවිත කරනවා. ඔවුන් රූපලාවණ්‍යාගාරවලට යෑම කලාතුරකින් සිදුවන දෙයක්. මේ සෑම දෙයක්ම ඔවුන් කරනු ලබන්නේ නිවෙසේදීමයි. මෙහි දක්වා ඇති බහුලව භාවිත කරන ක්‍රමවලට අමතරව තවත් බොහෝ දේ ඔවුන් නිතර භාවිත කරනවා. මේ විදියට බලන විට පෙනීයන දෙයක් වන්නේ සෑම ඉන්දීය කාන්තාවක්ම රූපලාවන්‍ය ශිල්පිනියක් බවයි.

උපුටා ගැනීම නෙත් ටීවී

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here