කුසල් මෙන්ඩිස්ට දිගින් දිගටම අවස්තාව ලබා දෙන හේතුව හතුරුසිංහ කියයි..

කලකට පසු මවුබිමේදී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග පැවැති දෙවන ටෙස්ට් තරගයද පරාජයට පත් විය. නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාව නොමැතිව මෙම තරගයට ශ්‍ ප්‍රවිශ්ඨ විය. ජයගත හැකිව තිබූ තරගයක් මෙලෙසින් පරාජයට පත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ දුර්වල පිතිහරඹය හේතුවෙනි.

තරගයේ පළමු සහ දෙවැනි ඉනිම් ද්විත්වයේම කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ එක ලකුණ බැගිනි. ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සුපුරුදු පරිදි අසාර්ථක වූ අතර කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාසය කැපී පෙනුනි.

කෙසේ වෙතත් කෙතරම් අසාර්ථක වුවද කුසල් මෙන්ඩිස්ට සහ නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ අවස්‍තාව ලබා දෙන පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. එහිදි ඔහු පවසන්නේ දක්ෂතා දැක්වීම ප්‍රමාද වුවද කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල දක්ෂ ක්‍රීඩකයන් නිසා දිගින් දිගටම අවස්තාව ලබා දෙන බවයි.

එහිදි අදහස් දැක්වූ හතුරුසිංහ පැවසූවේ

“ඉදිරියේදී අපිට නවසීලන්තය, ඔස්ටේ‍්‍රලියාව සහ දකුණු අපිකාවේදී තරග කරන්න තියෙනවා. ඒ තරගාවලීවලදී ක‍්‍රීඩකයන්ව වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඕනෑම ක‍්‍රීඩකයකුට අසාර්ථක වෙන කාලයක් තියෙනවා. කුසල් මෙන්ඩිස් කියන්නෙ මේ වසරේදී ලකුණු 600 කට වැඩිය ලැබූ පිතිකරුවෙක්. ඔහු ගාල්ලේ තරගයේදී ලකුණු 45 ක් ලැබුවා. ඒ වගේම නිරෝෂන් දික්වැල්ල කියන්නෙත් අපිට ඉන්න හොඳම කඩුලූ රකින්නෙක්. ඔහු පිතිකරුවෙක් ලෙස ඉදිරියේදී ලකුණු අතරට පැමිණේවිය. මෙතන වෙලා තියෙන්නෙ ඔවුන් දක්ෂ වුණත් ඒ දක්ෂතාව එළියට ඒම ප‍්‍රමාද වීමයි..” යනුවෙනි.