තමන් අශිෂ්ඨ බව ජවිපෙ නායකයා පාර්ලිමේන්තුවේදී පිළිගනී..

අද පැවති පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිගැනීමට පැවති ඡන්දයේදී වැඩි ඡන්ද 121කින් එම ඡන්දය සම්මත විය. නමුත්, එම කාරක සභාවේ සංයුතිය කථානායකගේ තීරණය පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට එරෙහි බවත්, කථානායක පක්ෂග්‍රාහී බවත් පවසමින්, ඔහුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හෙලා දකින බව පවසමින් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරන ලදී. එය ලබන 7 වන දින ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දෙන තෙක්ම ක්‍රියාත්මක කරන බැව් ආණ්ඩු පක්ෂය දැන්වීය.

ඒ අතර ආණ්ඩු පක්ෂය නොමැති පාර්ලිමේන්තුවේ වේගවත් කතාවක් කල ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ කුමන්ත්‍රණය අශිෂ්ඨ නම්, තමන්ද අශිෂ්ඨ ලෙස ප්‍රති ක්‍රියාකරන බවයි. කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් පවසන්නේ අනුර කුමාරගේ මෙම කථාව සමච්චලයට ලක් විය යුතු බවත්, 2015 ජනවාරි 9 ආසන 52ක් හිමි රනිල් වික්‍රමසිංහ අගමැති කරවන්නට සැකසූ කුමන්ත්‍රණය වෙනුවෙන් කටක් ඇරපු නැති අනුර කුමාර දිසානායක මෙවන් කතා පැවසීම තේරුම් ගත නොහැකි කරුණකුත් ලෙසය.

විධායකයේ පූර්ණ බලතල සහ කැමැත්ත මත කටයුතු කල එකම විදිහේ අවස්ථා දෙකක්, ජවිපේ නායකයා විසින් විදි දෙකකට අර්ථ කතනය කිරීම තුල සමස්ත ජවිපයම පිළිබඳ තිබෙන චිත්‍රයට දැඩි හානි පැනවෙන බවද දේශපාලක විචාරකයින් අදහස් දක්වයි.

කෙසේ වෙතත් පසුගිය දිනෙක මේ පිළිබඳ අදහස් දැක්වූ ජවිපේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත සහෝදරයා පවසා සිටියේ අනුර කුමාර හා විජිත හේරත් පාර්ලිමේන්තුවේ කරන කටයුතු තම දේශපාලන පක්ෂයේ සමස්තය නියෝජනය නොකරන්නක් බවයි