ජවිපෙන් ඉගෙන ගත්ත පාඩම් හයක්…

අද නන් ජවිපෙ සහෝදරවරුන්ගෙන් සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගත්ත සෑහෙන්න හැපනින් දවසක්. එක එක සරලව ලියල තියන්න ඕන අමතක නොවෙන්න.

1. අගමැති ඉවත් කිරීම නීත්‍යානුකූල නොවුනත් එයින් ජනතාවගෙ මූලික අයිතිවාසිකම් කඩ වෙන්නෙ නෑ. කඩවෙනව නන් වෙන්නෙ එවෙලෙ අගමැති කමේ ඉන්න කෙනාගෙ, මේ ඇති වෙච්ච සිද්ධියෙදි නන් රනිල්ගෙ. ඒ හන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕන නන් රනිල් යයි. මොකද ඒක එයාගෙ ප්‍රශ්නයක්. ඒකෙන් ජනතාවගෙ මූලික අයිතිවාසිකම් කඩවුනේ නැති නිසා ජවිපෙට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න වුවමනාවක් නෑ.

2. රනිල් වික්‍රමසිංහ නීත්‍යානුකූල අගමැති නොවීත් අරලියගහ මන්දිරයේ ඉඳිමින් ජනතා මුදල් කාබාසිනියා කිරීම නීති විරෝධී බව ජවිපෙ පිළි ගන්නවා. හැබැයි ඒකට විරුද්ධව ජවිපෙ උසාවි යන්නෙ නෑ, නිකන් විරෝධය පාල ප්‍රකාශයක් නිකුත් කරල යන්න කියල කියනව විතරයි.

3. මහින්ද අගමැති විදියට පත් කරන එකට ජවිපෙ විරුද්ධ හේතුවක් තමා ඒක එයාලට අනුව ව්‍ය්වස්ථාවට විරුද්ධ වීම. හැබැයි ඒකට එයාල උසාවි යන්නෙ නෑ.

අනිත් හෙතුව තමයි ඒක ජනවරමට විරුද්ධ වීම. ජනවරමට අනුව පත් කරන්න ඕන කාවද කියල ජවිපෙ කියන්නෙ නෑ. කවුරු අගමැති කලොත් ද ජවිපෙ විශ්වාසභංග නොගෙනෙන්නෙ කියල කියන්නෙත් නෑ. ජනවරමට අනුව ඕන කෙනෙක් කියල විතරමයි කියන්නෙ.

4. මහින්දට අගමැතිකම දෙන්න කලින් කරූ සජිත් දෙන්නගෙන් ඇහුව කියල සිරිසේන කියන කතාව කරූ සජිත් දෙන්නවත් බොරු කියලා නැති උනත්, ජවිපෙ කියන්නෙ ඒක සිරිසේනගෙ බොරුවක් කියලයි. වෙන අයට දීල නොගත්ත නිසා මහින්දට දුන්න කියන එක ජවිපෙ පිළිගන්නෙ නෑ. ඒ නිසා සුදුස්සෙකුට නොදී මහින්දට කෙලින්ම දීපු හන්ද ජවිපෙ විරුද්ධයි.

05. ජවිපෙ විප්ලවවාදියා: ඇවන්ගාඩ් ගනුදෙනුවෙන් සිදු කර ඇති වංචාව කෝටි 1140

අපි: කොහොමද ඒ ගණන් හැදුවෙ කියල අපිට පෙන්නන්න.

ජවිපෙ විප්ලවවාදියා: අයියෝ සිම්පල්.තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරල නඩු වාර්ථාවෙ පිටපතක් අරන් බලන්න.

අපි: ඉතින් ගණන හදන්න ගත්ත ඒ පිටපත අපිටත් දෙන්නකො

ජවිපෙ විප්ලවවාදියා: අපිත් මේ තාම එනකන් තමා බලන් ඉන්නෙ

අපි: එතකොට කෝටි 1140 ගාන හැදුවෙ පිටපත නැතුවද?

ජවිපෙ විප්ලවවාදියා: නෑ ලංකාදීප ආටිකල් එකක තිබ්බ පාඩුව බිලියන 11.4 කියල. එතකොට ඒක කෝටි කරන්න 100න් වැඩි කරන්න ඕන. 11.4×100=1140. ඕක තමා ගාන හදපු විදිය. ඔයිට වඩා තවත් මොනවද

අපි: කටෞත්තර නැත.