ජාතික සම්පත් හා ජාතික සමගිය රැක ගැනීමේ සංවිධානයෙන් පණිවිඩයක්..

ශුද්ධ වූ බයිබලය ගැන හෙලන කිඹුල් කඳුළු සහ පාර්ලිමේන්තුවේ ගුටි බැට…

මේ අභිමානවත් මාතෲ භූමිය උප නූපන් අනාගත පරපුරට තිළිණ කිරීමේදී ජාතික සම්පත් මෙන්ම ජාතික සමඟියද සුරැකීමේ ඉමහත් කාර්‍ය භාරයක් අප හමුවේ ඇත. ඒ පිළිබඳව ජනාධිපති මන්දිරයේ සිට ගැමියාගේ පැල්පත දක්වාම කරන අයහපත් දේවල් කෙරෙහි සැබෑ ජනමතයක් ඇති කල යුතුව ඇත.

තමන්ගේ බලය වෙනුවෙන් රටේ වැසියන් ආගමිකව අවුස්සන්න හදන තිරිසන් දේශපාලකයන් පිළිබඳව අප හඬ නැගිය යුත්තේය. හිටපු මුදල් ඇමතිතුමා වරෙක කාදිනල් පූජ්‍ය මැල්කම් මාශල් හිමිපාණන්ට අපහාස කලේය.. ඒ තම බලය වෙනුවෙනි. ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් ඡෝදනා වලට, මාතෲ භූමිය වෙනුවෙන් පිළිතුරු දුන් අති උතුම් කාදිනල් මැල්කම් මාශල් අගරදගුරු හිමිපාණන්, මේ නිර්ලජ්ජිත මංගල සමරවීර නම් දේශපාලකයා ඡෝදනා එල්ල කලේය.. ඒ තම බලය රැක ගැනීමටය. එවකට ආණ්ඩු පක්ෂයේ සිටි හරීන් ප්‍රනාන්දු, ජෝෂප් මයිකල් පෙරේරා, එරාන් වික්‍රමරත්න වැනි කිතුනු බැතිමතුන් මීක් ගෑවේ නැත. තම බලය වෙනුවෙන් ඔවුන් කාදිනල් වරයා සහ ස්වකීය ආගම අපූරුවට පාවා දුන් බව ඔබට මතක ඇති.

ඉහත පූර්විකාව ලියන්නට අප අදහස් කලේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තම නිර්ලජ්ජිත බල තන්හාව වෙනුවෙන් කිතු දහම පාවිච්චි කරනු දැකීමෙනි. පසුගිය දිනවල පාර්ලිමේන්තු පොර පිටිය කිසිදු ශ්‍රී ලාංකිකයෙක් අනුමත නොකරන බව මගේ විශ්වසයයි.. නමුත් මේ කථාව එම සිද්ධියට ආගම සම්භන්ධ කරගෙන, නිර්ලජ්ජිත දේශපාලකයින් තම බලය පවත්වා ගැනීමට ගත් ජුගුපසාජනක උත්සහයයි.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙන්නේ ඊයේ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු තම ශුද්ධ වූ ආගමික පුස්තකය වූ බයිබලයෙන් කථා නායක වරයාට පහර දුන් බවයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු ද කිතුනු භක්තිකයෙකි.. ඔහු පොතකින් පහර දෙන බව හැබෑය. නමුත් රාජ්‍ය ලාංඡනය සහිත මෙවන් බයිබලයක් ලංකාව තුල නොමැති බව නලීන් බණ්ඩාර තේරුම් ගත යුතුය. පාර්ලිමේන්තු කථා නායක ගේ මේසය උඩ ශුද්ධ වූ බයිබලයක් තබා පිරුවානා පොත් වහන්සේ නමක් වත් නැති බව නලීන් බණ්ඩාර තේරුම් ගත යුතුය. එම නිසා තම බලය උදෙසා කිසියම්ම හෝ ආගමක් සම්භන්ධ කරගෙන මෙවන් වූ තුච්ඡ උපාය මාර්ග අනුගමනය නොකරන්නට දේශපාලකයින්ට බල කරමු. තමන් ඡන්දය දෙන දේශපාලකයා නිවැරදි මඟට ගන්නට කැපවෙමු. බලය උදෙසා ආගම බිලිදෙන්නට හදන නිර්ලජ්ජිත දේශපාලකයන් ගෙදර නවත්වන්නට අවශ්‍ය කාලය එළැඹ ඇත.

මෙම ඡායාරූපයේ සඳහන් ආකාරයට 232 දෙදෙනෙක් මෙම සටහන බෙදාගෙන තිබේ.. ලංකාවේ ඡන්ද දායකයා මීට වඩා අවභෝධයෙන් කටයුතු කල බවද හැඟේ..