ආත්මාර්ථය උදෙසා රටක් බිලිදෙන මාමයි බෑණයි..

කථානායක කරූ ජයසූරියගේ වත්මන් ක්‍රියා කලාපය පිළිබඳව ආන්දෝලනාත්මක ලිපියක් Gosip Lanka Today ෆේස්බුක් පිටුවෙහි, මීට මොහොතකට කලින් පළවී තිබේ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බලලෝභී ම්ලේච්ඡයෙක් බවත්, කරු ජයසූරිය හා නවීන් දිසානායක යනු ස්වකීය ආත්මාර්ථය උදෙසා මුලු රටක් පාවාදෙන තිරිසනුන් බවත් එම ලිපියේ සදහන් ව තිබේ. එම ලිපිය පහතින්..

උපුටා ගැනීම

කරු ජයසූරිය නම් නායකයා මෙලෙස හැසිරෙන්නේ ඇයි?

ඔබට මතකනම් 1994 ජනාධිපති මැතිවරණය.. එහිදී එජාප අපේක්ෂකත්වයට සුදුසුකම් ලබා ගෙන සිටියේ එජාප නායක කෘතහස්ත දේශපාලකයෙකු වන ගාමිණී දිසානායක මැතිතුමන් ය. තොටලඟ වේදිකාව අසල පුපුරා ගිය බෝම්භයෙන් ගාමිණී දිසානායක සහ එජාපයේ පළමු පෙල නායකයින් සියල්ල ජීවිතක්ෂයට පත් විය. සාමාන්‍ය මැතිවරණ වේදිකා සම්ප්‍රදායට අනුව, ජනපතිවරණ අපේක්ෂකයාට කලින් කතා කරන්නේ පක්ෂයේ ජාතික සංවිධායක වරයාය. නමුත් එවකට එම තනතුර දැරූ රනිල් වික්‍රමසිංහ පස්වරු 4.45 වන විට සිය කථාව පවත්වා වේදිකාවෙන් බැස ගියේය. 1985 සිට එජාප නායකත්වය වෙනුවෙන් සිටි කෘතහස්ත නායකයින් සියළු දෙනා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් අතින් ඝාතනය විය. නමුත් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් රනිල් වික්‍රමසිංහට ගල් කැටයකින්වත් ගහන්න උත්සාහ කල බවක් ඉතිහාසයේ ලියැවී නැත. නමුත් 1994 සිට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් වන 2009 වසර දක්වාම රනිල් වික්‍රමසිංහ විටෙක විපක්ෂ නායකයාය. විටෙක අගමැතිය. මුලු මහත් කාලය පුරාම එජාප නායකයාය..

2002දී රනිල් වික්‍රමසිංහ අගමැති වූ සැණින් එල්.ටී.ටී.ඊ සංවිධානත් සමඟ සටන් විරාම ගිවිසුම ඇරඹිණ. කොටි පොලීසි, කොටි උසාවි, කොටි බැංකු ආදී වෙනම රාජ්‍යයකට අවැසි මූලික කටයුතුද උතුරු නැගෙනහිර ආරම්භ කෙරුණි. රටේ වාසනාවට 2004 දී රනිල් වික්‍රමසිංහ ධුරයෙන් පහ කරන්නට ජනතාව කටයුතු කරනු ලැබිණ. රනිල් වික්‍රමසිංහ නම් මිනිසා කෙතරම් බල ලෝභී, බිහිසුණු මිනිසෙක්ද යන යටි කතාව තේරුම් කරන්නට මීට වඩා පැහැදිලි කිරීම් අනවශ්‍යය. එසේ අවශ්‍ය නම් තවත් එක් උදාහරණයක් ඔබට ලබා දිය හැක.

19 වන සංශෝධනයට අනුව ජනපතිවරයා ධූරයෙන් පහ වූ විටෙක අගමැතිවරයා ජනපති බවට පත් වේ. පසුගිය කාලයේ පැවති වාතාවරණය හමුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ජාතික සම්පත් විකුණන, ජනතාව බදු බරින් මිරිකුව, විදේශ ගැති පාලනයට එරෙහිව සටන් කරන්නට පටන් ගත්තේය. මාස හයක් යන්නට කලින් ජනතාව භීතියට පත් කරමින් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, ඉදිරි ජනපතිවරණයේදී වඩාත් මහජන සහයෝගය ඇතැයි පෙණුන අපේක්ෂකයා ලෙස හැඳින්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කරවීමට තැත් දැරූ රටේ පොලිස් කුමන්ත්‍රණයක් පිලිබඳ තොරතුරු එළියට ආවේය. මේ කථා තුල රනිල් වික්‍රමසිංහ යනු කෙතරම් බල ලෝභී ම්ලේච්ඡ ඝාතකයෙක්දැයි සිතන්නට අමුතු කාරණා අවශ්‍ය නොවේ.

පසුගිය ඔක්තෝබර් 26 වනදා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණීමත් සමඟ රනිල් වික්‍රමසිංහට ඉතිරි වූයේ කතානායකගේ හව් හරණ පමණි. මහපොලවේ බලය පෙබරවාරි 10 වන දින ගිලිහී ගියේය. පක්ෂයේ බලය නිරන්තරව එක් එක් දිසාවන්ට ඇදුනි. සජිත් ප්‍රේමදාස, රුවන් විජේවර්ධන, පාඨලී චම්පික රණවක වැනි එජාප නායකත්වය උදෙසා කියැවුනු, විකල්ප නම් අතර නවීන් දිසානායක යනු ඉහලින්ම කියැවුනු නමකි.

කවුද මේ නවීන් දිසානායක.. 1994 තොටලඟ බෝම්භයෙන් මියගිය කෘතහස්ත දේශපාලන නායකයාගේ ජ්‍යේෂ්ඨ පුත්‍ර රත්නයයි. එපමණක් නොව වත්මන් කතානායක කරු ජයසූරියගේ දෙටු දියණිය වූ වෛද්‍ය ලංකා ජයසූරියගේ ස්වාමි පුරුෂයායි. එනම් වත්මන් කතානායකගේ සමීපතම දේශපාලන බෑණායි. මේ මාමාත් බෑණාත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය උදෙසා කරන සියුම් වැඩපිලිවෙල අප ඔබට කියන්නට කටයුතු කරමු.

පක්ෂ නායකත්වය ලබා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ රැකගත යුතුය. රනිල් වික්‍රමසිංහ රැක ගැනීම සඳහා දැන් ඉතුරු වී ඇත්තේ පාර්ලිමේන්තු බලය පමණකි. පාර්ලිමේන්තුවේ කථා නායක කරූ ජයසූරිය මාමාය. ඔහුව රැක ගැනීමට ආණ්ඩු පක්ෂයට මැදගිල්ල දික් කරන්නේ නවීන් දිසානායක බෑණාය. සුපිරිසිදු දේශපාලකයෙක් ලෙස හැව පොරවා ගෙන සිටි කරු ජයසූරිය පසුගිය දින කිහිපයේදී තම හැව ඇර නියම කරු ජයසූරිය ජනතාවට විදහා දක්වමින් සිටී.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කරමින්, පාර්ලිමේන්තු න්‍යායපත්‍ර නොසලකමින්, ඒ කෙසේ වෙතත් මන්ත්‍රීවරු අත උස්සා ඡන්දය ලබා ගැනීමද සිදු නොකරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුච්ඡ ඒකාධිපතිත්වයක් තුලට ගොනු කරමින් තිබේ. කරූ ජයසූරිය මාමාගේ ප්‍රතිරූපය බල්ලට විසි කරමින්, නවීන් දිසානායක බෑනා ආණ්ඩුවට තම මැදගිල්ල උරුක් කරමින් පක්ෂ නායකත්ව සිහිනයේ ගිලී සිටී. රනිල් වික්‍රමසිංහ විසින් දිගින් දිගටම කරු ජයසූරියට, නවීන්ගේ පක්ෂ නායකත්වය පෙන්වමින් තම පක්ෂ නායකත්වය රැක ගැනීමේ සටනක නිරතව සිටී. කෙසේ වුවද හත් වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු මේ නාට්‍යයේ විසිල් බල්ටි උඩ කරණම් බිම කරණම් එළිපිට බලා ගත හැක්කේ, කෙතරම් වෙස් මුහුණු හැංගිලා බැන්දත් නටන්න එළියට ආ යුතු නිසාය.

කෙසේ වෙතත් පක්ෂ නායකත්ව සිහිණයක් තුල ගිලී, රට දිනෙන් දින අගාධයක සිර කරන රනිල් වික්‍රමසිංහටත්, කරු ජයසූරිය මාමාටත්, නවීන් දිසානායක බෑණාටත් එක දෙයක් කිව යුතුව ඇත.

ඒ ස්වකීය ආත්මාර්ථය උදෙසා සමස්ත රටක් බිලිදීමට සූදානම් නොවී, වෙන ක්‍රමයක් සොයා ගන්නා ලෙසය.

උපුටා ගැනීම අවසන්..

එම ලිපියට සබැඳිය මෙතනින්.