කටේ තියන් රතිඤ්ඤා පත්තු කරපු විදේශිකයාට වූ ඇබැද්දිය..

රතිඤ්ඤා කරලක්‌ මුඛය තුළ තබාගෙන දැල්වීමට යැමෙන් තුවාල ලැබූ විදෙස්‌ ජාතිකයෙකු ඊයේ (01දා) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

45 හැවිරිදි තුර්කි ජාතිකයෙකු වන අදාල පුද්ගලයා පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙන බවත් සදහන්.

නව වසර උදාවත් සමග සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් ඊයේ (01 දා) සවස වන විට පුද්ගලයින් 500 කට ආසන්න සංඛ්‍යාවක්‌ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙවර නව වසර උදාවත් සමග වාර්තා වූ අනතුරු සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්‌ෂව අඩුවක්‌ දක්‌නට ලැබෙන බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය සදහන් කරනවා.