ඉන්දියාවෙන් ගෙන්වූ කේරල ගංජා තොගයක් තලෙයිමන්නාරෙම්දී අත්අඩංගුවට…

තලෙයි මන්නාරම සහ ඌරුමලෙයි අතර මුහුදු තීරයේදී සගවා තිබූ කේර්ල ගංජා කිලෝ 39 ග්‍රෑම් 800 ක ප්‍රමාණයක් උතුරු මැද නාවික විධාන මූලස්ථානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන ඇත.

උතුරු මැද නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් ඌරුමලෙයි සහ තලෙයිමන්නාරම මුහුදු තීරයේදී පාමුර සංචාරයක් කරන අතරතුර මුහුදු වෙරල ආසන්නයේ පිහිටි කැලෑ රොදක සගවා තිබූ පාර්සල් 4ක අදාල කේරල ගංජා තොගය සගවා තිබූ බවට නාවික හමුදා නිලධාරීන් කියා සිටියහ.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමක් ඇති බවටත් ඉන්දියාවේ සිට මෙරටට ගෙනවිත් මෙසේ සගවා තබන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටින අතර සැකකරුවන් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතරම කේරල ගංජා තොගය මන්නාරම් පොලීසියට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ