නාමල් කුමාරගේ ජංගම දුරකතය හොංකොං යවයි! මෙන්න විස්තරේ..

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකළ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ ජංගම දුරකතය හොංකොං රාජ්‍යයේ පිහිටි අදාල දුරකතන සමාගම වෙත ගෙන යාමට තීරණය කර තිබෙනවා.

නාමල් කුමාර විසින් ඉදිරිපත් කළ හඬ පට අතුරින් ඇතැම් ඒවා මකා දමා තිබීම නිසා එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා එළඹෙන සතියේදී අදාල දුරකතන සමාගම වෙත රැගෙන යන බව පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අධිකරණය භාරයේ නඩු භාණ්ඩයක් ලෙස පැවති අදාළ ජංගම දුරකතනය තම දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත‍්‍රාත්වරයා විසින් අදාළ දුරකතය මුදාහැර තිබෙනවා.