අලුත් ආණ්ඩුවෙනුත් පුංචි කාර් ගෙන්වීම නවතා දමයි! ඉදිරියේදි වාහන මිලත් ඉහළ යන හැටි මෙන්න

ඉදිරියේදී රථ වාහන මිල ඉහළ යනු ඇතැයි වාහන ආනායනකරුවන් සඳහන් කරනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ පවතින දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදි වාහන මිල 15%ත් 20%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවටයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ අතර වාහන ආනයන කිරිම සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාද මාධ්‍ය හමුවකදී අදහස් පළකලා..

එහිදි ඔහු වැඩිදුරටත් පැවුසවේ “පුංචි කාර් ගෙන්වා අවසන්. ගෙන්වන්න අවශ්‍යතාවක් නැති තරමට වුවමනා කට්ටිය ගෙන්වා අවසන්. අපි කියන්නේ ලොකු කාර් හා මැද ප්‍රමාණය කාර් ගෙන්වන අයට බදු වැඩි කළ යුතුයි.

පුංචි කාර් ගෙන්වන අයට බදු අඩු කළ යුතුයි. නමුත් අපි මේ ඉන්න භාර කාර ආණ්ඩුව යටතේ පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි. මොකද අපි මේ ඉන්න ගැටලුත් එක්ක.” යනුවෙනි.

මේ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (28) දිනයේදී රුපියල් 182.27ක් ලෙස වාර්තා වුණා.