සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමට රනිල්ගේ ෆයිල් එක උසාවියට ගිය හැටි..

රජයේ ආයතන සමග ව්‍යාපාරික කටයුතුවල යෙදීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරිමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලමින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම ඉදිරිපත් කොට තිබෙන්නේ යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මිලා ගෝනවල විසිනි. ශර්මිලා ගෝනවල හිටපු අග්‍රාමාත රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ කලක් සේවය කල කාන්තාවක් වීමද විශේෂයකි.

කෙසේ වෙතත් මෙම ලිපිගොනුව ඇය අතට ලැබුණු ක්‍රමය පිළිබඳව අපූරු හෙලිදරව්වක් අප අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වෙය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ෆයිල් කිහිපයක්ම ජනාධිපතිවරයා සතුව ඇති බව පසුගිය කාලය පුරාවට ඔහු කල ප්‍රකාශ වලින් පැහැදිලි විය. මේ බව අවබෝධ කරගත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා අමතා මේ සම්බන්ධව විමසා ඇත.

මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ සුපුරුදු ලෙස තමන්වද, පක්ෂයද විනාශ කරන බැවින් ඔහුට එරෙහිව ක්‍රියාත්මකවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. එය සාර්ථක වුවහොත් තමා පක්ෂ නායකත්වයට පත්වන බවත් ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලබා දිය හැකි බවටත් පොරොන්දු වී ඇති බව වර්ථා වේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව නිසි පිළිතුරක් නොදුන් ජනාධිපතිවරයා අදාල ලිපිගොනුව ශර්මිලා ගෝනවල මහත්මියට බාර දී කෝ වොරන්ටෝ රීට් ආඥාවක් ලබා ගන්නා ලෙස උපදෙස් දී ඇත.

පසුව ඊයේ රාත්‍රී සජිත් ප්‍රේමදාස අමතා ඇති කලක් සජිත් ගේ සමීපතමයෙක් වූ ශිරාල් ලක්තිලක ” ඔන්න ලොක්කා ඔයාගෙ වැඩේ කලා” ලෙස සජිත් ප්‍රේමදාසට දැනුම් දී ඇත.

එම පෙත්සමට අනුව ශ්‍රී ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ ආයතන සමඟ කොන්ත්‍රාත්වලට එළැඹ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම මන්ත්‍රී ධුර දැරීමට නුසුදුසු කමක් සේ අර්ථකථනය කර ඇති බව පෙත්සම්කාරිය සඳහන් කරයි.
වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ ලේක්හවුස් සමූහ ව්‍යාපාරයේ කොටස්කරුවකු බව තමන්ට දැනගැනීමට ලැබී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාරිය, ලංකා බැංකුව සහ මහජන බැංකුවේ චෙක්පත් මුද්‍රණය කරනු ලබන්නේ එම සමූහ ව්‍යාපාරය යටතේ පවතින ලේක්හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් (Lake House Printers and Publishers) පුද්ගලික සමාගම මගින් බව ද පවසයි.
එබැවින් ලේක්හවුස් සමූහ ව්‍යාපාරයේ කොටස්කරුවකු වශයෙන් කටයුතු කරමින් ලංකා බැංකුව සහ මහජන බැංකුව සමඟ කොන්ත්‍රාත්වලට එළඹ ව්‍යාපාරික ගනුදෙනු සිදුකිරීම මගින් රනිල් වික්‍රමසිංහට මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු කමක් උද්ගතව ඇතැයි පෙත්සම්කාරිය සිය පෙත්සමේ සඳහන් කරයි.

මේ අන්දමින් රජයේ ආයතන සමග ව්‍යාපාරික කටයුතුවල නිරත වීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ මන්ත්‍රී ධුරය ද මීට ඉහතදී අධිකරණය විසින් අහෝසි කර තිබෙන බව ඇය පෙන්වා දී තිබේ.