කරූ, අකුලං පස්ස දොරෙන් පිටවේ..! පාර්ලිමේන්තුවේ කථා නායක කාමරය හිස්…

පාර්ලිමේන්තුවේ කථා නායක කාර්‍යාලයෙන් කරු ජයසූරුය මහතා පිටවී ගොස් ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව කිසිවෙක් දැනුවත් කර නොමැති අතර, අද උදෑසන මේ පිළිබඳව හෙළි වූ වග පාර්ලිමේන්තු ආරංචි මාර්ග SL News Lanka වෙත දැනුම් දෙනු ලැබිණ.

කෙසේ වෙතත් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමත් සමඟ කතා නායක කල කාර්‍ය භාරය පිළිබඳව ඉතා දැඩි මතභේදාත්මක කතාබහක් සිදුවිය. විධායකය අභිබවා ව්‍යවස්ථාදායකය ඉහලට ගෙන ඒමට නීතියට පටහැනිව කල කරු ජයසූරිය මහතාගේ ක්‍රියා කලාපය නීති විශාරදයන්ගේ දැඩි විවේචනයට ලක් වෙනු දක්නට ලැබිණ.

දින දහයක් තුල වරක් අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව පිළිගැනීමත් නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගැනීමත්, නැවතත් අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව පිළිගැනීමත් නිසා මේ තත්ත්වය උදා වී ඇති අතර, එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ තම බෑණනුවන් වූ නවීන් දිසානායක වෙත එජාපයේ මීලඟ නායකත්වය භාර දීමේ අරමුණින් කතා නායකවරයා තම බලතල, රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය අයුරින් අවභාවිතා කරන බවයි.

කෙසේ වෙතත් ඉතා පිරිසිදු දේශපාලන භාවිතයක් තිබූ කරූ ජයසූරිය මහතා අද කාර්‍යාලයෙන් ඉවත්ව යන්නේ, ඉතිහාසයේ අපකීර්තිමත්ම කතානායකවරයා ලෙස බැව් දේශපාලන විචාරකයෝ පවසා සිටිති.