පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සූදානම්..? වැඩිම හානිය එජාප තරුණ මන්ත්‍රීන්ට…

බහුතරය 118ට වඩා පෙන්නීමක් කිරීමට හැකියාව තිබියදී, පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අවශ්‍ය මතය විමසන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දේ. කෙසේ වෙතත් මේ පිළිබඳව අද උදෑසන එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා ද මාධ්‍ය සාකච්ඡාවක් තබා මේ තත්ත්වය පිළිබඳව හෙලි කලේය.

මේ තත්ත්වය පිළිබඳව දේශපාලන විචාරකයින් අදහස් පල කරමින් කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයට දැඩි අවාසි සහගත තත්ත්වයක් බවත්, එජාප තරුණ මන්ත්‍රීවරුන්ට එය බරපතල ලෙස දැනෙන්නට පටන් ගනු ඇති බවත් ය.

පසුගිය පළාත් පාලන ඡන්දයේදී ගත් ප්‍රතිපලය සමස්තයක් ලෙස ගත් කල උතුරු නැගෙනහිර දුස්ත්‍රික්කයන් හැර අනෙක් සියළු දිස්ත්‍රික්කයන්හි එජාපය සතු අවම එක් ආසනයක් අහිමි වන බවත් එම ආසනය මහින්ද මෛත්‍රී පිලට අනිවාර්‍යයෙන් හිමි වීමත් මේ වන විට පැහැදිලි බවත් ඔවුන් සඳහන් කරයි. ඒ නිසා පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු පැමිණි බොහෝ එජාප මන්ත්‍රීවරුනට පාර්ලිමේන්තු වරම් අහිමි වනු ඇති බවත්, වසර පහකට කලින් පාර්ලිමේන්තුව විසුරවා හැරීම නිසා ඔවුන්ට විශ්‍රාම වැටුපේ සිට සියළු වරප්‍රසාද අහිමි වනු ඇති බවටත් දේශපාලන විචාරකයින් තව දුරටත් කියා සිටී.

මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරවුවහොත්, දේශපාලන පුරෝකථන අනුව ආසන 20කට වැඩි ප්‍රමාණයක් එජාපයට අහිමි වනු ඇතැයි ද ඔවුන් වැඩි දුරටත් සඳහන් කරයි..