රටේ වත්මන් දේශපාලන පෙරළිය ගැන මුරලිදරන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

බිබිසි සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් රටේ වත්මන් දේශපාලනය පීබදව අදහස් පලකර සිටියා.

එමෙන්ම උතුරේ මෙන්ම දකුණේ දේශපාලකයන්ද ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් දේ ගැන අවධනය යොමු කර ඇති බවත්, ජනතාව ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතීන් වැනි කරුණු නොව තුන්වෙලා අහාර ලබාගෙන දරුවන්ට නිසිලෙස අධ්‍යාපනයක් ලබාදිය හැකි ආර්ථික වටපිටවක් බවද මුත්තයියා මෙහිදි කියා තිබුණා.

එහදිී වැඩිදුරටත් අදහස් දැක්වූ මුරිලි,

“මිනිස්සු මට බනියි. මේකට ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන්, නීතිය වගේ කරුණු දෙවනුවට බලන්න ඕනේ, පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ, ඔවුන් අහන්නේ කෝ කෑම තුන්වේලක්, කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ කරුණු,අතීතයේ දෙපැත්තෙන් ම වැරදි වුණා, මම කියන්නේ නැහැ සිංහල මිනිස්සු ඔක්කොම වැරදියි කියලා, ඒකේ 5% ක් විතර දේශපාලන ගේම්වල අයුතු ප්‍රයෝජන ගත්තා, ඒකෙන් මුළු රටේ ම ප්‍රශ්න ඇති වුණා, ඊට පස්සේ ප්‍රභාකරන් හැදුව දෙමළ මිනිස්සු ගැන පෙනී සිටින එක, ඒක ඉස්සෙල්ලා කරා, පස්සේ එයත් මිනී මරන්න පටන් ගත්තා, එයා ත්‍රස්තවාදියෙක් වුණා.දෙපැත්තට ම හානි වුණා, යුද්ධයකදී අහිංසක මිනිස්සු මැරෙනවා, නැත්නම් ඒකට යුද්ධයක් කියන්නේ නැහැ, එහෙම නැත්නම් සමාකමීව සාකච්ඡා කරලා බේරගන්න ඕනේ.මේ රටේ 80% ක් විතර ඉන්නේ සිංහල බෞද්ධ කට්ටිය, ඒගොල්ලන්ට අයිතියි මේ රට, කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ.මම දක්ෂතා පෙන්වද්දී මුළු රට ම සිංහල, දෙමළ, මුස්ලිම් ද කියල බලලා ද මට සහයෝගය දුන්නේ? මගේ දක්ෂතාවට මේ රටේ පුරවැසියෙක් නිසා මට උදව් කරා.

මේගොල්ලෝ බොරුවට කියනවා අපි මේකට පෙනී සිටිනවා සිටිනවා කියලා, ඇත්තට ම සාමාන්‍ය මිනිහ ගැන බලල නැහැ,මම නම් කියන්න කැමති නැහැ,ඕගොල්ලො ම හිතාගන්න, මේ රටේ ජනාධිපති හැටියට හිටපු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිස්සු ගැන බැලුවේ.අපි පාර්ලිමේන්තුවට යවන්නේ රට පාලනය කරන්න, දුන්නේ වැඩක් කරන්න, ඒක බෑ කියනව නම් දාලා යන්න ඕනේ, නිදහසට කරුණු කියන්න බැහැ, මට පන්දු යවන්න බැරි නම් මම නිදහසට කරුණු 25,000ක් විතර කියනවා, නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ.දුගී දුප්පත් මිනිහව උඩට දාන එක තමයි පළවෙනි ප්‍රශ්නය වෙන්න ඕන,කරන්න බැරි නම් දාල යන්න ඕනේ, තව කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනේ, දැන් බලන්න මෙයා කියනව නම් එයාට තමයි බලය තියෙන්නේ කියලා, ජනාධිපති කියනව නම් එයාට තමයි බලය තියෙන්නේ කියලා, ඕක තර්කයක් විතරයි, විසඳුමක් නැහැ.මේක නීතියෙන් බේරගන්න ඕනේ, මොනව හරි ප්‍රශ්නයක් තියෙනව නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ල නඩුවක් දාලා බේර ගන්න. මේකට මිනිස්සුන්ව අදින්න එපා,”