දඹර අමිල හිමි කලකිරේ.. මහින්ද වෙනුවෙන් සිත හදා ගත යුතුයිලු..

2015 ජනවාරි 8 දින එවකට පැවති ආණ්ඩුව පෙරලා දැමීම සඳහා ප්‍රධාන කාර්‍ය භාරයක් ඉටුකල දඹර අමිල හිමි තම ෆේස්බුක් පේජය හරහා අමුතු කතාවක් කියා තිබේ. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ජනතා විශ්වාසය පාවා දුන් බවත්, රනිල් වික්‍රමසිංහට දිනා දුන් ජන බලය රැක ගැනීමට අසමත් වූ බවත් ය. වැඩි දුරටත් තම අදහස් පල කරන උන් වහන්සේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙනුවෙන් අකමැත්තෙන් වුවද සිත සදා ගැනීමට සිදු වන බවද දන්වා සිටින සේක. උන් වහන්සේ පල කල සම්පූර්ණ අදහස මෙසේය.

–උපුටා ගැනීම–

අද දවසේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවී ඇති දේ පිළිබඳව රටේ සියළු වැසියා කම්පා විය යුතුය.

කටු කොහොලින් පිරි මාවතක් තුලින් අප ලබාදුන් ජනාවරම පාවාදුන් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා පිළිකුලෙන් යුතුව බැහැර කල යුතුය. 2015 ජනවාරි අට අප කර තබාගෙන ගියේ වැරදි පුද්ගලයෙක් බවට අප සිත් තුල තිබූ සැකය මේ වනවිට යතාර්තයක් වී තිබේ..

දිනා දුන් බලය රැකගැනීමටත්, මහ ජනතාව ආරක්ෂා කිරීමටත් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය අසමත් ය. මේ නව නායකයෙකු පිළිබඳ ජාතික කතිකාවතක් ඇති විය යුතු මොහොතයි..

මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ හැර වෙනත් ඕනෑම පුද්ගලයෙකු මේ රට භාරගත යුතුය. මේ වනවිටත් ජනවාරි 8 බලය දිනා දුන් මහා සංඝරත්නය සේම සිවිල් පුරවැසියන් සමඟ වූ සාකච්ඡා දිගින් දිගටම බිඳ වැටෙන්නේ මහින්ද රාජපක්ෂ අතට නැවතත් මේ රට පත්වීමට ඇති ඉඩකඩ වැඩි කරදෙමිනි.

මාතෲ භූමිය වෙනුවෙන්, අකමැත්තෙන් වුවද ඒ සඳහා සිත හදා ගැනීමට අපට සිදු වී තිබේ..

–උපුටා ගැනීම අවසන්–