“පැරදුනත් කමක් නෑ.. ඔයාට කෝටි 15ක් දෙන්න බෑ…” මහින්ද දුන් පිළිතුරෙන් මනූෂ එජාපයට..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ රජයට එක් වී සහයෝගය පල කරන්නට නම් කෝටි 15ක මුදලක් තමන්ට අවශ්‍ය බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සනාත කරයි. නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, පුද්ගලිකව ඒ මුදල් මනූෂ නානායක්කාර මහතාට ලබා දිය නොහැකි බවත්, ගාල්ල ජනතාවට යම් වැඩක් කිරීමට අවශ්‍යනම් ඒ වෙනුවෙන් ප්‍රතිපාදන ලෙස අවශ්‍ය තරම් මුදල් ලබා දිය හැකි බවත් ය.

පාර්ලිමේන්තුව තුල බහුතරය නොමැති වුවත් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැන්මට අල්ලස් නොදෙන බවත්, රට වෙනුවෙන් යහපත් කාර්‍ය භාරයක් සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සියළු මන්ත්‍රීන්ට ලබා දීමට තමන් මුදල් ඇමතිවරයා ලෙස පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට වැඩි දුරටත් පවසා තිබේ.

පාර්ලිමේන්තු බහුතරය මේ වනවිටත් තමන් සතුව තිබෙනා බවත්, යම් හෙයකින් එය නැතිවන්නට කරුණු කාරණා එජාපය කටයුතු යෙදුවහොත්, ජනපතිවරයා සතු නෛතික බලතල උපයෝගී කර ගනිමින් පාර්ලිමේන්තුව විසුරවා හැරීමටත් කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කල බව අභ්‍යන්තර ආරංචි මාර්ග තව දුරටත් සනාථ කරනු ලැබුවා..

කෙසේ වෙතත් මේ පිළිබඳව වූ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව කලකිරුනු සිත් ඇතිව සිටි මනූෂ නානායක්කාරව එජාපය විසින් කෝටි 17කට මිලදී ගනු ලැබූ බව සඳහන්..

2015 ජනපතිවරණයට පෙර තම පක්ෂය මාරු කරනු ලැබූ මන්ත්‍රීවරුන් සේම මනූෂ නානායක්කාරද තම ගණුදෙනුව සිදු කිරීම සඳහා ක්ෂණිකව සිංගප්පූරුව බලා පිටත් වී ඇති බවටද මේ වනවිට තහවුරු වී තිබෙනවා..

තමන්ගේ සහය එක්සත් ජාතික පක්ෂයට ලබා දීමේ නිල සාකච්ඡාවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හා මනෝ ගනේෂන් සමඟ සහභාගී වූ මනූෂ නානායක්කාර එතැනින් කෙලින්ම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

රට වෙනුවෙන් වැඩ කරන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නට මුදල් අමාත්‍යවරයා ලෙසට තමන් සියළු කටයුතු කරන බවද, යමෙක් පෞද්ගලිකව ඉල්ලන සියළු අල්ලස් කිසිවක් ලබා දීමට තමන් කටයුතු නොකරන බවද නව අමාත්‍යවරුන් සමඟ කල සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සඳහන් කල බවද SL News Lanka වෙත සනාත වෙනවා.