කථා නායකට මඥ්ඥං, අඥ්ඥකොරොස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි!

පැවති බල පෙරලිය හමුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු කථානායක අඥ්ඥකොරොස් වී තිබෙන බව සඳහන් වේ. පාර්ලිමේන්තුව තුල අපක්ෂපාතී තනතුරක් හොබවන කරූ ජයසූරිය මහතා පසුගිය දිනවල ඔහුගේ කාර්‍ය භාරය ඉටුකල ආකාරය පිළිබඳව දැඩි මතභේදාත්මක තත්වයකට පත් වූ බව දේශපාලන විචාරකයන් පවසයි…

අද දවසේ එහි කූඨාප්‍රාප්තියට පත් අවස්ථාවක් එලි දැක් වී අතර, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන කථා නායක වරයා පවසා සිටින්නේ බහුතරය පෙන්වන තුරු අගමැති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගන්නා බවයි.

මීට ඉහතදී කථානායක වරයා විසින් අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව පිළිගන්නා බවත්, පාර්ලිමේන්තුව තුල අගමැති අසුන මහින්ද රාජපක්ෂ මැතිතුමන් හට ලබා දීමට අවශ්‍ය කටයුතු කරන බවත් දැන්වීය.

ඊයේ කතා නායක නිල නිවසේදී NGO නියෝජිතයන් හා කල සාක්ච්ඡාවක් පිළිබඳ අප ඔබ වෙත වාර්ථා කල අතර, එහිදී විදෙස් රාජ්‍ය නොවන සංවිධාන වල දැඩි බල කිරීම මත මෙම තීරණය ප්‍රකාශ කල බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කරන දේශපාලන විචාරකයින් පවසන්නේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම කථා නායක වරයා ලෙස කරු ජයසූරිය කියන නම ඉතිහාසයට එක් විය හැකි අවකාශය මේ වනවිට උදා වී ඇති බවයි.