රට රකින ජන මහිමයට සියල්ල සූදානම්..

අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිත “රට රකින ජන මහිමය” සඳහා පාර්ලිමේන්තු වට රවුම ලහි ලහියේ සූදානම් වන අයුරු දැක්වෙන ඡායාරූප අප වෙත ලැබී ඇත.

“සැබෑ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු” යන තේමාව ඔස්සේ සිදු කෙරෙන මෙම මහා ජන බලවේගයට දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් සහභාගී වීමට නියමිතය.

කෙසේ වෙතත් එජාපය හා ජවිපෙ ඇතිකල බොරු මතවාදය වෙනුවෙන් කොළඹට පැමිණි ජන සංඛ්‍යාවට වඩා දැවැන්ත ජනතාවක් මේ සඳහා සහභාගී වනු ඇතැයි දේශපාලන විචාරකයින් අදහස් පල කරති.