“වොඩ්කා ඇල් වතුර කරන තරම් අපිව වට්ටන්න ලේසි නෑ..” – පොහොට්ටුවෙන් රංග බණ්ඩාරගේ කණ හරහා..

පසුගියදා හිටපු අමාත්‍ය පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර විසින් පෞද්ගලික දුරකථන කතාවක් දේශපාලනීයකරණය කරන්න ගත් නිර්ලජ්ජිත උත්සහයක් පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය නිකුත් කෙරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ලේකම් සංජීව එදිරිමාන්න මහතා එහි කියා සිටින්නේ රංග බණ්ඩාරගේ දේශපාලන භාවිතය පිළිබඳව මුළු රටටම ප්‍රශ්ණයක් බවත්, ඒ තත්ත්වයට පොදුජන පෙරමුණ ගොඩ නැගූ පිරිසිදු දේශපාලන භාවිතාව පාවා නොදෙන බවත්ය.

පෞද්ගලික දුරකථන ඇමතුමක් මෙසේ දේශපාලනීය කරණය කිරීම ඉතා නින්දිත කරුණක් බවත්, මේ ප්‍රකාශ වලින් පොදුජන පෙරමුණ සමඟ සිටින ප්‍රගතිශීලී බලවේගයේ මානසිකත්වයට හානියක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, එය මත් වතුර ඇල් වතුර කිරීම තරම් පහසු කරුණක් නොවන බවද රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයා සිතට ගත යුතු බව සංජීව එදිරිමාන්නයන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

අදාල මාධ්‍ය නිවේදනය පහතින්..,