“මහින්දගේ අගමැතිකම නීත්‍යානුකූලයි..” – සුමන්තිරන්ගේ කටින් පනී.. (වීඩියෝ)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් එම තනතුර භාරගැනීම සහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තැබීම ව්‍යවස්ථා විරෝධී බව පැවසීමට අද (3) එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ද්‍රවිඩ සංධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා අතිගරු කාදිනල් මැල්කම් රංජිත් මැතිතුමන් මුණ ගැසීමට ගිය බව වාර්තා වුනා.

එහිදී එතුමන් ඇසූයේ එම පත්වීම ව්‍යවස්තා විරෝධීනම් අධිකරණය හමුවට නොයන්නෙ ඇයිද කියන කරුණයි..

ඊට පිළිතුරු දුන් ද්‍රවිඩ සංධානයේ සුමන්තිරන් මහතා කියා සිටියේ “අධිකරණය හමුවට ගියහොත් තම පාර්ශ්වයට අවාසි සහගත බවයි..”

මෙම ප්‍රකාශය තුලම අගමැති පත්වීම නීත්‍යානුකූල බව ගම්‍ය වන බවත්, එජාපය, ජවිපෙ හා ද්‍රවිඩ සංධානය “ප්‍රජාතන්ත්‍ර විරෝධී” නම් බොරු බෝඩ් ලෑල්ලට මුවා වී ජනතාව කුපිත කරවීම ඉතාම නින්දිත වැඩක් බවත් දේශපාලන විචාරකයෝ පවසති.