අගමැති මහින්දට සුභ පතමින් ජනවේගය කොළඹට..

පසුගියදා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අග්‍රාමාත්‍ය තනතුරින් පිදුම් ලැබීමත් සමඟ වියරු වැටුන හිටපු ආණ්ඩුවේ සහ එම ආණ්ඩුවට ගැති පිරිස මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන හානියට එරෙහිව, මාතෘ භූමියේ ප්‍රගතිශීලී ජනතාව ලක්ෂ ගණනින් එක් රොක් වීමට සූදානම්ව ඇත. ඒ වගේම නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට සුභ පතන්නටද මේ අවස්තාවක් කර ගන්නට නොවැම්බර් 05 පාර්ලිමේන්තු වට රවුමට එක්වන්නට තීරණය කර තිබේ.

නව රජය පත්වීමත් සමඟ ලැබූ ඉක්මන් සහන කීපය වන

  • අඩු වූ තෙල් මිල රැක ගන්න
  • මිල අඩුකල අත්‍යාවශ්‍ය ආහරවල මිල රැක ගන්න
  • ශක්තිමත් කල දේශීය ගොවියා රැක ගන්න
  • සතියෙන් දෙපයින් හිට ගත් කොටස් වෙළඳපල රැක ගන්න
  • මාතෲ භූමියේ ස්වෛරීත්වය රැක ගන්න
  • බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න
  • හිරේ දැමූ රණ විරුවන් බේරා ගන්න
  • ජාතික සම්පත් සුරකින්න

වැනි කරුණු රාශියක් පෙරදැරි කරගෙන ජනතාව මේ සඳහා එක් රැස් වේ.

මේ වනවිටත් එහි සියළු සංවිධාන කටයුතු ලහි ලහියේ සූදානම් වන අතර ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් පැමිණෙතැයි බලාපොරොත්තු වේ..

බලයෙන් නිල නිවසේ රැඳී සිටින හිටපු අගමැති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අවසාන ජනතා ප්‍රතිචාරයද දැක්වීමට මහ ජනතාව බලා සිටිනා බවද, සහභාගී වීමේ ආශාවෙන් යුතුව සිටින ජනතාව SL News Lanka වෙත පැවසීය