මහින්දට එරෙහිව ගෙනා විශ්වාස භංගය කුණු කුඩයට.. හේතුව මෙන්න…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් නව රජයටත් විරුද්ද කතානායක කරු ජයසුරිය මහතා වෙත විශ්වාස භංග යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ දිනයේ පාර දී තිබේ.

හිටපු සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් ඔහුගේ අත්සනින් මෙම යෝජනාව කතානායකවරයාට බාර දී ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම බල ශූන්‍ය බවත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයක විහ්වාසය නැති බවත් යෝජනවේ සදහන්ය.

කෙසේ වෙතත් මෙහි නීතිමය තත්වය නම් පාර්ලිමේන්තු ජනාධිපතිවරයා විසින් වාරාවසාන කර ඇති තත්වයක් මත විශ්වාස භං බාර දිය නොහැක. හේතුව වාරාවසානය යනු පාර්ලිමේන්තුවේ සියළු කටයුතු තාවකාලිකව අත්හිටුවීමයි. මේ බව පැහැදිලිවම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි පරිච්චේදයේ සදහන් වෙයි.

අනෙක් වැදගත්ම කාරණාව නම් විශ්වාස භංගය විවාදයට පෙර අගමැතිවරයා පත් කිරීම නීති විරෝධීදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කතානායකට සිදු වෙයි.