මහින්දට එක් වූ මන්ත්‍රීන් සොයා එජාපය ගෙයින් ගෙට යති.. බැනුම් අහගෙන ආපසු එති.. මෙන්න ෆොටෝ..

මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමත් සමඟ දිනෙන් දින ටිකෙන් ටික තම බහුතරය අඩුවන බව දැනුන එජාපය නව වැඩ පිළිවෙලක් දියත් කර ඇත.

තමන්ගෙන් වෙන් වුන පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ නිවෙස් වලට ගොස් පොරොන්දු දී මුදල් ද ලබාදී නැවත පක්ෂයට ගෙන්වා ගැනීම මෙම නව මෙහෙයුමේ අරමුණයි.

එස්. බී. නාවීන්න, වසන්ත සේනානායක ඇතුලු සියලුම දෙනා මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, නායකත්වය පන්නා දැමුවහොත් පමණක් නැවත පක්ෂයට එක් වීම පිලිබඳව සලකා බලන බව පමණක් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ දවස තුල සිදු කෙරුණු මෙම මෙහෙයුමේ කිසිදු ප්‍රතිපලයක් නොමැති බවත්, හෙට දිනයේදී එම කටයුතු නැවත අරඹන බවත් අරලිය ගහ මන්දිර‍යෙ අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.