රවී රාජිත චම්පික අනතුරේ.. බිලියන ගණන් කප්පම් ඉල්ලලා…

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ අපේ රටට දැවැන්ත විදේශ විනිමයක් ගෙන ආ ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ අධිපති මේජර් නිශ්ශංක සේනාධීර මහතා අපූරු හෙළිදරව්වක් ඊයේ සිදු කරනු ලැබිණ.

ඒ පසුගිය රජයේ අමාත්‍යවරුන් ලෙස සිටි රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ රවී කරුණානායක ඇතුලු තවත් මන්ත්‍රීන් පිරිසක් තමන්ගෙන් බිලියන ගණන් කප්පම් ඉල්ලූ බවයි..

තමන් හා බිරිඳ සිරගත කරන බව පවසා මෙසේ කෝටි ගණන් කප්පම් ලබා ගත් බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ පිළිබඳව සියළු සාක්ෂි තමන් සතුව තිබෙන අතර ඊට දුරකථන හඬපට හා වීඩියෝ සාක්ෂිද ඇතුලත් බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

පසුගිය ආණ්ඩුව තමන් සමඟ වෛරයකින් පෙලුණු නිසා මේ පිළිබඳ හෙලි කරන බවද, නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව මෙම සියළු සාක්ෂි සමඟ නඩු පවරන බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.