මහින්ද TNA එකත් කඩයි.. එජාපය නාය යයි.. පාඨලීට හූ කියයි.. මෙන්න වීඩියෝ…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී තවත් ඇමතිවරුන් දෙදෙනෙකු දිවුරුම් දී තිබේ.

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන එස්.බී. නාවින්න මහතා සංස්කෘතික කටයුතු, අභ්යන්තර කටයුතු සහ ප‍්‍රාදේශීය සංවර්ධන ඇමතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන එස්. විලයාන්ද‍්‍රන් මහතා ප‍්‍රාදේශීය සංවර්ධනය (නැගෙනහිර සංවර්ධනය) නියෝජ්‍ය ඇමති ලෙස දිවුරුම් දී ඇත.

අභ්‍යන්තර වාර්තා අපට වාර්තා කරන ආකාරයට එජාපය තුල දරුණු නායයෑමක් ආරම්භ වී ඇත. අද (2) දිනය තුල ශ්‍රීලනිපය සමඟ නව පුළුල් ආණ්ඩුවක් ඇති කරන බවට පාඨලී රණවකත් රාජිත සේනාරත්නත් මාධ්‍ය සාකච්ඡාවක් තබා පවසා තිබුනත් අද වනවිටත් එකදු ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් එජාපය හා එක් නොවීම නිසා එජාපය තුල දැඩි දෝෂාරෝපණයක් ඔවුන් දෙදෙනාට එල්ල වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ සොයුරු ශාන් වික්‍රමසිංහට අයත් TNL ගුවන් විදුලිය ඔස්සේ ඉතා දැඩි ප්‍රහාරයක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව දියත් කරන බැවින් මේ වන විට පාක්ෂිකයාද ප්‍රභල කම්පනයකින් පෙලෙන බවටද තොරතුරු අනාවරණය වේ.

ඒ අනුව මේ සති අන්තය තුල දේශපාලන වේදිකාව ඉතා ප්‍රභල මුහුණු වරක් ගන්නා ඇති අතර, යලිත් වරක් නාය ගොස් දෙකඩ වූ පක්ෂයක් ලෙස එජාපය ඉතිහාසගත වනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ අතර අද දවසේ තම අමාත්‍යාංශය වෙත ගිය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ඇතුලු පිරිසට සේවකයින් හූ තබා එලවා ගෙන තිබේ..