මහින්ද රාජපක්ෂ සිය දෙවන ඉනිම අරඹයි..! පළමු ඉනිමේ සියළු විස්තර මෙන්න..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ දෙවන ඉනිම නිල වශයෙන් ආරම්භ කරයි.. මේ ඒ නිමිත්තෙනි..

2006 – 2014 පළමු ඉණිමේ ටයිම් ලයින් එක..

වසර: 2006

  • මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
  • ඔක් 27 මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපිත කිරීම
  • අගෝ 05 මුතූර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම
  • අගෝ 08 මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භය
  • අගෝ 15 මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම
  • අගෝ 28 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භය
  • සැප් 04 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීම
  • දෙසැ 08 නැගෙනහිර මුදවා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භය

වසර: 2007

  • ජන 19 වාකරේ ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
  • ජන 25 මොරගහකන්ද – කළු ගඟ නිවුන් ජලශ ඉදිකිරීම් ඇරඹිම
  • පෙබ 12 මහඔය, රඹකැන් ඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
  • මාර්තු 28 මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශය අත්පත් කර ගැනීම
  • අප්‍රේල් 12 A-5 මාර්ගයේ බලය සම්පූරණයෙන් අත්පත් කර ගැනීම
  • අප්‍රේල් 27 මිහින් ලංකා ගුවන් සමාගම සිය මෙහෙයුම් ඇරඹීම
  • මැයි 20 දැදුරුඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
  • ජූලි 11 තෙමසක සටනකින් තොප්පිගල කොටි බලකොටු මුදා ගැනීම
  • ජූලි 11 නැගෙනහිර ත්‍රස්ත බලය අවසන් කල බව නිවේදනය කිරීම
  • සැප් 02 මන්නාරම සිලාවතුරෙයි මුදවා ගෙන වන්නි සටන ඇරබීම
  • සැප් 29 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
  • ඔක් 25 මනම්පිටිය නව පාලම ජනතා අයිතියට
  • නොවැ ?? කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
  • දෙසැ 01 පැලියගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
  • දෙසැ 22 මන්නාරමේ උයිලන්කුලම්, තම්පනායි අත්පත් කර ගැනීම
  • දෙසැ 29 මන්නාරම පරප්පකන්දල් ප්‍රදේශය මුදා ගැනීම

වසර: 2008

  • ජන 15 හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය ඉදිකිරීම් ඇරඹේ
  • පෙබ 23 රම්බොඩ උමං මඟ, නුවරඑළිය මාර්ගය ජනතා අයිතියට
  • පෙබ 28 මන්නාරම යෝධ වැව බලය අත්පත් කර ගැනීම
  • මාර්තු 25 පැලියගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
  • මාර්තු 31 ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය නැවත ජනතා අයිතියට
  • අප්‍රේල් 25 ඓතිහාසික මඩු දේවස්ථානය මුදා ගැනීම
  • මැයි 09 මන්නාරම අඩම්පන් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම
  • මැයි 23 නෙළුම් පොකුණේ ඉදිකිරීම් ආරම්භ කිරීම
  • ජූනි 26 මන්නාරම පෙරියමඩු බලය මුළුමනින්ම තහවුරු කර ගැනීම
  • ජූනි 27 මන්නාරම ආන්දන්කුලම් නගරයෙ බලය අත්පත් කර ගැනීම
  • ජූනි 28 ඓතිහාසික සහල් නැලිය ප‍්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
  • ජුනි 29 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම් ඇරඹිම
  • ජූලි 01 ආරුගම්බේ පාලම ජනතා අයිතියට
  • ජූලි 16 මන්නාරම වෙඩිතලතිව් දරුණු සටනකින් පසු අත්පත් කර ගැනීම
  • ජූලි 20 මන්නාරම ඉලුප්පුකඩවායි කොටි බලකොටුව අත්පත් කර ගැනීම
  • අගෝ 02 මුළු මන්නාරම දිස්ත්‍රික්කයේම බලය තහවුරු කර ගැනීම
  • අගෝ 11 කල්ලෙකුඩා ජැටියේ බලය අත්පත් කර ගැනීම
  • අගෝ 13 කල්විලාන් මුලන්කාවිල් කොටි බලකොටු අත්පත් කර ගැනීම
  • අගෝ 17 මුලතිව් ජීවන් බේස් කොටි බලකොටු අත්පත් කර ගැනීම
  • අගෝ 17 කටුනායක අධිවේගයේ ඉදිකිරීම් ගිවිසුම් අත්සන් තැබීම
  • සැප් 2 මල්ලාවි කොටි පරිපාලන නගරය අත්පත් කර ගැනීම
  • සැප් 22 බටහිර වෙරළේ පාසරායි ප්‍රදේශය මුදා ගැනීම
  • ඔක්‌ 01 නුගේගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
  • ඔක් 28 බටහිර වෙරෙළේ නොච්චිමොඩයි ප්‍රදේශය මුදා ගැනීම
  • ඔක් 29 බටහිර වෙරෙළේ නාච්චිකුඩා අත්පත් කර ගැනීම
  • ඔක්‌ 30 රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යාන ඉදිකිරීම් ඇරඹිම
  • නොවැ 15 ඉතා දරුණු සටනකින් පසුව පුනරීන් අත්පත් කර ගැනීම
  • නොවැ 17 මාන්කුලම් සහ පනික්කන්කුලම් බලය තහවුරු කර ගැනීම
  • දෙසැ 01 A-9 මාර්ගයේ කොකාවිල් නගරය අත්පත් කර ගැනීම
  • දෙසැ 04 මුලතිව් අලම්පිල් වෙරෙළේ බලය තහවුරු කර ගැනීම
  • දෙසැ 04 A-9 මාර්ගයේ පුලියන්කුලම නගරය අත්පත් කර ගැනීම
  • දෙසැ 05 A-9 මාර්ගයේ කනකරායන්කුලම් අත්පත් කර ගැනීම
  • දෙසැ 06 මුලතිව් චෙම්මලේ හා නයාරු කලපුව ප්‍රදේශය මුදා ගැනීම
  • දෙසැ 08 කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය ජනතා අයිතියට
  • දෙසැ 17 මුලතිව් මුල්ලියාවේලි බලය අත්පත් කර ගැනීම
  • දෙසැ 20 රිදියාගම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹිම
  • දෙසැ 21 නැදුන්කර්නි නගරයේ බලය අත්පත් කර ගැනීම

වසර: 2009

  • ජන 01 ඉරනමඩු ප්‍රදේශය මුළුමනින්ම අත්පත් කර ගැනීම
  • ජන 01 පරන්තන් නගරයේ බලය අත්පත් කර ගැනීම
  • ජන 02 කිලිනොච්චි නගරයේ බලය තහවුරු කර ගැනීම
  • ජන 09 අලිමංකඩ ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
  • ජන 14 යාපනේ අර්ධද්වීපයේම බලය අත්පත් කර ගැනීම
  • ජන 15 ධර්මපුරම් කොටි බලකොටුව බිඳ දැමීම
  • ජන 23 නුගේගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
  • ජන 25 මුලතිව් කොටි බලකොටුව අත්පත් කර ගැනීම
  • ජන 28 විශ්වමඩු කොටි බලකොටුව බිඳ දැමීම
  • පෙබ 05 චලෙයි මුහුදු කොටි බලකොටුව බිඳ දැමීම
  • පෙබ 20 තෙවිපුරම් කොටි බලය බිඳ දැමීම
  • මාර්තු 17 ඉරණපලෙයි කොටි බලය බිඳ දැමීම
  • අප්‍රේල් 01 පච්චපුල්මුඩ්ඩෙයි ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
  • අප්‍රේල් 05 පුදුකුඩිඉරිප්පු කොටි බලය බිඳ දැමීම
  • මැයි 16 වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් කොටි බිම්කඩ අත්පත් කර ගැනීම
  • මැයි 18 නැවත ශ්‍රී ලංකාවම එක්සේසත් කල විජයග්‍රාහී දිනය
  • ජූලි 07 දෙහිවල ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
  • ජූලි 11 ගිරුවාපත්තුවේ, වෙහෙරගල ජලාශය මංගල දියවර නිකුත්කිරීම
  • ජූලි 30 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට
  • අගෝ 18 කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹිම
  • ඔක් 20 කින්නියා සහ ඉරක්කන්ඩි පාලම් යෝදයන් ජනතා අයිතියට
  • ඔක් 21 දෙහිවල ගුවන් පාලම ජනතා අයිතියට
  • නොවැ 22 ඉපලෝගම ‘රණජයපුර’ රණවිරු ගම්මානය විවෘත කිරීම
  • නොවැ 27 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීම් ඇරඹිම
  • දෙසැ 07 කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ඇරඹිම
  • දෙසැ 18 ගම්පහ ගුවන් පාලම ජනතා අයිතියට

වසර: 2010

  • පෙබ 25 යුගදනවි විදුලි බලාගාරය දෙවන අධියර ජනතා අයිතියට
  • මාර්තු 22 පුත්තලම මාම්පූරි සුළං විදුලි බල උද්‍යානය විවෘත කිරීම
  • මාර්තු 31 වලස්මුල්ල, කැකිරිඕබඩ ජලාශයෙන් මංගල දියවර නිකුත්කිරීම
  • මාර්තු 31 රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය ජනතා අයිතියට
  • ජුනි 01 කටුනායක කොළඹ සුඛෝපබෝගී දුම්රිය සේවය ඇරඹිම
  • ජුනි 17 කිලිනොච්චියේ ලංගම බස් සේවය නැවත ස්ථාපිත කිරීම
  • ජුලි 14 ප්‍රතිසංස්කරණය කල ඉරණමඩු ජලාශය ජනතා අයිතියට
  • නොවැ 18 මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායේ ‘කරදිය මංගල්‍යය’

වසර: 2011

  • ජන 21 දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
  • ජන 16 සංගුපිඩ්ඩි – කරයිතිව් පාළම ජනතා අයිතියට
  • පෙබ 12 නවීකරණය කල ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
  • පෙබ 20 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
  • මාර්තු 06 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
  • මාර්තු 22 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ 1 අදියර ජනතා අයිතියට
  • මැයි 26 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට
  • ජුනි 06 ලංකාවේ උසම කුළුණ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ විවෘත කිරීම
  • ජුලි 26 අනුරාධපුර ‘අභිමංසල’ රණවිරු නිකේතනය විවෘත කිරීම
  • ඔක් 04 නව මීගමු බස් නැවතුම් සංකීරණය ජනතා අයිතියට
  • ඔක් 11 උප්පාරු, ගංගෙයි, රාල්කුලි, වෙරුගල් සහ කායංකේනි පාලම් සමඟ මඩකලපුව – ත්‍රීකුණාමලය A-15 මාර්ගය ජනතා අයිතියට
  • ඔක් 28 අනුරාධපුර ත්‍රීකුණාමලය A-15 මාර්ගයේ වැඩ ඇරඹිම
  • නොවැ 27 දක්ෂිණ අධිවේගයේ කොට්ටාව ගාල්ල කොටස විවෘත කිරීම
  • දෙසැ 02 නවීකරණය කල කොළඹ ලන්දේසි රෝහල ජනතා අයිතියට
  • දෙසැ 15 නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල ජනතා අයිතියට
  • දෙසැ 16 දකුණු කොළඹ වරාය සහ දියකඩනයේ ඉදිකිරීම් ඇරඹිම

වසර: 2012

  • ජන 03 නෙළුම් කුළුණ ඉදිකිරීම් ගිවිසුම්වලට එලැබීම
  • ජන 20 නෙළුම් කුළුණ ඉදිකිරීම් ඇරඹීම
  • පෙබ 18 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල-කඩවත ඉදිකිරීම් ඇරඹිම
  • මැයි 06 නව දහඅට වංගු සහිත ‘දුම්බර පිවිසුම් මඟ‘ ජනතා අයිතියට
  • ජුනි 06 මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය විවෘත කර මෙහෙයුම් අරඹයි
  • ජුලි 05 බත්තරමුල්ලේ ‘සුහුරුපාය’ ගොඩනැගිල්ලට මුල්ගල තැබීම
  • ජූලි 12 NSBM හරිත විශ්වවිද්‍යාල නගරය සදහා මුල්ගල තැබීම
  • ජුලි 14 ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජනතා අයිතියට
  • අගෝ 16 යාන් ඔය මහා ජලාශයට මුල්ගල් තබා වැඩ ඇරඹිම
  • සැප් 15 දියවන්නා ‘දියත උයන’ ජනතා අයිතියට
  • සැප් 23 වේයන්ගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹේ
  • ඔක් 16 පළමු යානාව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට
  • ඔක් 20 රේස්කෝස් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
  • දෙසැ 11 කඹුරුපිටිය අභිමංසල 2 රණවිරු නිකේතනය විවෘත කිරීම
  • දෙසැ 12 මාන්කුලම් මුලතිව් A-34 නව මාර්ගය ජනතා අයිතියට

වසර: 2013

  • ජන 12 නුගේගොඩ තෙත් බිම් උද්‍යානය-Wetland Park ජනතා අයිතියට
  • ජන 18 ද. ආසියාවේ විශාලතම ධීවර වරාය දික්ඕවිටදී ජනතා අයිතියට
  • පෙබ 12 චුන්නාකම් උතුරු ජනනි විදුලි බලාගාරය ජනතා අයිතියට
  • පෙබ 17 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ජනතා අයිතියට
  • මාර්තු 18 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනතා අයිතියට
  • මාර්තු 22 මඩකලපුව නව කල්අඩි පාලම ජනතා අයිතියට
  • මාර්තු 28 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය විවෘත කිරීම
  • අප්‍රේල් 08 පාදෙණිය – අනුරාධපුර A-28 ‘රාජධානී පිවිසුම’ ජනතා අයිතියට
  • ජුනි 15 ගල්කුලම – යාපනය නව A-9 මහා මාර්ගය ජනතා අයිතියට
  • ජුනි 15 නවීකරණය කල ඉරණමඩු ගුවන් පථය විවෘත කරයි
  • ජූනි 25 මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබීම
  • ජුනි 28 ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශික්‍ෂණ රෝහලට මුල්ගල තැබීම
  • ජූනි 30 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීම් ඇරබීම
  • ජුලි 18 දියගම මොරටුව වි.වි. තාක්ෂණික ආයතනයට මුල්ගල තැබීම
  • ජූලි 20 රඹකැන් ඔය මහා ජලාශයේ මංගල දියවර නිකුත්කිරීම
  • අගෝ 05 දකුණු කොළඹ ජාත්‍යන්තර වරාය ජනතා අයිතියට
  • සැප් 01 නව ඔළුවිල් ධීවර වරාය ජනතා අයිතියට
  • ඔක් 21 හෝමාගම නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය විවෘත කිරීම
  • ඔක් 27 කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට
  • නොවැ 07 මිරිජ්ජවිල වියළි කාලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
  • නොවැ 07 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ජනතා අයිතියට
  • නොවැ 07 සිරිබෝපුර, මිරිජ්ජවිල අන්තර් හුවමාරු ජනතා අයිතියට
  • නොවැ 18 දෙමටගොඩ ‘මිහිඳු සෙන්පුර’ මහල් නිවාස විවෘත කිරීම

වසර: 2014

  • ජන 07 වැලිගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම
  • ජන 16 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
  • පෙබ 17 SLNS සයුරළ නෞකාව නිපද වූ ගිවිසුම අත්සන් කිරීම
  • මාර්තු 8 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල දක්වා විවෘත කරේ
  • මාර්තු 15 දක්ෂිණ අධිවේගයේ ගාල්ල මාතර කොටස ජනතා අයිතියට
  • අප්‍රේල් 19 කොක්කඩිචෝලෙයි මන්මුනේ පාළම ජනතා අයිතියට
  • අප්‍රේල් 25 කුරුණෑගල අභිමංසල 3 රණවිරු නිකේතනය විවෘත කිරීම
  • අප්‍රේල් 27 වාරියපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම
  • මැයි 05 නාරාහේන්පිට නව යුද හමුදා රෝහල විවෘත කිරීම
  • මැයි 16 අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
  • ජූලි 14 ශ්‍රී ලංකා රේගු මන්දිරය විවෘත කිරීම
  • ජූලි 16 ආකේඩ් (Arcade) ඉන්ඩිපෙන්ඩන්ස්‌ ස්‌ක්‌වෙයාර් ජනතා අයිතියට
  • ජූලි 28 මරදානේ ට්‍රිපොලි මාර්කට් හී Knowledge Park විවෘත කිරීම
  • අගෝ ?? සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
  • අගෝ 25 පිටකොටුව පාවෙන වෙළඳපොළ ජනතා අයිතියට
  • සැප් 05 ‘කලම්බූ ගෝල්ඩ් සෙන්ටර්’ ජනතා අයිතියට
  • සැප් 10 බෙල්ලන්විල වේරැස් ගඟ ව්‍යාපෘතිය ජනතා අයිතියට
  • සැප් 16 නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ජනතා අයිතියට
  • සැප් 17 කොළඹ වරාය නගරය ඉදිකිරීම් ඇරඹීම
  • සැප් 18 නැව් සංස්ථාවේ සිලෝන් බ්‍රීස් නෞකාව නිපදවීම ඇරබීම
  • සැප් 20 ගාල්ල ලන්දේසි රෝහල් සංකීර්ණය ජනතා අයිතියට
  • ඔක් 10 සංහිඳියාව රැගෙන යාල් දේවිය නැවත යාපනයට
  • ඔක් 30 ශ්‍රීලංකන් සමාගමේ නවීන A330-300 පළමු යානය දිවයිනට
  • නොවැ 18 තොටලඟ ‘රන්දිය උයන’ මහල් නිවාස ජනතා අයිතියට
  • නොවැ 21 වැල්ලම්පිටිය ‘සිරිමුතු උයන’ මහල් නිවාස ජනතා අයිතියට
  • නොවැ 22 දැදුරුඔය ජලාශය මංගල දියවර නිකුත්කිරීම
  • නොවැ 22 “සඳහිරු” සෑය සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම
  • දෙසැ 01 තොටලඟ ‘මුවදොර උයන’ මහල් නිවාස ජනතා අයිතියට
  • දෙසැ 02 සාලමුල්ල ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස ජනතා අයිතියට
  • දෙසැ 13 කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරාය ජනතා අයිතියට
  • දෙසැ 18 තිරුකේතීශ්වරම් දක්වා මන්නාරම දුම්රිය මග විවෘත කිරීම

2015

  • ජනවාරි 8 – පළමු ඉනිමේ නිමාව..

2018 ඔක්තෝම්බර් 29 – දෙවන ඉනිමේ ආරම්භය..

– විශ්ව චින්තන