“බංකුව තියෙන්නේ වාඩි වෙන්න මිසක් උඩ නගින්න නෙවෙයි” ජවිපෙ සාමාජිකාවක් පෝස්ටර් ගහන්න කරපු වැඩකට ලොකු විරෝධයක්!

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට ඇති විශාලම බාධකයක් වන්නේ ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ විනයක් නොමැති හැසිරීම බව සමාජයෙන්ම එල්ල වන චෝදනාවකි. නිසි තැන කුණු නොදමන, මහා මාර්ග ආදිය අවලස්සන කරන, පොදු දේපළ විනාශ කරන, තමන් ගැන පමණක් සිතනා විනයක් නොමැති පිරිසක් තවමත් ශ්‍රී ලංකාවේ සිටියි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකාවක් මෙලෙසින් පොදු දේපළ පිළිබඳව හෝ තැකීමක් නොකර සිය පක්ෂයේ පෝස්ටර් ව්‍යාපාරයක් සිදු කරන අවස්තාවක ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ දැඩි කතාබහට ලක්ව තිබේ. මෙහිදි පොදු බස් නැවතුම්පලක ආසනයක් මතට නැගී මෙම ජවිපෙ සාමාජිකාව පෝස්ටර් අලවමින් සිටියි.

ෆේස්බුක් වෙබ් අඩවියේ මෙම ඡායාරූපය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබූ අතර බොහෝ දෙනෙක් මෙලෙසින් ආසනය පාගමින් පෝස්ටර් ගැසීම විවේචනය කරමින් ප්‍රකාශ කර තිබුනා. සමාජජාලා ක්‍රියාකාරිකයන් ප්‍රකාශ කර තිබුනේ දේශපාලනය වෙනුවෙන් මෙලෙසින් පොදු දේපළ විනාශ කරමින්, විනයක් නොමැතිව දේශපාලන පාක්ෂිකයන් හැසිරෙන තුරු ශ්‍රී ලංකාව දියුණු කිරීම සිහිනයක් පමණක් බවය.

මීට අමතරව දැන්වීම් ඇලවීම තහනම් කළ තාප්පයක ජවිපෙ පෝස්ටර් කිහිපයක් අලවා තිබෙන ඡායාරූපයක්ද ෆේස්බුක් වෙබ් අඩවියේ ආන්දෝලනයට තුඩු දී තිබේ.

එම අවස්‍තාවන්හී ඡායාරූප පහතින්,

ෆේස්බුක් වෙබ් අඩවියේ පළව තිබූ නිර්මාණයක්