තරඟ පවාදුන් හිටපු නායකයෙක් ඇතුළු වත්මන් ක්‍රීඩකයන් ගැන ICC එක ජනපතිට හා අගමැතිට දැනුම් දෙයි..!

මෙරට කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ සිදු වූ බව කියන දූෂණ හා තරග පාවාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු කි‍්‍රකට් ප‍්‍රධානියෙකුට සහ හිටපු නායකයෙකු ඇතුලූ කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුට චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වනවා.

අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන එ්කකයේ නිලධාරීන් ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට මේ පිළිබද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කී‍්‍රඩකයින් අතර හිටපු නායකයෙකු සහ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකුද සිටින බවටද වාර්තා පළ වනවා. ඔවුන් අක‍්‍රමිකතාවලට සම්බන්ධ බවට වාර්තාද තමන් සතුව ඇති බවයි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙහිදී පවසා ඇත්තේ.

මුදලට තණතීරු සැකසීම සම්බන්ධයෙන් කි‍්‍රකට් ආයතනයේ ජාත්‍යන්තර තණතිලි සහ පහසුකම් සැපයීමේ නිලධාරියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම ක්‍රීඩකයින් සහ නිලධාරීන්ගෙන් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්ධන එ්කකයේ නිලධාරීන් ඉදිරියේදී ප‍්‍රශ්න කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වන නුවන් සොයිසාගෙන් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඉකුත්දා ප‍්‍රශ්න කළා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තරගාවලියක් සම්බන්ධයෙන්.