නිවසටම ඇවිත් වෙඩි තබා තරුණිය පැහැරගත් කතාවේ සුළමුළ හෙළිවෙයි..!

අම්බන්තොට වලේවත්ත මාමඩල ප්‍රදේශයේදී ඊයේ (02) දා 17 හැවිරිදි තරුණියක පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රටේ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුනා. තරුණියගේ නිවසට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනිඅවි සහ තවත් ආයුධ පෙන්වා එම තරුණිය පැහැර ගෙන ගිය බවයි ඇයගේ දෙමාපියන් පොලිසියට ප්‍රකාශ කර තිබුනේ.

කෙසේ නමුත් මේ වන විට සිදුකර ඇති පොලිස් විමර්ශන වලට අනුව අදාල තරුණියගේ පෙම්වතා තම මිතුරන් සමඟ පැමිණ මෙම පැහැරගැනීම සිදුකර ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා. වසර ගණනාවක සිට මෙම තරුණිය අදාල තරුණයා සමඟ පෙම් සබඳතාවයක් පවත්වා ඇති අතර එයට තම දෙමාපියන් විරුද්ද වීම නිසා තම පෙම්වතා සමඟ පැනයාමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව අදාල තරුණිය විසින් තම පෙම්වතාට දුරකතනයෙන් කතා කර තමන්ව රැගෙන යන ලෙස ඉල්ලා ඇති අතර රාත්‍රී කාලයේ තම දියණිය නිවසේ දොර ඇරීමට උත්සාහ කර ඇති අතර දෙමාපියන් විසින් ඊට ඉඩ ලබා දී නැහැ. එම අවස්ථාවේදී පෙම්වතා විසින් දොර කැඩීමට උත්සාහ කළ අවස්තාවේදී වැරදීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වී තිබෙනවා.

මේ අතර සිසුවිය පැහැරගෙන ගිය පෙම්වතාට එරෙහිව නිතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරනු ලබන බවත් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට නියමිත බවත්, තංගල්ල ප්‍රදේශය භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් ප්‍රකාශ කරන අතර සිසුවිය පැහැර ගැනීමට පෙම්වතා සමග පැමිණි අනෙක් තරුණයින් සිවුදෙනා අද දිනය තුලදී පොලිසියට භාර වීමට නියමිතව තිබෙනවා.