නිහඬවම හොරකම් කරන තෙල් ඇමති අර්ජුණ රණතුංග සමග පවුල් පාලනය ඉදිරියට..

කොළොන්නාව නිමාවේ ක්‍රියාත්මක වන විමර්ශණ අංශය විසුරුවා අර්ජුණ රණතුංගගේ විමර්ශණ උපදේශක නාථ ගුණසේකර සහ ඔහුට හිතවත් කණ්ඩායමක් මීට මාස කිහිපයකට පෙර ඇමතිවරයා විසින් පත් කරන ලදී. සංස්ථාවේ සේවකයන්ගෙන් සැදුම්ලත් විමර්ශණ අංශය මගින් සිදු කල විමර්ශණ කටයුතු මෙම කණ්ඩායමට පවරා ඇත.

සංස්ථාව ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා පුද්ගලික ටැංකි රථද භාවිතා කරනු ලබන අතර දැවිතෙල් ප්‍රවාහනය සඳහා යොදවා ගනු ලබන පුද්ගලික ටැංකි රථ යොදා ගනිමින් නාථ ගුණසේකර ඇතුළු සහචර කණ්ඩායම මාස ගණනක සිට මහා පරිමාණයෙන් අල්ලස් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

සංස්ථාවේ දැවිතෙල් ඉන්ධන ප්‍රවාහනය සඳහා යොදවාගනු ලබන පුද්ගලික ටැංකියේ ඇති දැවිතෙල් වලට ටැංකි රථ හිමියන්ගෙන් සුළු පිරිසක් විසින් පාවිච්චියට නුසුදුසු කළු තෙල් වර්ග කලවම් කරනු ලබන ජාවාරමක් ක්‍රියාත්මක වන අතර සංස්ථාවේ විමර්ශණ අංශය එම ටැංකි සහ රියදුරන් අත්තඩංගුවට ගෙන දඩ ගසා ඔවුන්ගේ ප්‍රවාහන බලපත්‍රය අවලංගු කල අවස්ථා බෝහෝමයක් තිබුනද කලින් කලට එම පුද්ගලික ටැංකි රථ එම ජාවාරම් කටයුතු වලම නැවත නැවතත් නිරතවන තත්වයක් පවතී.

නාථ ගුණසේකර ප්‍රමුඛ කණ්ඩායම අළුතින් විමර්ශණ කටයුතු ආරම්භ කිරීමත් සමග නුසුදුසු තෙල් වර්ග ඉන්ධන සමග කලවම් කරන ටැංකි රථ අල්ලා එම ටැංකි රථ නිදහස් කිරීම සඳහා ලක්ෂ 25කට අධික විශාල අල්ලස් මුදල් පසුගිය කාලය තුළ ලබාගත් අවස්ථා බොහෝමයක් මේ වන විට වාර්තා වී ඇත. මේ සඳහා සංස්ථාවේ ආරක්ෂක අංශයේ කළමණකාරවරයාගේ සහයට අමතරව ඊට අනුයුක්තව සේවය කරනු ලබන ආරක්ෂක නිළධාරියෙකුගේද සහය ලබා ගනිමින් නාථ ගුණසේකර විසින් මෙම ජාවරම් කටයුත්ත දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් පවති.

ආසන්නම සිද්ධීන් ලෙස,

1. බියගම ප්‍රදේශයට ආසන්නව පදිංචි ටැංකි රථ හිමියෙකුගේ ටැංකි රථයක් මෙලෙස ජාවරාමේ යෙදනවායැයි කියා නාථ ගුණසේකර ප්‍රමුඛ විමර්ශණ කණ්ඩායම එම ටැංකි රථය අත්තඩංගුවට ගෙන බලපත්‍රය අවලංගු නොකර නැවතත් ප්‍රවාහනය සඳහා යෙදවීමට අවස්ථාව ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් ඉල්ලා ඇතත් එම මුදල රුපියල් ලක්ෂ 8කට අඩු කොට අල්ලස ලබා දී නිදහස් වී ඇත.

2. මේ ආකරයට ජාවරම් කටයුතු වල යෙදෙනාවායැයි කියා අත්තඩංගුවට ගත් මිලානෝ ට්‍රාන්ස්පෝර්ට් ආයතනයට අයත් WP LK 3458 අංක දරණ ටැංකි රථයේ නිදහස් කිරීම සඳහා ලක්ෂ 25ක මුදලක් ඉල්ලා ඇති අතර එම මුදල ටැංකි රථ හිමියා ලබාදීම ප්‍රතික්ෂේප කල නිසා එම ටැංකි රථයේ ඉන්ධන සාම්පල ලබාගෙන කොළොන්නාව නිමාවේ රසයනාගාරය වෙත යොමුකොට ඇත. ඒ අතරතුර ටැංකි රථ හිමියාද සාම්පල් පරික්ෂා කිරීමේදී සාම්පල ප්‍රතික්ෂේප වන බව දන්නා නිසා නාථ ගුණසේකරට කථා කොට ටැංකි රථය මුදා ගැනීම සඳහා ලක්ෂ 25ක අල්ලස් මුදල ලබා දීමට එකඟ වී ඇත.

ඒ වන විට අදාල ටැංකි රථයේ සාම්පල රසායනාගාරය වෙත යොමු කර ඇති තිබු අතර රසායනාගාර පරික්ෂණ අනුව අදාල සාම්පල ප්‍රතික්ෂේප කිරීම රසායනාගාර නිළධාරින් විසින් සිදු කර ඇති අතර එම සාම්පල නිවැරදි ප්‍රමිතියෙන් යුතු සාම්පල බවට වාර්තා ඉදිරිපත් කරන ලෙස නාථ ගුණසේකර විසින් සංස්ථාවේ රසායනාගාර නිළධාරින් හට තර්ජනය කර ඇත.

මෙසේ රසායනාගාරය තුළින් වාර්තාවක් ගෙන ටැංකි රථය මුදා ගැනීමට නොහැකි වු කල රසායනාගාර වාර්තාවක් සඳහා ටැංකි රථ හිමියාගෙන් සංස්ථාවේ රසායනාගාරයට අය කර ගත යුතු රු. 227,071.00 ක් වන මුදල ගෙවීම පැහැර හැර සංස්ථාවේ ආරක්ෂක සේවයේ කළමණාකාරවරයාගේ සහයෝගය ලබාගෙන ටැංකි රථය නිදහස් කර ඇත.

මෙම සිද්ධින් සංස්ථාවේ සේවකයන් අතර කතාබහට ලක්වීම හේතුවෙන් ඇමතිවරයාගේ විමර්ශණ නිළධාරියා වන නාථ ගුණසේකර බේරා ගැනීමේ අරමුණින් මෙම අල්ලස් ව්‍යාපාරයට සම්බන්ධ ඉහතින් සඳන් කල ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කල නිළධාරියාගේ වැඩ තහනම් කර ඇත. එම වැඩ තහනම් කල සේවකයාට නොබෝ දිනකින් රැකියාව ලබා දෙනවායැයි පවසමින් නාථ ගුණසේකර ඇතුළු ඇමතිවරයාට අල්ලස් මුදල් ලබාදෙන කණ්ඩායමේ ජාවාරම පිළිබඳව තොරතුරු හෙලි නොකරන ලෙසත් ඒ පිළිබඳව මුනිවත රකින ලෙසත් දන්වා ඇත්තේ එම සේවකයාට නාථ ගුණසේකරට හිතවත් සමාගමක තාවකාලික රැකියාවක් ලබා දෙමිනි.

යහපාලනය ගැන, රටක දියුණුව ගැන, ක්‍රිකට් ගැන කිඹුල් කඳුළු හෙලන සුභවාදී යැයි සිතන පාලකයෙකුගේ කළු පැත්ත හෙලිකිරීමට සිදු වීම පිළිබඳව අපද කම්පාවට පත් වෙන්නෙමු. නමුත් රට වෙනුවෙන් හා උපනූපන් අනාගත පරපුරේ සුභ සිද්ධිය උදෙසා මෙවන් අධම හෙලි කිරීම කල යුතු කාර්යයක් සේ විශ්වාස කරන්නෙමි.