නායකත්වයෙන් ඉවත් වූ මැතිවුස් හතුරුසිංහට දෙහි කපලා යවපු ලියුම මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත ඕවර හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වාට ලිපියක් යොමු කර තිබෙනවා. එහිදි තමන්ගේ ඉල්ලා අස් වීම පිළිබද මෙන්ම බොහෝ තොරතුරු මැතිවුස් සටහන් කර තිබෙනවා.

එහිදි මැතිවුස් සදහන් කරන්නේ පසුගිය 21 වැනිදා පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුව සමග පැවැති රැස්වීමේදී තමන්ට ඉල්ලා අස් වීමට පුහුණුකරු සහ තේරීම් කමිටුව පැවසීම මවිතයට තුඩු දුන් බවයි. සෑම තීරණයක්ම චන්දික හතුරුසිංහ සහ තෙරීම් කමිටුව සමග එක්ව ගත්තද මෙලෙසින් පරාජයේ වගකීම තමන්ට ලබා දීම පවාදීමක් මෙන් හැගෙන බවත් මැතිවුස් සදහන් කරනවා.

පරාජයේ වගකීම නායකත්වය පිට පමණක් පැටවීමට තමන් එකග නොවෙන බවත් මැතිවුස් එම ලිපියෙන් දක්වා තිබේ. කෙසේ වෙතත් පුහුණුකරුගේ සහ තේරීම් කමිටුවේ ඉල්ලීමට කන් දෙමින් තමන් නායකත්වයෙන් ඉල්ලා අස් වන බවටත් මැතිවුස් පවසනවා. තමන්ගේ නායකත්වයෙන් ජයග්‍රහණය කළ තරගාවලි පිළිබදවද මැතිවුස් එම ලිපියේ සදහන් කර තිබේ.

තමන් පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාද වන බවත් එම නිසා පුහුණුකරු සහ තේරීම් කමිටුව අවස්තාව ලබා දෙන තෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන් ක්‍රීඩා කිරීමට සුදානම් බව මැතිවුස් පවසනවා. ක්‍රීඩාවේදී තමන් උපරිමය කිරීමට සුදානම් බවත් ඕනෑම මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට සුදානම් බව මැතිව්ස් සිය ලිපියේ සදහන් කර සිටිනවා. නව නායකයාට සුභ පතන මැතිවුස් ක්‍රීඩකයෙකු වශයෙන් කණ්ඩායමට උපරිම දායකත්වය ලබා දීමට සුදානම් බවත් පවසනවා.