මිලියන 22කට ETI වංචාව සඟවන යහපාලන පෙරගමන් කරුවෙක් වූ උපුල් ජයසූරියගේ කෙරුවාව…

රට තුල බරපතල මූල්‍ය වංචාවක් සිදුකරමින් තැන්පත්කරුවන්ගේ මුදල් අයතා අන්දමින් භාවිත කල එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනය විසින් මේ වන තෙක් තැනපත්කරුවන්ගේ මුදල් ලබාදී නොමැත. එසේ ලබා නොදීමට විවිධ හේතු ඉදිරිපත් කරමින් කල්මරන ETI ආයතනයට මෙම මුදල් තැන්පත්කරුවන්ට නොගෙවන ලෙස උපදෙස් ලබා දෙන්නේ නීතිඥ උපුල් ජයසූරිය ප්‍රධාන නීති උපදේශකයන් පිරිසක් විසින් බව අනාවරණය වේ.

ග්ලෝබල් කන්සල්ටන් නම් වූ නීති උපදේශක ආයතනය හරහා මෙම නීති උපදෙස් ලබාදීමට උපුල් ජයසූරිය විසින් ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 22 ක් බව දැනගන්නට ඇත. (රුපියල් දෙකෝටි විසි ලක්ෂයකි) ETI ආයතනය විසින් ඉදිරියේදී ගැනීමට නියමිත නීති කටයුතු සඳහා නීතිපති දෙපාර්තමෙන්තුවේ සමබ්න්දතාවයෙන් සියල්ල විසඳා තැනපත්කරුවන්ගේ මුදල් නැවත ලබා නොදීමට අවශ්‍ය කටයුතු සැලසීමට එම ආයතනය හරහා නීතිඥ උපුල් ජයසූරිය විසින් පොරොන්දු වී ඇති බවද දැනගන්නට ඇත.

ඒ අතර කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගෙන නඩු කතා කරන තිරිසන් අධම ක්‍රියා වලියක් ගැන අපට වාර්ථා වන්නේ මෙලෙසිනි…

ලංකාවේ නීති පද්ධතිය තරමක් දූෂිතය, එම දූෂිත බව වැඩිවන්නේ යම් යම් නීතිඥවරුන්ගේ හැරිසීම අනුවය. එවැනි කතාවක සුලමුල කෙටියෙන් සඳහන් කර තැබීම වැදගත් වේ. නීතිඥ උපුල් ජයසූරිය යනු කවුරුන්දැයි අමුතුවෙන් සඳහන් කල යුතු නොවන්නේ ඔහු නීති ක්ෂේත්‍රය තුල ප්‍රවීණයෙකු බැවිනි. නමුත් ඔහුගේ එම ප්‍රවීණත්වය භාවිතා කරනු ලබන්නේ කුමක් සඳහාදැයි හෙලිදරව් කරගැනීමට අපට හැකියාවක් ලැබුණි. ඇය අප සමග පැවසූ කරුණු අනුව ඇයගේ ජංගම දුරකථනය වෙත එවූ කෙටි පණිවුඩ කිහිපයක්ම අප වෙත ඉදිරිපත් කලාය.

ඇය නමින් ශෙරොන් (නම මන:කල්පිතය) නැමති විවාහක එක්දරු මවකි. කඩුවෙල ප්‍රදේශයේ පදිංචි ඇයගේ සැමියා මත්කුඩු ජාවාරම හා සම්බන්ධව වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවෙකු ලෙස සිටී. ඇයගේ සැමියාට ඇප ලබාගැනීම සඳහා කිහිප විටක්ම උත්සාහ කලද එය සාර්තක නොවුනු තැන ඇය දන්නා අයෙකු මාර්ගයෙන් නීතිඥ උපුල් ජයසූරිය මුණ ගැසීමට අවස්තාවක් ලබාගත්තාය. ඒ අනුව තවත් තැරැව්කරුවෙකු මාර්ගයෙන් උපුල් ජයසූරිය මුණ ගැසුනු ඇය සිය ගැටලුව කියා සිටියාය. තරමක් රූමත් ඇයගේ කතාවට වඩා නීතිඥවරයාගේ හිත සහ දෑස රැඳී තිබුනේ ඇයගේ රූපය දෙස බව ඇයට දැනුන බව අප සමග කියා සිටියාය. තරමක් අපහසුවක් දැනුනද තිබූ අසරණ තත්වය නිසාම ඒ සියල්ල ඉවසා සිටීමට සිදු වූ බව ඇය අප හමුවේ පාපොච්චාරණය කලාය.

නඩු දිනයට පෙර දිනයක තමා හමුවන ලෙසත්, පළමු නඩු වාරය නොමිලේ පෙනී සිටීමට හැකියාවක් ඇති බවත්, ඒ සඳහා තමා කියන තැනට පැමිණෙන ලෙසත් ඔහු පවසා ඇත. තම ස්වාමියා නිදහස් කරගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා ඇය, උපුල් ජයසූරිය විසින් පැමිනෙන්නැයි දන්වා තිබූ දිනයේ දියගම ඔනිල්රෝ නම් කාමර සේවා සපයන ආයතනයට රැගෙන ගොස් ඇත. ඉතිරි කතාව ඇය අප සමග පවසන්නට මැලි වූ අතර, එක් නඩුවාරයකින් අනතුරුව ඇයගෙ නඩුවට පෙනී සිටීම මගහැර ඇත. පසුව ඔහු විසින් ගත් ලිංගික අල්ලසට හෝ සාධාරණයක් ඉටු නොකර කාන්තාවක්ද අසරණ කොට මගහැර සිටීම කෙතරම් නින්දිත දැයි සමාජයෙන් විමසමු.

ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ දූෂිත බව නැති කිරීමට නම් මෙවන් ගොඩ පෙරකදෝරුවන් එලවා දැමිය යුතු බව අපගේ විශ්වාසයයි.