ගෝඨාභය හොරෙක්ද..? වංචාකාරයෙක්ද..?

අද ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකු විත්තිකරුවන් කරමින් යහපාලන රජය පිහිට වූ විශේෂ ත්‍රි පුද්ගල අධිකරණයේ විභාග වීමට ඇරඹුනු නඩුවේ නඩු නිමිත්ත තමයි මේ.. (මේක බැලුවම සමහර විට ඔබට වැටහෙයි ලංකාවේ උසාවිවල පවත්වන නඩු සමඟ ගත් විට මේ නඩුව ඉතා බරපතල සහ ඉතා සුවිශේෂී නඩුවක් වීමට බලපෑ හේතුව.. කණගාටුවක මහත කියන්නෙ ඒක මට නොතේරීම.. ඒ නිසා මේ නඩුව අහන්න විශේෂ අධිකරණ අවශ්‍ය ඇයි කියලා හිටං ඔබට වැටහෙනවා නම් කරුණාකරලා ඒක අපිටත් තේරුම් කරලා දෙන්න..)

කථාව මෙහෙමයි..,

2014 වසරේ මුල ඩි ඒ රාජපක්ෂ සිහිවටනය සහ කෞතුකාගාරය ගොඩනැගීමට රුපියල මිලියන 33.9 ක කොන්ත්‍රාත් ගිවිසුමකට ඩි ඒ රාජපක්ෂ පදනම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවත් සමග එලබෙනවා.. (ඩි ඒ රාජපක්ෂ පදනම යනු පුණ්‍ය ආයතන කැටගරියේ ලියාපදිංචි වූ රාජ්‍ය නොවන සංවිධානයක්. ගෝඨාභය රාජපක්ෂ එහි සභාපතිවරයා)

මෙහි ඉදිකිරීම් අවසන් වෙන්නෙ ආණ්ඩු පෙරලියට ආසන්න කාලයේ එනම් 2014 නොවැම්බරයේ..

2015 වසරේ (වර්තමාන යහපාලන ආණ්ඩුව යටතේම) ඩි ඒ රාජපක්ෂ පදනම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් විමසීමෙන් අනතුරුව රුපියල් මිලියන 25 ක් ගෙවන ලෙස දන්වනවා..

ඩි ඒ රාජපක්ෂ පදනම 2015 අගෝස්තු 31 එම මුදල ගෙවා දමනවා. තවද ඉතිරි මිලියන 8.9 ක මුදල සමඟ 2017 ජුලි මස 13 වන දින ගිවිසුම් ගත සම්පූරණ මුදල ගෙවා දමනවා..

නමුත් පසුව නාගරික සංවර්ධන අධිකාරියේ මහා නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක යටතේ වන නිලධාරීන්ට අනුව මේ ගණුදෙණුව සම්පූරණ වශයෙන් නොගෙවූ බවත් ගෙවිය යුතු සම්පූරණ මුදල මිලියන 33.9ක් නොව මිලියන 90.8ක් බව දන්වා සිටිනවා..

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ ඩී ඒ රාජපක්ෂ පදනම අතර මේ ගණුදෙණුව සම්බන්ධ මතභේදයක් ඇති වෙන්නෙ මේ අවස්ථාවේදීයි.. ඩී ඒ රාජපක්ෂ පදනමට අනුව එකම අයවීම දෙවරකට ගණනය කිරීමක් සහ ගිවිසුමට අදාල නොවන වෙනත් කාර්යයන්ද (වැවක් ප්‍රතිසංස්කරනය කිරීම) මීට ඇතුලත් කර ඇති බවත් ඒවාට ඩී ඒ රාජපක්ෂ පදනමට වගකීමක් නොමැති බවත් පෙන්වා දෙනවා..

ඩී ඒ රාජපක්ෂ පදනමේ සභාපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ දඩයම් කිරීමට යහපාලන රජය ආරම්භයේ සිට ගත් විවිධ උත්සහයන් අතරට මේ ගණුදෙණුවත් එක් වන්නේ මේ අවස්ථාවේදීයි.. කුප්‍රකට යහපාලන ක්‍රමවේදය අනුවම යමින් සොහොනෙන් හොරා කෑ හොරෙකු ලෙස යහපාලන ආණ්ඩුවේ සියළු පාර්ශවයන්ගේ දායකත්වයෙන් දැවැන්ත මඩ අවලාද ප්‍රහාරයක් ගෝඨාභය රාජපක්ෂ වෙත එල්ල කරන්නෙ ඔහු දඩයම් කිරීමට පසුබිම හැදීමේ අරමුණින්..

පුරුදු පරිදි යහපාලන ආණ්ඩුව උත්සහ කරන්නෙ පොදු දේපල පනතට මුවා වී ඇප නොලැබෙන නඩුවක් හරහා යම් කාලයකට හෝ ගෝඨාභය රාජපක්ෂව රක්ෂිත බන්ධනාගාර ගත කරන්න.. නමුත් ගෝඨාභය රාජපක්ෂ අභියාචනා කිරීමක් මගින් නිවැරදිව කරුණු ගරු අධිකරණයට පෙන්වා දී මේ ගණුදෙණුව පොදු දේපල පනතට අදාල නොවන ආයතන දෙකක් අතර ඇතිවූ වාණිජ ගනුදෙනුවකදී ඇතිවූ ආරවුලක් (DISPUTE) බව පෙන්වා දෙනවා.. ඒ අතර සැබෑවටම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට යම්කිසි මුදලක් වැඩියෙන් වියදම් වී ඇත්නම් සාධාරණ තක්සේරුවකින් පසු එය ගෙවා දැමීමටත් ඩී ඒ රාජපක්ෂ පදනම එකඟ වෙනවා..

ඒ අනුව අභියාචනාධිකරණය පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වලක්වමින් වාරණ නියෝගයක් ලබා දෙනවා.. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ හිරේ යැවීමේ යහපාලන උත්සහය උපන් ගෙයිම ව්‍යාර්ථ වෙනවා..

ඉන්පසු මේ නිමිත්තද තාජුදීන් ඇවන්ගාඩ් පන්නයේ යහපාලන හිඟන්නන්ගේ තුවාලයක් බවට පත් වෙනවා.. ගෝඨාභය රාජපක්ෂගේ නම මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස රටේ ප්‍රබලව ස්ථාපිත වෙනවාත් සමඟ යහපාලන පෙට්ටගමේ තිබූ මේ නඩුව රටේ විශාලතම අපරාධයක් සේ සලකා කඩිනමින් ඇසීමට රාජපක්ෂ කඳවුර විශේෂයෙන් ඉලක්ක කර පිහිට වූ බවට චෝදනා එල්ල වන විශේෂ හයිස්පීඩ් අධිකරණයට යොමු වෙනවා.. ඒ අනුව එම නඩුව අද සිට විභාගයට ගන්නා අතර පළමු දිනයේම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු චූදිතයන් ඇප කොන්දේසි මත නිදහස් වෙනවා.. නඩුව ඔක්තොම්බර් මාසයේ දිනපතා කැඳවීමටද නියමිතව තියෙනවා..

මේ නඩුව බැඳුම්කර වංචාව ගල් අඟුරු වංචාව වගේ ඒවටත් වඩා විශේෂයෙන් කඩිනම් කිරීමට තරම් විශේෂත්වයක් දැක්කොත් විශේෂ අධිකරණ වලට යොමු කර විභාග කිරීමට තරම් විශේෂත්වයක් දැක්කොත් අටපට්ටමට කියන්න කලින් මටත් කියලා යන්න ප්ලීස්.. අනික මෙතනදි කවුරුවත් රුපියලක්වත් සාක්කුවේ දමා ගත් බවට චෝදනාවක් නැතත් ‘සොහොනෙන් හොරා කෑ පල්හොරා’ නම් විරුදාවලිය ගෝඨාභයට දෙන එක නවත්තන්නත් එපා..

– විශ්ව චින්තන